ඔහු දන්න දේකුත් නොමැත නොදන්න දේකුත් නොමැත. ඒ තරම්ම දක්ෂයෙකි. ගමේ බාසාවෙන් කියතොත් බක පණ්ඩිතයෙකි.
දිනක් අසල්වැසියකු කියා සිටියේ තම වත්තේ ගල් වැටක මී මැසි ජනපදයක් ඇති බවයි.
ගත් කටටම ඔහු කියා සිටියේ මේ දිනවල මී මැසි ජනපදවල හොඳට පැණි තිබෙන බවයි. තමන් මී කඩන මන්තර දන්නා බැවින් එය කඩමු යැයි යෝජනා කළේය.
ඒ අනුව ඉඩමේ හිමිකරු සහ ඔහු මී පැණි දැමීමට භාජනයක් ද රැගෙන නිවසින් පිටවූහ.
ඔහු මීය අසලට ගොස් කුටු කුටු ගගා මොන මොනවදෝ කීවේය. හෙමින් සිරුවේ ගල් ගැටයක් අයින් කළේය. මී මැස්සෝ එකා දෙන්නා එළියට ආහ. ඔය භාජනේ මෙහෙට ගෙනෙන් ඔහු ටිකක් සැරෙන් කීවේය.
කෙසේ හෝ ඔහුට වැඩේ වැරදිලාය. මී මැස්සෝ එකා දෙන්නා ඔහුට පහර දෙන්න පටන් ගත්තේ ය. එක වරම එළියට පැමිණි මී මැස්සෝ ඔහුට වට කර පහර දුන්හ.
ඉඩම් හිමිකරු පසුපස නොබලා පැන දිව්වේය. ඔහු ද ‘‘බුදු අම්මෝ” කියමින් කෑ ගසමින් වැටි වැටී දිව්වේය.
පසුදා බලනවිට ඔහුගේ මුහුණ ඉදිමිලාය. තොල් පෙරළිලාය. අත පය මහත් වෙලාය. කකුල් දෙක පුළුන් කොට්ට ගෙඩියක් වගේ මහත්ව ඉදිමිලාය. කෙසේ වෙතත් දින දෙක තුනක් යනවිට කරන ලද අත් බෙහෙතෙන් ඉදිමුම අඩු වී තිබිණි.
කඩමංඩියේ දී, මළ ගෙදරක දී , මගුල් ගෙදරක දී ඔහු දකින විට කොල්ලන් කුරුට්ටන් මාමේ මීයක් කඩමු ද කියා ඇසූවිට ඔහු ගෙන් ලැබෙන්නේ හොඳ හොඳ අමුතිත්ත කුණු හරුපය.
බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd