IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හොරු අල්ලා දෙන්න ගිහින් හොරෙන් වතුර අරන් දඩ කාලා

ප්‍රජා ජල ව්‍යාපෘතියක නිලධාරීන් කීපදෙනකු විසින් එහි එකතුවෙන මුදල් අයථා ලෙස පරිහරණය කරනවා යැයි ඉහළට පැමිණිලි කළ පුද්ගලයකු එම ජල ව්‍යාපෘතියෙන්ම හොරොන් ජලය ලබාගෙන 35,000ක දඩයක් කෑ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
බීමට ජලය නොමැති කඳු පෙදෙසක පිහිටි ගම්මානයකි. ගම්වැසියන්ගේ ඉල්ලීම පරිදි රජය විසින් ජල ව්‍යාපෘතියක් මගින් මෙම ප්‍රදේශයට පානීය ජලය ලබාදී ඇත.. ඒ සඳහා කන්ද පාමුල නළ ළිඳක් ඉදිකොට මෝටරයක් මගින් ලබාගන්නා ජලය කඳු මුදුනේ ඉදිකරන ලද ටැංකියකට රැස්කොට නළ මගින්  නිවෙස්වලට ජලය ලබා දී ඇත.


ජලය ලබාගන්නා නිවෙස්වලට ජල මීටරයක් ද සවිකර ඇති අතර ඒ සඳහා සහනදායි අයකිරීමක් ද සිදුකර ඇත. මෙම ජල යෝජනා ක්‍රමයේ සම්පූර්ණ නඩත්තුව පවරා ඇත්තේද එම ගම්වාසීන්ටය. ඒ සඳහා ජල සමිතියක් පිහිටුවා ඇති අතර එහි බහුතරයේ කැමැත්තෙන් පත්වන නිලධාරීන්ට ජල යෝජනා ක්‍රමය බාරදී ඇත.
මේ සමිතියට පත්වී සිටින නිලධාරීන් විසින් එහි එකතුවෙන මුදල් අයථා ලෙස පරිහරණය කරනවා යැයි පවසමින් ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා හැමෝටම අංචි අදිනවා යැයි ප්‍රසිද්ධ මේ ගමේම පදිංචිකරුවකු විසින් රජයේ ඉහළම ආයතනයකට පැමිණිලි කර ඇත.
පෙත්සමක් ආකාරයෙන් නොලියා තමන්ගේ නමින්ම පැමිණිල්ල ගොනු කළ බවත්. හෙට අනිද්දාම ගිනිකාපු උන්ට අළු මළපහ කරන්න වෙනවා යැයි කියමින් පැමිණිලි කළ තැනැත්තා උදම් අනමින් සිට ඇත. 
මේ පුද්ගලයා හා සිද්ධිය දැන සිටියෝ බලාපොරොත්තු වූ පරිදිම පසුගිය දිනක හදිසියේම  පරීක්ෂණ කණ්ඩායමක් මෙම ගමට පැමිණියේය. එම කණ්ඩායම පැමිණියේ ජල කමිටු නිලධාරීන්ගේ නිවෙස්වලට නොව පැමිණිලිකරුගේ නිවසටය. ආරංචියට ගම්වැසියෝ ද පැමිණ සිටියහ.
එම නිලධාරීන් විසින් උදැල්ලක් ගෙන්වාගෙන පැමිණිලිකරුගේ මිදුලේ ස්ථානයක් පෙන්වා එතැන පොළව හාරන්න යැයි උපදෙස් දී තිබේ. එහිදී ජල නළයක් මතුවී ඇති අතර එය එම නිවසේ මීටරයට හසු නොවන සේ හොරෙන් ජලය ලබාගත් නළ මාර්ගයක් බව පරීක්ෂා කිරීමේ දී හෙළිවී ඇත.
එය තමා නොදැන තම නිවසේ සේවය කළ පුද්ගලයෙකු විසින් සිදුකරන්නට ඇතැයි ඔහු පැවසුව ද පරීක්ෂණ කණ්ඩායම එය තමාට අදාළ නැතැයි  පවසමින් නීති විරෝධිව  ජලය ලබාගැනීම වෙනුවෙන් ඔහුට රුපියල් 35,000ක දඩයක් නියම කරමින් එය ගෙවන තෙක් නිවසේ ජලය ද විසන්ධි කර ඇත.
අනුන්ට බඩ යවන්න ඇඹරූ ගුලිය තමන්ටම කැවී පාචනය ගියා වැනි මේ පුවත ගම පුරා ආරංචි වීම නිසා සමාජයට මුහුණ දී ගත නොහැකිව ඔහු දැන් ගෙදරටම වී සිටිනවා යැයි ගම්වාසීහු පවසති.

පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

හොරු අල්ලා දෙන්න ගිහින් හොරෙන් වතුර අරන් දඩ කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site