කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
සිය පාලන කාලයේ සිය සමිතියේ කාර්යක්ෂමතාව පෙන්වීමට ගිය අවමංගලාධාර සමිතියක කට්ටියකට කවදාවත්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
මේ ගමේ සමිති සමාගම් රැසකි. ඒ අතරින් අවමංගල්‍යාධාර සමිතියට හිමිවන තැන ඉහළය. ප්‍රමුඛය. ඒ ගමේ මරණයකදී මඟුලකදී සියල්ලටම පිහිටට එන්නේ මේ සමිතිය නිසාය. විශේෂයෙන් මරණයකදීය. මේ නිසා මේ සමිතියට නිලධාරීන් පත්කර ගැනීමට ඇත්තේ ලොකු තරගයකි. ඒ අය පත් වෙන්නේ ඡන්දයෙනි. නැතහොත් මනාපයෙනි.
මෙවර පත්වූ නිලධාරී මණ්ඩලය සෑම විටම උත්සාහ ගත්තේ පසුගිය නිලධාරීන්ට වඩා තමන් කාර්යක්ෂම බව පෙන්වීමටය. ගමේ මරණයකදී දේහය ගෙට ගැනීමටත් පෙර ඒ අය සිය සමිතියේ කොඩි දැම්මේත් ඒ නිසාය. ටෙන්ට් පුටු ඒ නිවසට ගෙනත් බෑවේ ද ඒ නිසාය.
එදා ද මේ සමිතියේ පිරිස ගමේ පොදු සුසාන භූමියේ සිට මග දිගට සුදු කොඩි දමමින් සිටියහ. කවුද ගමේ මැරී ඇත්තේ යන්න කවුරුත් සෙවූහ. කොඩි දමන අය කීවේ අසවල් ආච්චී බවයි. ගමේ ඇත්තෝ මේ සම්බන්ධයෙන් සොයා බැලූහ. මේ අය කියූ ගමේ වයෝවෘද්ධ ආච්චි කෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ බවත් ඇය තවමත් නොමැරී රෝහලේ සිටින බවත් දැනගන්නට ලැබිණ.
කොඩි දමන පිරිසට මේ පණිවිඩය ගමේ අය දැන්වූවිට ඔවුනට තරු පෙනුණි. සොයා බැලුහ වැඩේ ඇත්තය. දැමූ සුදු කොඩි ඔවුහු ගලවන්න කටයුතු කළහ.
සිදුවී ඇත්තේ මේ අවමංගලයාධාර සමිතියේ කෙනෙකු රෝහල් ගත කළ මේ ආච්චි අම්මා ගැන සිටියේ විමසිල්ලෙනි. ඒ නිසාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ සිටින මේ ආච්චි අම්මා ගැන ඇයගේ පුතෙකුගෙන් විමසුවේය.
අම්මා නම් තව විනාඩි දහයකින්, පහළවකින් විතර මැරේවී. දැනටත් ඉන්නේ පණ ඇද ඇද. කොහෝමත් තව විනාඩි දහයකින් පහළොවකින් මැරෙන එක ෂුවර්. අපි ඉන්නෙත් එතුන යයි මේ පුතා කීවේය. මේ සාමාජිකයා පැය දෙකකින් පමණ සිය සමිතියේ අයට මේ බව දන්වා ආච්චි අම්මා මිය ගොස් ඇතැයි සිතා ඔවුන් සුදු කොඩි ඇඳීමට කටයුතු කළේ ආච්චි අම්මාගේ දේහය නිවසට ගේන්නත් කලින් තමන් ක්‍රියාශිලී බව පෙන්වීමටලු. පණ පිටින් ඉන්න මිනිස්සු මරණවා යයි මේ සමිතියේ අයට ගමේ අය දැන් දොස් කියන්නේ හෙමින් නෙමේලු.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැරෙන්න කලින් සුදු කොඩි දාලා