IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිතේ සහනයට අපූරු විසඳුමක්


මොරගොල්ලාගම සිසිර කැලේගම



තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. 
සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයකිනි. 
පවුලේ එකම දියණිය වේ. පියා කුඩා කාලයේදිම මිය ගොස් ඇති ඇයගේ මවද පසු කලක හදිසියේම මිය ගියාය. මේ නිසා පවුලේ පිරිමි දෙදෙනා පවා ජීවත් කිරීමේ බර ඇයගේ කර මතට පැවරුණාය. ඔවුන් ජීවත් කරන්නට ඇය අනේක විදියේ දුක් ගැහැට වින්දාය.
උගත්කම නිසා ගුරු සේවයට පිවිසීමේ භාග්‍ය උදා විය. ඒ මීට වසර ගණනාවකට පෙරය. ඇය දැන් විශ්‍රාම යාමටද කාලය උදා වී ඇත.
ඒ අතරේ වසර ගණනාවක් තිස්සේ යතුරු පැදියෙන් රැකියාවට ආව ගිය ඇය යතුරු පැදියට සමු දුන්නාය. ඒ මෝටර් රථයක් මිලදී ගැනීම නිසාය. ඒකරාශි කරගෙන තිබු මුදලට අමතරව එය මිලදී ගන්නට බැංකු ණයක්ද ගත්තාය.
“අනේ හොඳයි පැන්ෂන් යන්න ඉස්සරලා ඔයා කාර් එකක් ගත්තු එක නම් නියමයි.”
පවුලේ අය මෙන්ම හිතවත්තු ද සුබ පැතුහ. පාසලට මෙන්ම පවුලේ උත්සව සඳහා ද ඇය තම වාහනයෙන් සහභාගි වුවාය.
එහි උණුසුම යන්නටත් පෙර ඇය වාහනය වික්කාය. නැවතත් ඇය යතුරුපැදි ගමනට බැස්සාය.


“සෑහෙන කාලයක් සැහැල්ලු‍ වාහන පුරුදු වෙලත් ඒක ගත් සැණින් විකුණුවේ ඇයි. ඒක නම් අපරාධයක්” ඇසු දුටු අය පැවසුහ. 
“කට වහගෙන හිටපල්ලා. මේ මල මගුල මගේ හිතට මොන තරම් දස වධ දුන්නා ද කියන්න ඔයාලා දන්නවා ද? මේකෙන් ඉස්කෝලෙට ගියත් නිවනක් නෑ. ඒක ළමයි සූරයිද, ගලකින් ගහයිද, කෑල්ලක් ගලවයිද කියලා හිතෙනවා.
දානෙ ගෙදර ගියත් හිතට සැනසීමක් නෑ. පිනක් දහමකට ගියත් හිත තියෙන්නේ පින්කම ගාව නෙමෙයි වාහනය ගාව. ඒ විතරක් ද බල්ලෙක් බිරුවත්. ශබ්දයක් ඇසුණත් රෑට නින්දක් නෑ මේක හොරු ගන්න ආවද කියලා හිතට වධ දෙනවා. පුදුම මානසික පීඩනයකින් මම හිටියේ. දැන් ඉතිං ණයත් නෑ. බයත් නෑ. බැංකු වාරිකත් ගෙව්වා. ඒකත් වික්කා.
 දැන් පින් දහම් කරන තැනකට ගියත් නිදහසේ පිනක් දහමක් කර ගන්න පුළුවන් අප්පේ... මගේ හිතට දැන් තමයි පුදුමාකාර සැහැල්ලු‍වක් දැනෙන්නේ” ඇය ඉසේ තිබුණු බරක් ඉවත් කළාත් මෙන් නොදැනිම වාගේ කියාගෙන ගියාලු‍.



අදහස් (2)

හිතේ සහනයට අපූරු විසඳුමක්

ගුණරත්න Monday, 05 May 2025 09:09 PM

ගුරුතුමිය ගැන දුක හිතුන, එහෙම දේවල් වලට බය වෙන්න එපා, ඒවාට තමයි රක්ෂණය තියෙන්නේ, හොඳ රක්ෂණයක් දාගන්න, බය වෙන්න එපා.

:       3       4

mangalaTuesday, 06 May 2025 03:26 PM

රක්ෂණ කාරයෝ මොකක් හරි උනාම මේන් කියලා සල්ලි දෙනවද? ෆුල් ඉන්ෂුවරන්ස් එකක් වත් හරියට ආපදාවට ගෙවන්නේ නැති රටක මොනවද මේ කතා. රකෑෂණ ආවරනය ගන්න ගියාම එහෙන් මෙහෙන් කපලා 20% දෙන්නේ. අවුරුදු 5ක් ගෙව්ව ෆුල් ඉන්ෂුවරන්ස් එක නවත්තලා දැම්මා 3rd පාටි එකක්. ඉස්කෝලේ නෝනට මොලේ තියෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site