IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මිතුරාගේ සල්ලි කවරෙන් කා බී අමාරුවේ වැටිලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



දෙපැත්තම බේරගෙන මිතුරා දුන් මුදල් කවරයෙන් මඟු‍ල් ගෙදරින් බඩකට පුරා කාබී අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව කතාවක් බලපිටියෙන් අසන්න ලැබේ.
තිදෙනාම මිතුරෝ ය. ගජ මිතුරෝ ය. ගම් තුනක ය. මට්ටම් ද තුනක ය. එහෙත් මිතුරුකමට එයින් කිසිදු ප්‍රශ්නයක් නොවීය. මේ තිදෙනාගෙන් එකෙක් දළකාරයෙකි. යමක් කමක් ඇති අයෙකි. ඔහු හොඳ ව්‍යාපාරිකයෙකි.
එක් අයකුගේ දුවකුගේ වැඩිවියට පත්වීම නිමිත්තෙන් උත්සවයක් චාමෙට නිවසේ සංවිධානය කොට තිබිණ‍. මිතුරන් දෙදෙනාට ද ඔහු ආරාධනා කළේය. එහෙත් යමක් කමක් ඇති මිතුරාට එදින සහභාගීවීමට නොහැකි වූයේ යොදාගත් හදිසි වැඩ කිහිපයකටම ගමෙන් දින කිහිපයක් පිට සිටීමට සිදුවූ නිසාය. එහෙත් ඔහු මිතුරාගේ උත්සවයට මුදලක් යැවීමට සිතා ගත්තේ ය. ඒ අනෙක් මිතුරාගේ අතේ ය.
ඒ අනුව ඔහු මිතුරාට මුදලක් දුන්නේ එය කවරයක දමා මඟු‍ල් උත්සවය ඇති මිතුරාට දෙන ලෙස කියමිනි. හා ඕකත් මොකක්ද යයි කියමින් ඔහු එය භාර ගත්තේ මහත් කැමැත්තෙනි. ඔහු එම උත්සවයට ගියේය. හොඳට කෑවේය. කණ පැලෙන්න බිව්වේය. යාමට පිටත් වූ ඔහු මිතුරා අත මුදල් කවර දෙකක් තැබීය. ඒ ඔහුගේ එකත් අනෙක් මිතුරාගේ එකත් කියමිනි.


උත්සවය නිමාවිය. ඊට පසුදින මඟු‍ල් ගෙදර නොආ මිතුරාට දුරකතන ඇමතුමක් ආවේය. මචං උඹට පිස්සුද අපි සල්ලි ගන්න නෙමෙයි පාටිය කිව්වේ. යකෝ රුපියල් විසිදහසක් එව්වේ මොකටද. පොඩි පාටියක්නේ තිබුණේ යැයි දුරකතන ඇමතුම දුන් මඟු‍ල් ගෙදර පැවැත්වූ මිතුරා කියාගෙන කියාගෙන ගියේය. මොකක් මම විසිදාහක් නෙමෙයි විසිපන්දහසක් එව්වානේ යැයි ඔහු කී විට නෑ මචං තිබුණේ රුපියල් විසිදහයි හැබැයි උඹේ මුදල් කවරය දුන්නු අපේ යහළුවත් රුපියල් පන්දහසක් දීලා තිබුණා යැයි ප්‍රතිඋත්තරය අනෙක් මිතුරා දුන්නේ ය.
දෙමිතුරන්ට වැඩේ පැහැදිලි විය. ඒ විතරක්ම නොව දෙමිතුරන්ගේ කටින් හෙමිහිට හෙමිහිට කාටවත් කියන්න එපා යයි කියමින් අනෙක් මිතුරන් එකා දෙන්නාට කියූ මේ සිද්ධිය ඔහුට ද ආරංචිවීමත් සමඟම දැන් ඔහු මේ මිතුරු සමාගමෙන් ඉන්නේ වහන්වෙලාලු‍.

 



අදහස් (0)

මිතුරාගේ සල්ලි කවරෙන් කා බී අමාරුවේ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site