කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
වයස්ගත මාමණ්ඩිය නිවෙසින් එළවන්න ගිය ලේලියකට නිවෙසින් යන්න සිදු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්න ලැබේ.
මහගෙදරය. සිටියේ පවුලේ බාලයා සහ ඔහුගේ භාර්යාව සහ ඔවුන් දෙදෙනාගේ එකම පිරිමි දරුවාය. මහගෙදර ඔවුනට ඉන්න හිටින්න ලැබුණේ පියා බලාගැනීමේ පොරොන්දුව මතය. බඩපිස්සා පියා හොඳින් බලාගත්තේය. ඔහුව අනුගමනය කරමින් ඔහුගේ භාර්යාව ද මාමණ්ඩියට කිසිදු අඩුවක් නැතිව සැලකුවේය.
මේ අතරවාරයේදී බඩපිස්සා රට ගියේය. ඒ, ඔවුනගේ පවුලේ ආර්ථිකය ඉහළ දමා ගැනීමේ අරමුණෙනි. එවිට මහගෙදර ඉතිරි වූයේ ලේලියත්, දරුවාත්, මාමණ්ඩියත් පමණි. සැමියා රට ගිය පසු ඇයට මාමණ්ඩිය බරක් විය.
එයට හේතු රැසකි. එකක්, වයස්ගත මාමණ්ඩිය රෑට රෑට නිදි පැදුරේම මුත්‍රා කිරීමය. ඇයට සිතූ සිතූ ගමන් බිමන් යෑමට නොහැකි වීම ද තවත් හේතුවකි. කොහේ ගියත් ඇයට කෙටි වේලාවකින් සිය නිවෙසට ඒමට සිදු වූයේ වයස්ගත මාමණ්ඩියට කෑම බීම දීමට සිදුව ඇති නිසාය. රෑ පුරාම නිදි වර්ජිතව සිටි මාමණ්ඩිය ශබ්ද නගා ගාථා ශොලෝක කීම ද මේ අතරය. තවත් හේතු ඊට නොතිබුණාම නොවේ.
මේ අතරේදී මහ රෑ යක්කු ගස් නගින වේලාවට රෑට රෑට මාමණ්ඩිය හොල්මනක් දකින්නට විය. සුදු රෙද්දකින් වසා ගත් අයකු තමා ඉදිරියේ පෙනී සිට අතුරුදන් වීම මේ හොල්මනය. ඇවිදගෙන යාමට නොහැකිව සිටි මාමණ්ඩිය මේ හොල්මන දැකීමත් සමගම හොඳටම බිය වූවේය. ඒ එක්කම මහා හයියෙන් ඔහු කෑගැසුවේය. ඒ වේලාවට ලේලිය මේ වයස්ගත මාමණ්ඩියට සැර වූවාය. “මේ මොන හොල්මනක් ද? මේ ඇති හොල්මනක් නැහැ” කියමින් ඇය මහ රෑ බෙලිකටු මල්ල සෙලවූවාය.
අවසානයේදී මේ හොල්මන නිසා හොඳටම බය වුණු මාමණ්ඩිය දීග ගිය සිය දරුවන් සිව් දෙනා මහගෙදරට කැඳවා තමා රෑට රෑට දකින හොල්මන ගැන කීවේය. ඒ අවස්ථාවේදී ලේලිය සහ ඔහුගේ සුරතල් සිඟිති පුතු ද එහි වූහ. “අනේ මොන හොල්මනක් ද, සීයාගේ කාමරය ළඟට සුදු රෙද්දකින් ඔළුව වසාගෙන යන්නේ අපේ අම්මානේ” යයි සිඟිති පුතු කට ඇද කර කර කීවේ හැමදෙනාගේම දෑස් නෑණන්ඩිය වෙතට යොමු කරවමිනි. හොල්මන් කතාව දරුවෝ සියලු දෙනාටම තේරුම් ගියහ. නෑණන්ඩියට වහාම නිවෙසින් පිටව යන්නට ඔවුහු කීහ. පියා බලා ගැනීමට කුලියට කෙනකු මහගෙදර නතර කිරීමට දරුවන් සියලු දෙනාම කතිකා කරගත්තේලු.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාමණ්ඩිට හොල්මන් පෙන්නා ලේලියට වැඩ වැරැදිලා