IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ලොක්කාගෙන් කැකිල්ලේ දඬුවමක්


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



තරහ බැඳගත් සේවකයින් පිරිසකට අපූරු දඬුවමක් දුන් ගාලු‍ දිසාවේ ආයතනයක ලොක්කකු ගැන කතාවක් අසන්නට ලැබේ.
මේ ලොක්කා සැඟවී හෝ එළිපිට තමන් විවේචනය කළ සේවකයන් සම්බන්ධයෙන් තරහ බැඳගෙන සිටියේය. ඔහු බල බලා සිටියේ කොයි මොහොතක හෝ ඔවුන්ගෙන් පළි ගැනීමටය. ඔවුන්ට රිද්දවීමටය. ඒ ඔවුන්ව නම්මාගෙන සිය ග්‍රහණයට ගැනීමටය.
කවදාවත්ම නැතිව මේ ලොක්කා ඊයේ පෙරේදා දවසක ආයතනයේ සේවකයන් පැමිණිය යුතු යයි සම්මත වේලාවටත් කලින් පැමිණ සිටියේය. ඔහු ඔහුගේ කාර්යාලයේය. කවදාවත්ම වෙලාවට නොඑන ලොක්කාට හිතවත් සේවකයෝ පිරිස එදා වෙලාවටත් කලින් පැමිණ සිටියහ. ඔවුන් සියලු‍දෙනාම ලොක්කා වටේය.
පැමිණිය යුතු සම්මත වෙලාව අවසන් වන තත්පරයේ මේ ලොක්කා සේවකයකු ලව්වා කාර්යාලයේ දොර වසා යතුර සියතට ගත්තේය. ලොක්කා තමා ඇයි හොඳැයියක් නොදැක්වූ සේවකයින් සියලු‍දෙනාම තත්පරයට, විනාඩියට, දෙකට එළියේය. ඒ කාර්යාලයේ දොර වසා දමා ඇති හෙයිනි. පුදුමය කියන්නේ වෙනදා කවදාවත්ම වෙලාවට නොඑන ගොට්ටන් සියල්ලන්ම මෙදා වෙලාවටම කාර්යාලයට පැමිණ ලොක්කාගේ කාමරයේ රොක්වී සිටීමය. මෙහේම වුණේ ඇයි ද යන්න මේ සේවකයන් සියලු‍ දෙනාටම ප්‍රශ්නයක් විය.


දොර වැසුණු සේවකයන් සියලු‍ දෙනාටම එදා රතු ඉරය. ඒ විතරක්ම නොව, වෙලාවට නොපැමිණියේ යැයි බලු‍ බැනුම්ය. ඇනුම්පදය. තමන්ගේ අඩුපාඩු සොයන්න කලින් වෙලාවට වැඩට එන්න යයි දෝස් මුරයන්ය. එදා දවසම මේ සේවකයන්ට අවුල්ය. මෙහෙම වුණේ කොහොම දැයි සේවකයෝ සිතූහ. එසේ සිතූ මේ සේවකයන්ට යාන්තම් පොටක් පාදා ගැනීමට හැකිවිය. ඒ හිතවත් සේවකයකුගෙන් හිමිහිටය, හොරාටය.
තමන් හෙට කරන්න යන මේ වැඩය ගැන ලොක්කා තමන්ගේ හිතවත් සේවකයන්ට පමණක් දැන්වීමය. ඒ විතරක්ම නොව මේ වැඩේ ගැන කටේ බිම නොහෙලන ලෙස හිතවත් සේවකයන්ද පොරොන්දු කරවා ගැනීමය. මෙය දැනගත් මේ සේවකයන් තමන්ගේ ලොක්කා කැකිල්ලේ රජ්ජුරුවන් වන් කෙනෙකු යයි කීවේලු‍.



අදහස් (0)

ලොක්කාගෙන් කැකිල්ලේ දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site