IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිනියට දාන්න ගෙනා පොරි “බයිට්’’ එකට අරන්


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



මළගෙදර මත්පැන් පානය කිරීමට ගත් අමුතුම කට ගැස්මක් නිසා මළගෙදර ඇත්තන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
සතර දිසාවෙන් තරුණයන් ඇතුළු බාල මහලු‍ අය මේ මළගමට නිදි මැරීමට එදා රෑ පැමිණ සිටියහ.
මළගෙදරට එන අයට රෑ කෑම සකසා තිබුණේ අසල්වැසි ගෙදරකය. කෑම ගෙන ආවේ කේටරින් සර්විස් එකකිනි. මළ ගෙදරට පැමිණි අය පින්කම් පොළකට පැමිණියාක් මෙන් මදිනොවන්න හිතේ හැටියට කෑහ. මාලු‍ මෙන්ම කුකුළු මසුත් තිබුණේය. තව කට්ලට් වැනි අනම්මනම්ද එහි විය.
ඒ අස්සේ කට්ටිය තැන් තැන්වල සෙට්වී සිටියහ. ඒ අඳුරේය. සැන්ඩි සඳහා භාවිත කළේ ඇල්ටොනික්ය. නැතහොත් ඇල්වතුරය. කට ගැස්මට ගත්තේ රෑ කෑමට ගෙනවිත් තිබුණු කුකුළු මස් හා මාලු‍ය. වැඩිමනක්ම ගත්තේ කුකුළු මස්ය. කට්ලට් බෝල ගත්ත අයද වූහ. ඔවුන්ගේ සෙට්වීම කෙසේදැයි කීවොත් මළ ගෙදර රෑ කෑමට රැගෙන ආ මස්, මාලු‍, කට්ලට් වේලාසනින්ම නිමාවට පත්විය. ඒත් පිරිස සිය රාජකාරිය අත් නොහලෝය. ඔවුන් තව තවත් වැඩය. බෝතල් එන්නේ ගලාගෙනය.


ඒ අතරින් වෙරිවූ කොල්ලන් ටිකකට තවත් බෝතලයක් එන්නේ අඳුරේමය. අඳුරේ සිටි ඔවුන්ට සැන්ඩි නම් ප්‍රශ්නයක් නොවීය. ඒ ඇල්ටොනික් ඕනෑවටත් වඩා තිබූ නිසා ප්‍රශ්නය කට ගැස්මය. කොල්ලෙකු මේ නිසා කෑම සැපයූ නිවසේ අඩ අඳුරේ තිබූ මුළුතැන් ගෙය අතපත ගෑවේය. එහිදී ඔහුට හුළං නොවදින සේ ෂොපින් බෑගයක ගැට ගැසූ පාර්සලයක් හමුවුණේය. කා හැකි දෙයක් බව අනුමාන කළ ඔහු අඩ අඳුරේම එය ලිහා කටට දා ගත්තේය. හුරුපුරුදු රසයක්වුවත් වෙරි මරගාතේ එය මොනවාදැයි ඔහුට නිච්චියක් නොවීය.
මේ අමුතුම කට ගැස්ම රැගෙන අඳුරේ සෙට්වී සිටින මිතුරන් පිරිස අතරට අදුරේම පැමිණියේ වීරයකු පරිද්දෙනි. පරීක්ෂණ, නිරීක්ෂණ කොට අලු‍ත් දෙයක් සොයාගත් විද්‍යාඥයකු පරිද්දෙන් යයි කීවොත් එය වඩාත්ම නිවැරදිය. වෙරි මරගාතේ සිටි පිරිස අහුරු අහුරු කටට දමාගෙන මේ අමුතුම කට ගැස්මත් එක්ක බෝතලය හිස් කරමින් සිටියහ. තමන් කටගැස්මට ගන්නේ මොනවාදැයි සෙවීමට කිසිවකුටත් උවමනාවක් හෝ අවශ්‍යතාවක් නොවීය. පලපුරුදු සැර නැති රසයකි.
වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබිණ. මළගෙදරට පැමිණි තරුණියන් පිරිසක් ඉඳිකටු හා සුදු නූල් රැගෙන කෑම සැපයූ අසල්වැසි නිවසට ගියේ දේහය තිබූ පෙට්ටියට ඉහළින් ඇති වියන අලංකාර කිරීමට පොරි මල් මාල සැකසීමටය. තමන් පරිස්සමට තිබූ පොරි බෑගය අතුරුදන්වී ඇති බව දැනගත් නිවැසියෝ කලබල වූහ. මේ ආරංචිය කටින් කට ගියේය. තමන් මෙතෙක් වේලා කටගැස්මට ගෙන තිබූ අමුතුම කටගැස්ම මොනවාදැයි දැනගත් අඳුරේම සෙට්වී සිටි කොල්ලන්ගේ වෙරි සිදුනේ ලු‍.



අදහස් (0)

මිනියට දාන්න ගෙනා පොරි “බයිට්’’ එකට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site