ලේ පරීක්ෂාවක් කර ගැනීමට දරුවා සමග ගිය මවක ඒ සඳහා අමුතුම තාලයේ වාර්තාවක් ඉදිරිපත් කළ සිද්ධියක් ඇතුගල්පුරවරයෙන් ඇසුණි.
පවුලේ බාල දරුවාය. නිතර නිතර අසනීප වෙනවාය. උණ වැඩි වුණොත් ‘‘ෆිට්’’ එක සැදෙන නිසා උණ ඇතුළු සියලු ලෙඩ දුක් සුවකරන්නට මව නිතර කැප වෙනවාය.
ඒ “ෆිට්’’ එක හැදුණොත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට දරුවා කැටුව ඇයට ද සිදුවන නිසාය.
මේ දරුවාට නිතරම උණ හැදෙන්නේය. කොතෙක් බෙහෙත් ගත්තත් සුවයක් ද නැත.
පවුලේ දොස්තර රෝගි දරුවා පරීක්ෂා කළේය.
“අම්මේ මම බෙහෙත් දෙන්නම්. හැබැයි සුවයක් නැත්නම් ලේ, මුත්‍රා පරීක්ෂාවක් කරලා බලමු.
මම ඒ පරීක්ෂා කළ යුතු දේවල් ලියලා දෙන්නම්“ දොස්තර කීවේය.
ඇය එම තුණ්ඩුවත් රැගෙන ගෙදර ගියාය. බෙහෙත් ටික දරුවාට දුන්නාය. එහෙත් සුවයක් නැත. ඒ අනුව ඇය අදාළ තුණ්ඩුවත් අතට ගත්තාය. දරුවා වඩා ගත්තාය නගරය කරා ගිය ඇය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතට ගොස් සිද්ධිය කීවාය.
“කෝ අම්මේ දොස්තර මහතා පරීක්ෂා කර ගන්නට කියලා දුන්න ලිපිය දෙන්න කෝ. සේවිකාවක ඇසුවාය.
ඇය බෑගයට අත දැමුවාය. තුණ්ඩුවක් ගෙන එය දුන්නාය.
මේක පරීක්ෂණයට අදාළ එකක් නෙමෙයිනේ.
ඇයි නැත්තේ, ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද? ඕක දෙන්න කෝ. කියු ඇයම එය ඉල්ලාගෙන ලොකු මිසී අතට දුන්නාය.
“අයියෝ, අම්මා ඔයා මේ නොකා නොබී පැය ගණනක් දරුවා තියාගෙන පරීක්ෂණයට ගෙනැත් ඇත්තේ ඔයාගේ ලොකු දරුවාගේ හා එයා බඳින්නට යන මනාලියගේ හඳහනේ කේන්දර ගලපා බැලු කොළයක් නේ.’’ ලොකු මිසී උත්තර දුන්නාය.
ඇත්ත තමයි, වෙච්ච වැරැද්ද හමුවේ නිරාහාරව සිටි පැය ගණන ද ඉක්මවා ඇති බැවින් පසු දිනට එන්නට එතැන දී දුන් උපදෙස් මත ඇය දරුවාත් කැටුව ලැජ්ජාවෙන් යුතුව නික්ම ගියාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ලේ පරික්ෂාව කරගන්න හදහන් කොපියක් දීලා