මාවරල පී.එස්. මද්දුමගේ
මිතුරන් දෙදෙනකුගේ ගමනකින් මඟුල් ඔත්තුව වැරදීමේ කතාවක් මොරවක් කෝරළේ ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
කතාව මෙසේය.
මිතුරන් දෙදෙනා නිසි වයස් එළඹී ගැටවර වියේ තරුණයන් දෙදෙනෙකි. එක් මිතුරකුට පෙළවහක් කර ගැනීමට දැඩි අවශ්‍යතාවක් පැවැතියේ මවුපියන්ගේ ඇවිටිලි කිරීම නිසාය. මවුපියන්ගේ යෝජනාවලට තරුණයා කැමැති නොවුණේ යෝජිත තරුණියන් හැඩරුව මදි නිසාය. තමන්ම සහකාරියක සොයාගන්නට කටයුතු කිරීමට ඔහු සිතුවාය.
මේ පිළිබඳව මිතුරාට කී ඔහු හොඳ පවුලකින් තරුණියක ජෝඩු කරදෙන ලෙස ඉල්ලීමක් කළාය. ඉල්ලීම ගැන කල්පනා කළ මිතුරා මනාලියක සෙවීමට දන්නා හඳුනන කීප දෙනකුටම දැනුම් දුන්නේය.
මේ අතර මිතුරාට තවත් යහළුවකු මුහුණු පොතෙන් හඳුනා ගත්, විවාහ අපේක්ෂිත තරුණියක ගැන තොරතුරු දැන්වීය. යහළුවා දුන් තොරතුරු අනුව විවාහ අපේක්ෂිත තරුණිය මුහුණු පොතේ හැටියට ඉතා හැඩකාර ළඳ බොළඳ ළඳක් බව වටහාගත් විවාහ අපේක්ෂිත තරුණයා සහ මිතුරා නියම කරගත් දිනයක තරුණියගේ නිවසට යාමට පිටත් වූහ.
අසා දැනගත් මග සලකුණු ඔස්සේ නිවෙස සොයා ගිය ඔවුනට, දුෂ්කර ගමන් මාර්ගයක් සහිත කුඩා පොල් අතු නිවෙසකට ගොඩ වදින්නට සිදුවිය.
නිවෙසේ හිමිකරු යැයි සැළකිය හැකි, වයසක පිරිමි අයකු ඉදිරියට පැමිණ “ආ මහත්තයල ඇයිද දන්නෙ නෑ ආවෙ? ඉඳ ගන්නකෝ,” කියා විමසුවේය. නිවෙසේ වෙනත් කිසිවකු දකින්නට නොසිටි අතර මිතුරෝ විමසිලිමත්ව නිවෙසේ ආලින්දයේ තිබූ අබලන් පුටු දෙකක අසුන් ගත්හ.
“අපි ආවෙ ෆෙස් බුක් එකේ තිබුණ මඟුල් යොජනාවක් සොයා බලන්න, යැයි මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු කථාව පටන් ගත්තේය.
“අනේ මහත්තයෝ ආව එකට නම් බොහොම පින්. ඒ දැන්වීම දාල දැන් අවුරුදු දෙකක් වෙනවා.
“ කෝ ඉතින් දුව?,” මිතුරා විමසීය.
“කෙල්ල නුවර පැත්තෙ ගාමන්ට් එකක වැඩ කළා. ඒ අතරෙ යාළු වෙච්ච කොල්ලෙක් එක්ක ඒකි පැනල ගිහිල්ල. දැන් කෙල්ලට අවුරුද්දක දරුවෙකුත් ඉන්නව. අපි මඟුල් ඔත්තු හොයන අතරෙ තමයි ඒකි ගෙදරටත් හොරා දීග ගියේ.”
මිතුරන් දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන පුදුමයටත් ලජ්ජාවටත් පත්වී “එහෙනම් අංකල් අපි ගිහින් එන්නම්. ෆේස් බුක් සටහන මකල දාන්න, කියා ඉල්ලීමක්ද කළේ තවත් අය රැවටෙන්නත් අමාරුවේ වැටෙන්නත් ඉඩ තිබෙන බව කියමිනි.
“මදැයි කොළා. නියම මඟුල...” කියමින් මිතුරන් දෙදෙනා නිවසින් බැහැරව ආපසු ගමට ඒමට පිටත් වූහ.
මඟුල් සොයන්න ඕන හොඳට සොයා බලලා යැයි දෙදෙනා දෙදෙනාට කියා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd