කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
සිය ආයතනයෙන් ගිය විනෝද චාරිකාවේදී වියදම් වූ මුදල් පියවීමට සභාපතිවරයාගෙන් ලැබුණු අමුතුම බිල්පතක් නිසා දැන් අලි අමාරුවක වැටුණු ආයතනයක සේවකයින් පිරිසක් පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මේ සභාපතිවරයා අති දක්ෂ වැඩකරුවෙකි. කයිය නායකයෙකි. තමන්ට කළ නොහැක්කක් නැතැයි සේවකයින්ට පෙන්වීමට උත්සහ දැරූ අයකු ලෙසට ද ප්‍රසිද්ධය. නිවසත්, ආයතනයත් සමබරව ගෙන යාමට දැරූවේ අවංක උත්සාහයකි. තමන්ට මෙන්ම ආයතනයට ද දෙයක් කරගන්නට උත්සාහ දැරුවේ හේතු දෙකක් නිසාය. වැඩක් නොකළහොත් සිය තනතුර අහිමි වනු ඇතැයි ඇති වූ සාධාරණ සැකය එක හේතුවකි. වැඩෙන් සාක්කුවට වැටෙන මොනරුන් ගණන අනෙක් හේතුවය.
සිය ආයතනයෙන් කෙරෙන විශේෂ කටයුතුවලදී භාර්යාව ඇතුළු පවුලේ අය ද එයට සහභාගි කරවා ගැනීමට ඔහු සෑම විටම උත්සාහ ගත්තේය.
ආයතනයේ සේවක, සේවිකාවන් සඳහා විනෝද චාරිකාවක් ඔහු සංවිධාන කරන්නේ මේ අතරේදීය. මේ සඳහා ඔහු භාර්යාව ඇතුළු පිරිස ද සහභාගි කරවාගත්තේය. සේවකයන්ට එය ප්‍රශ්නයක් නොවීය. රුපියල් ලක්ෂ දහයකට ආසන්න පිරිවැයක් ඒ වෙනුවෙන් වැය කිරීමට තරම් ඔහු සද්ගුණවත් විය. සේවකයෝ මේ විනෝද ගමනින් සතුටු වූහ. සේවකයන්ට එම ගමනේදී ඇති තරම් පහසුකම් සැපයීමට සභාපතිතෙමේ කටයුතු කළේය. ඒ, තමන්ගේ සාක්කුවෙන් නොව ආයතනයේ මුදලින්ය.
විනෝද චාරිකාව නිමා විය. සභාපතිතුමා විනෝද චාරිකාවේදී තමන්ට සැලකූ ආකාරය පිළිබඳව සේවකයෝ මහත් උජාරුවෙන් කතා කළහ. මෙවැනි සභාපතිවරයෙක් සිය ආයතනයට පත්වුණේ තමන්ගේ වාසනාවට යයි ඔවුහු කීහ. ඔවුහු සිතූහ. මෙවැනි වෙස්සන්තර කෙනෙකු වගේ සභාපතිවරයකු යටතේ සේවය කිරීමට ලැබීමත් තමන්ගේ පෙර පිනක් බව ද ඔවුහු කීහ. සිතූහ.
කාලය කෙමෙන් ගෙවී ගියේය. පැවැති නිලවරණයෙන් වෙස්සන්තර සභාපතිට ගෙදර යන්න සිදු වූවේය. මේ ආයතනයට අලුතින් ආ සභාපතිවරයාට වෙස්සන්තර සභාපතිවරයාගේ විනෝද චාරිකාව පිළිබඳව දැනගන්නට ලැබුණේය. ඒ නිසාම ඔහු ඒ වෙනුවෙන් වියදම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වියදම් විස්තරය පිළිබඳ ලිපි ගොනුව පරීක්ෂා කළේය. එහිදී රුපියල් අටදහසකට ආසන්න අමුතුම බිල්පතක් අලුත් සභාපතිවරයාගේ ඇසේ වැදුණේය. ඔහුගේ දෙඇස් උඩ ගියේය. නළල රැලි ගැසුණේය. තොල කට වේළුණේය.
එම විනෝද චාරිකාවට එක්වූ වෙස්සන්තර සභාපතිවරයා සහ ඔහුගේ භාර්යාවගේ පෞද්ගලික සනීපාරක්ෂාව වෙනුවෙන් මිලදීගත් දත් බුරුසු, දත් බෙහෙත්, ඇතුළු දෑ අඩංගු බිල්පතක් එහි තිබුණේය. සභාපතිවරයා වෙස්සන්තර බැවින් ඔහු විනෝද චාරිකාවේදී තමන්ට දුන් සැප ගැන මේ කිසිත් නොදත් මේ ආයතනයේ සේවක, සේවිකාවන් සිටිනුයේ ඒවා මෙනෙහි කරමින්ලු.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘වෙස්සන්තරගේ’ බිලෙන් සේවකයෝ අලි අමාරුවක
ගුණරත්න Monday, 20 October 2025 03:54 PM
අපේ රටේ මිනිස්සුන්ට වුනේත් ඔය වගේම දෙයක්, අපේ මහා කයියනායක උන්නැහේ ඡන්දයට කලින් කිව්වේ අපේ මේවා හරි සුළු වැඩනේ කියලා, අපේ ගොන් බූරු ඡන්ද දායකයෝත් උන්නැහේ පැලවත්ත එකවුන්ට් එකෙන් වියදම් කරලා රට ගොඩ දාවි කියලා හිතුවාද මන්දා... දුන්නා ඉතිහාසගත ජනවරමක්. දැන් කය්යා බිල් ටික මිනිස්සුන්ට යොමුකරලා කියනවා බදු ගෙවපන් කියලා...
vernon Tuesday, 21 October 2025 09:18 AM
මොනවද මේ කතා? ලක්ෂ 10ක් වියදම් කරාලු. අලුත් ලොක්කා ඒ ෆයිල් එක ඇදලා 8000 ක බිලක්ද අල්ලා ගත්තේ?