කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය මිතුරාගේ හිත නොතලා මිතුරා තමාගේ ඡායාරූපය අවභාවිත කිරීම වැළැක්වීමට ගත් පොලිස් ලොක්කෙකු පිළිබඳ කතාවක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
මේ පොලිස් ලොක්කා එදා පැමිණියේ තමා ඉගෙනගත් පාසලේ උත්සවයකටය. ඒ නිල ඇඳුමෙනි. උත්සවය අවසන් වූ පසු පොලිස් ලොක්කාට සමකාලීනයෝ රැසක්ම හමුවූහ. එහිදී ආගිය තොරතුරු ද කතා කෙරිණ. සමහරු ඔහු සමග එකට සිට ඡායාරූප ගැනීමට ද පටන් ගත්හ. පොලිස් ලොක්කා උස්පහත් බේදයක් නැතිව කා එක්කත් නිල ඇඳුමෙන්ම ඡායාරූප වලට පෙනී සිටියේය.
අඩිය පුඩිය ගසා රථ වාහන පදවන මිතුරෙක් ද පොලිස් ලොක්කාට ද ඡායාරූපයක් ගැනීමට ඔහුට ආරාධනා කළේය. මිනිහා කතා කළේ තවත් සමකාලීනයන් පිරිසක් මැදය. අනෙක් අයත් එක්ක ඡායාරූප ගැනීම නිසා මේ මිතුරාගේ ඉල්ලීම ද අහක දැම්මොත් එය ඔහුට කරන මදිපුංචි කමක් යයි පොලිස් ලොක්කා සිතුවේය.
එහෙත් ඔහු තමා සමඟ ඡායාරූපයක් ගැනීමට හේතුව ද පොලිස් ලොක්කාගේ සිතට ආවේය. නමුත් ඔහු මේ මිතුරා සමග ඡායාරූපයට පෙනී සිටියේ ඡායාරූපය ගත් කෙනාද හොඳට මතකයේ තබාගෙනය.
මේ මිතුරා සමග ඡායාරූප ගැනීම අවසන්විය. පොලිස් ලොක්කා ඒ සැනින්ම ගියේ ඔහු සමග සිටිය දී ඡායාරූප ගත් අයද සොයා ගෙනය. ප්ලීස් අනේ මල්ලී අර හාදයත් එක්ක ගත්ත ඡායාරූපය මකලා දාන්න. ඔය හාදයා මාත් එක්ක පින්තූර ගත්තේ බීලා වාහන පදවලා අහුවුණාම පොලීසියට පෙන්නන්නයි. ඒක නිසා ඒක මකලා දාන්න කියා මේ පොලිස් ලොක්කා ඡායාරූපය ගත් තැනැත්තාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම ඡායාරූප මකා දැමින.
මිතුරු පොලිස් ලොක්කා සමග ඡායාරූපය ගත් තැනැත්තා හමුවීමට මේ සමගම පැමිණියේ අඩිපුඩි ගසා වාහන පදවන මිතුරාය. ඔහුගෙන් අර ඡායාරූපය තමාගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් එකට එවන ලෙස ඉල්ලා සිටියේය. පොලිස් ලොක්කා එය මකා දැමුවේ යයි කියූවිට ඔහු හෙමිහිට මාරු වී ගිහින්ලු.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ෆොටෝ ගන්න ඇවිත් පටිරෝල් වෙලා