IMG-LOGO

මැස්සකු වැටී ඩබල් ගෙවන්න වෙලා


කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



රජයේ සේවකයකුට හෝටලයක දී මැස්සකු නිසා මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
අදාළ සේවකයා උදෑසන දහයට පමණ තේ බීමට මෙම හෝටලයට ඇතුළුවී වේටර් මහතා අමතා ටී එකක් ගෙන දෙන මෙන් කියා සිටියේ ය. ඇණවුම ලැබුණ සැණින් ගිය වේටර් මහතා හැරෙන තැපෑලෙන් ටී එක මේසය මතට රැගෙන ආවේ ය. 
ඒ මොහොතේම රාජ්‍ය සේවකයාට ඔහු සේවය කරන අදාළ ආයතනයේ ප්‍රධානියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, එය වැදගත් තොරතුරක් සම්බන්ධව සාකච්ඡාවක් බවට පත්විය. 
මේ අල්ල පනල්ලේ මේසය මත වේටර් මහතා උණු උණුවේ තේ කෝප්පය ගෙනවිත් තිබුව ද තේ එක තොල ගානවට වඩා ආයතන ප්‍රධානියාගේ දුරකථනය වැදගත් නිසාම තේ පානය කිරීමට අවධානයක් නොවීය.
මේ මොහොතේ හෝටලය තුළ මැස්සෝ පෙළපාළි යමින් සිටියහ. එම පෙළපාළියේ එක දඩබ්බර මැස්සකු ටී කෝප්පයට පැන්නේ ය. අහෝ ඛේදයකි. ඉරකි. තිතකි. රාජ්‍ය සේවකයාගේ දුරකථන ඇමතුම අවසන් විය. කිරි කෝප්පය අතට අරගෙන ඔහු එක උගුරක් බිව්වේ ය. ටී කෝප්පයට පැනපු මැස්සා උඩුබැලියන් අතට දිගාවී රාජ්‍ය සේවකයා දෙස අසරණව බලා සිටින අයුරු දුටු ඔහු දැඩි ලෙස අප්‍රසන්නතාවට පත්ව වේටර් මහතාට කතා කළේය. 


“බලන්න මල්ලි, මේ ටී එක බොන්න බැහැනේ. මේකට මැස්සෙක් වැටිලානේ”‍ යැයි කාරුණිකව පෙන්වා දුනි. වේටර් මහතා ක්ෂණිකව මැස්සා වැටුණු ටී කෝප්පය වහා එතනින් ඉවතට ගෙන ගොස් ඒ වෙනුවට යළි නැවුම් ටී කෝප්පයක් දුන්නේ ය.
ටී කෝප්පය බී අවසන් කළ ඔහු මුදල් ගෙවීමට කවුන්ටරයට ගොස් ටී කෝප්පයකට මුදල් දුන්නේය. “ටී එකක් නොවේ, ටී දෙකකට මුදල් ඕනේ, මැස්සා වැටුණේ අපේ වැරැද්දෙන් නෙවෙයිනේ මහත්තයෝ. මහත්තයා ඒක බොන්න පරක්කු වුණානේ. ඒක නිසා අපට කරන්න දෙයක් නෑ. ටී දෙකකට සල්ලි දෙන්න”‍ යැයි පවසා ඇත. 
විනය ගරුක අප රාජ්‍ය සේවක හිතවතා වාද කිරීමට නොගොස් ටී දෙකකට මුදල් ගෙවා හෝටලයෙන් පිටත් විය. 
ඔහුගේ කාර්යාල හිත මිතුරන්ගෙන් මේ පිළිබඳව විමසන විට, විවිධ උත්තර දෙන බවත්, කෙසේ වුවත් මෙම රාජ්‍ය සේවකයාගේ මැස්සෙකු නිසා හිතේ ඇති වූ කොස්සක් තවමත් පහව ගොස් නොමැති බව දැනගන්නට ඇත.



අදහස් (0)

මැස්සකු වැටී ඩබල් ගෙවන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 549 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 977 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site