අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු යැයි සිතා සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කළ පුද්ගලයකු එම ගිලන් රථය ආපසු යෑමටත් පෙර රෝහලින් පලා ගිය බව කියැවෙන පුවතකි.
රෝහල් සේවකයකුගෙන් දැනගත් අන්දමට සිද්ධිය මෙසේය .
ඔහු ගොවිතැනින් කුලී වැඩ කිරීමෙන් මෙන්ම රජයේ අස්වැසුම ආධාරයෙන් ජීවිකාව ගෙන යන්නකි.
ගම්බද ප්‍රදේශයක ජීවත් වූ හෙතෙම ගමේ ඇවිද එකතු කරගන්නා එළවළු පලතුරු ටිකක් රැගෙන නගරයේ සතිපොළ පැවැත්වෙන දින නගරයට පැමිණ ඒවා අලෙවි කොට නගරයේ මත්පැන් හලෙන්ම මත්පැන් බෝතලයක් රැගෙන පානය කොට නිවස බලා යෑම පුරුද්දක් ලෙස කරගෙන සිටි අයෙකි.
පසුගිය දිනෙක ඔහු නගරයට ආවේය . ඒ ගමෙන් එකතු කරගත් එළවළු පලතුරු ටිකක් ද රැගෙනය. සති පොළේ දී ඒවා විකුණා සැලකිය යුතු මුදලක් ද අතට ගත්තේය. සුපුරුදු පරිදි නගරයේ තැබෑරුමට රිංගා මත්පැන් ටිකක් තොල ගෑවේ ගමට යන බස් රථය ඉක්මනින් අල්ලා ගන්නටය.
අතේ මුදල් යහමින් තිබූ නිසා ගෙදර යෑම අමතක උනේය. මත්පැන්හලේම රැඳෙමින් තව තවත් මත්පැන් පානය කළේය. වේලාව නොදැනීම ගතවිය. ඒ වන විට මත්පැන් හල වහන්නටත් ආසන්නය. ගමට යන අවසන් බස් රථය ද පිටව ගොස්ය. පයින් යන්නට ද වාරුවක් නැත. මත්පැන්හලෙන් එළියට බැස ගත් ඔහු මහ මඟ වැතිරුනේ කරන්නට අන් යමක් නොවූ නිසාය.
අවසානයේ එය දුටු කීප දෙනකු සුව සැරිය ගිලන් රථයකට කතා කළේ මීටර් දෙතුන්සීයක් එහායින් තියෙන රෝහල වෙත ඔහු රැගෙන යන්නට ක්‍රමයක් නොවූ නිසාය.
අසාධ්‍ය තත්වයේ පසුවැන්නෙකැයි කියූ නිසා කිලෝමීටර් හතළිහකටත් එහා දුරක සිට ගිලන් රථයක් පැමිණියේ ඔහු රෝහලට රැගෙන යන්නටය.
අධික ලෙස මත්පැන් පානය කොට අඩ සිහියෙන් හිටි ඔහු කිහිප දෙනෙකු අල්ලා ගිලන් රථයට පැටව්වේය. ඔහු රැගෙන ආවේ මීටර් දෙතුන් සියයක් මෙහා තිබෙන රෝහලටය. ගිලන් රථයෙන් බසිද්දිම ඔහු කීවේ ‘‘මට ඇති අමාරුවක් නැහැ . මට ගෙදර යන්න ක්‍රමයක් හදලා දෙන්න’’ යැයි කියාය.
එහෙත් සුව සැරියේ සේවකයෝ ඔහු රෝහල්ගත කරන්නට උත්සාහ කළහ. ඒ ඔහු අසාධ්‍ය රෝගියකුයැයි පවසා ඔවුන්ට ඇමතුම් ලබා දී තිබූ නිසාය. එහෙත් රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කළ හෙතෙම ගිලන් රථය සිය රාජකාරි අවසන් කර රෝහල් බිමෙන් පිට වෙන්නටත් මත්තෙන්ම ඔහු පැද්දී පැද්දී රෝහලින් පිටව ගියේ පයින් හෝ නිවස බලා යන බව රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට ද පවසමින්ය.
වියලුව වාර්තාකරු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd