IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මී කඩන්න ගිහින් බක පන්ඩිතයාට වැඩේ වැරදිලා

ඔහු දන්න දේකුත් නොමැත නොදන්න දේකුත් නොමැත. ඒ තරම්ම දක්ෂයෙකි. ගමේ බාසාවෙන් කියතොත් බක පණ්ඩිතයෙකි.
දිනක් අසල්වැසියකු කියා සිටියේ තම වත්තේ ගල් වැටක මී මැසි ජනපදයක් ඇති බවයි.
ගත් කටටම ඔහු කියා සිටියේ මේ දිනවල මී මැසි ජනපදවල හොඳට පැණි තිබෙන බවයි. තමන් මී කඩන මන්තර දන්නා බැවින් එය කඩමු යැයි යෝජනා කළේය.
ඒ අනුව ඉඩමේ හිමිකරු සහ ඔහු මී පැණි දැමීමට භාජනයක් ද රැගෙන නිවසින් පිටවූහ.
ඔහු මීය අසලට ගොස් කුටු කුටු ගගා මොන මොනවදෝ කීවේය. හෙමින් සිරුවේ ගල් ගැටයක් අයින් කළේය. මී මැස්සෝ එකා දෙන්නා එළියට ආහ. ඔය භාජනේ මෙහෙට ගෙනෙන් ඔහු ටිකක් සැරෙන් කීවේය.


කෙසේ හෝ ඔහුට වැඩේ වැරදිලාය. මී මැස්සෝ එකා දෙන්නා ඔහුට පහර දෙන්න පටන් ගත්තේ ය. එක වරම එළියට පැමිණි මී මැස්සෝ ඔහුට වට කර පහර දුන්හ.
ඉඩම් හිමිකරු පසුපස නොබලා පැන දිව්වේය. ඔහු ද ‘‘බුදු අම්මෝ”‍ කියමින් කෑ ගසමින් වැටි වැටී දිව්වේය.
පසුදා බලනවිට ඔහුගේ මුහුණ ඉදිමිලාය. තොල් පෙරළිලාය. අත පය මහත් වෙලාය. කකුල් දෙක පුළුන් කොට්ට ගෙඩියක් වගේ මහත්ව ඉදිමිලාය. කෙසේ වෙතත් දින දෙක තුනක් යනවිට කරන ලද අත් බෙහෙතෙන් ඉදිමුම අඩු වී තිබිණි.
කඩමංඩියේ දී, මළ ගෙදරක දී , මගුල් ගෙදරක දී ඔහු දකින විට කොල්ලන් කුරුට්ටන් මාමේ මීයක් කඩමු ද කියා ඇසූවිට ඔහු ගෙන් ලැබෙන්නේ හොඳ හොඳ අමුතිත්ත කුණු හරුපය.

බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ 

 



අදහස් (0)

මී කඩන්න ගිහින් බක පන්ඩිතයාට වැඩේ වැරදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site