IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මව අන්දවා පදමට ගහලා

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගමක සිදුවූ අපුරු සිදුවීමකි.
ඇය වයෝවෘද්ධ කාන්තාවකි. සිය සැමියා වසර කිහිපයකට ඉහතදී මිය ගියේය. ජීවත් වූයේත් රජයෙන් ලැබෙන පිං පඩියෙන් හා අවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන උදව් උපකාර වලිනි.
දරුවන් දෙදෙනකු සිටියද ඔවුන් තම මව ගැන එතරම් සොයා බැලුවේ නැත. ඔවුහු විවාහ වී දරුමල්ලන් හදාගෙන වෙන වෙනම ජීවත් වූහ.
සැමියා ජීවත්ව සිටි සමයේ නිවස ආසන්නයේ ඉඩමක ගම්මිරිස් වගා කර තිබිණි. වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන නිසා ගස් නැග ඇයට ගම්මිරිස් කඩන්නට බැරිය.
ඒ නිසා තම වැඩිමල් දරුවාට පණිවුඩයක් යවා ගම්මිරිස් ටික කඩා දෙන ලෙසට ඉල්ලා සිටියාය.  


ඔහු  අණ්ඩ කපටියෙකි. පසුදා උදෑසන ගම්මිරිස් කැඩීමට අවශ්‍ය කවර සහ ඉනිගමක් රැගෙන ඉහත කී වත්තට පැමිණියේය. මේ දිනවල ගම්මිරිස් මිලද ඉහළ ගොස් තිබිණි.
ඔහු දවස පුරාම කවර දෙක තුනක් පිරෙන්න ගම්මිරිස් කඩා ත්‍රිරෝද රථයකින් නගරයේ ගම්මිරිස් මිලදී ගන්නා වෙළඳ සැලකට අලෙවි කර තැබෑරුමකට ගොස් හොඳ හැටි මත් පැනින් පදම් වී සවස් වනවිට තම මව පදිංචි නිවසට පැමිණියේය.
අනේ මගෙ පුතා ආවද.....? දවසෙම මහන්සි වෙන්න ඇති මව කීවේය.
ඒ අනුව තම මවට රුපියල් 850ක් දුන්නේය. මව එය ගුලි කරගෙන හැට්ටය  අස්සේ ගසා ගත්තාය.
මම යනවා අම්මේ කීයා ඔහු නිවසින් පිටව ගියේය. 
ඔහු නොපෙනී යන තුරු දෑස් නොවසා මව බලා සිටියාය.  
පදමට වෙරි වී සිටි ඔහු මිතුරන් කිහිප දෙනෙකුට කියා තිබුණේ අම්මගෙ ගම්මිරිස් කැඩිල්ලෙන් රුපියල් විසි දහසක පමණ මුදලක් ලැබුණු බවයි. 

බලංගොඩ බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ



අදහස් (0)

මව අන්දවා පදමට ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site