IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා

ඇල්ල ප්‍රසාද් රුක්මල්



කාමරයට කඩා වැදුණු රිළවකු නිසා තරුණියන් බියට පත්ව අඩ නිරුවතින් කාමරෙන් එළියට පැන හිස්ලූ අත දිවයාමේ පුවතක් බදුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
සරසවි අධ්‍යාපනය හදාරන මෙම සිසුවියෝ නිවාඩුවට ගම්බිම් බලා ගොස් යළි බදුල්ලේ බෝඩිමට පැමිණියහ. ඔවුන් සිය නිවෙස්වල සිටම දිවා ආහාර ද පිළියෙල කරගෙන පැමිණි අතර ඔවුන් ගෙනා ආහාර ඇතුළු ඇදුම් බෑග් බෝඩිම් කාමරයේ මේසය මත තබා ගමන් විඩාව නිවමින් ඔවුහු ඇඳුම් මාරුකරන්නට වූහ.
බදුල්ල ප්‍රදේශයේ රිළවුන්ගේ තර්ජන බහුලව ඇති අතර, එක් සිසුවියක කාමරයේ ජනේලයක් විවෘත කළේ රස්නය නිසාවෙනි.


මේ අතරතුරේ නිවස අසල ගසක සිටි රිළවෙක් ආහාර සුවඳ දැනී එක්වරම ජනේලයෙන් කාමරයට ඇතුළු වී මේසය මතට නැග ගෙන ගමන් මලු‍ දිග හරින්නට විය.
කාමරයට රිංගා ගත් රිළවා දුටු සිසුවියෝ බියට පත්වී යටිගිරියෙන් කෑගසාගෙනම ඇද සිටි අඩ නිරුවත් ඇඳුම් පිටින් දිවගියහ.
මොවුනගේ කෑගැසීම ඇසී අසල්වාසීන්ද එම ස්ථානයට දිව ආ අතර අඩනිරුවතින් සිටි සිසුවියන් පිරිස ඒ අසල නිවසක කාමරයක රඳවා නිවසේ කාමරයේ සිටි රිළවා එළවා දමා සිසුවියන්ට ඔවුන්ගේ ඇඳුම් කාන්තාවක විසින් ගිහින් දීමෙන් අනතුරුව එම ඇඳුම් ඇඳගත් සිසුවියන් පිරිස යළි බෝඩිමට ආවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.

 



අදහස් (0)

රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site