බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
සබරගමුව පළාතේ සිදුවූ අපුරු කතා පුවතකි.... ඔහු විවාහ මඟුල් ගෙවල්වල අෂ්ටක කියන පුද්ගලයෙකි.
ඔහුගේ අෂ්ටක කීම හරිම ලස්සනය. කටහඬ ද මිහිරිය හැම දෙනාගේම සිත් දිනාගැනීමට දක්ෂය.
ඒ නිසා දුර පළාත්වලින් පවා ආරාධනා එන්නේය.
දිනක් ඔහුට මඟුල් ගෙදරක අෂ්ටක කීමට ආරාධනාවක් ලැබිණි. ඒ අනුව උදෑසනම ලක ලෑස්ති වී අවශ්‍ය ආම්පන්න රැගෙන විවාහ උත්සවය පැවැත්වෙන හෝටලයට ගියේය.
එම විවාහ උත්සවය ප්‍රදේශයේ ධනවත් පවුල් දෙකක් අතර සිදු වූ එකකි.
අෂ්ටක කීම ආරම්භ කෙරිණි. පවුල් දෙකම සතුටට පත්වන ආකාරයට ඔහු වැඩ කටයුතු කළේය. ඒ අනුව ඔහුට දෙපාර්ශවයෙන්ම තුටු පඬුරු ලැබිණි.
‘එහෙනම් ඔන්න මගේ වැඩ ටික ඉවරයි’. කියමින් ඔහු තම බඩු භාණ්ඩ මල්ලකට දමා ගත්තේ ය.
‘අනේ මහත්තයෝ, හරි වැඩක් වෙලා තියෙන්නේ. අපේ පැත්තෙන් කතා කරන එක්කෙනා එනකොට ත්‍රීවිල් එක හැපිලා එයා ඉස්පිරිතාලෙ’ මනමාලියගේ පැත්තේ පියා කීවේය.
‘ටික වේලාවක් ඉඳලා ඒ වැඩෙත් කරලා දීලා යන්නකෝ’.
‘හරි එහෙනම්, මට වැඩිපුර ගණනක් ගෙවන්න වේවි. මොකද මම පොරොන්දු වුණේ අෂ්ටක කියන්න විතරයි නෙ’. ඔහු ඇඟට පතට නොදැනී කීවේය.
‘ඒක ප්‍රශ්නයක් කරගන්න එපා’ මනාලියගේ පියා කීවේය.
ඒ අනුව ඔහු මනාලියගේ පැත්තෙන් අපූරු කතාවක් කළේය මනාලියගේ ගති පැවැතුම් වැදගත් චරිතය වර්ණනා කළේය.
මනාලියගේ පියාට මහත් සතුටක් දැනිණි. ඒ අනුව ඔහු අෂ්ටක කී පුද්ගලයාට ලොකු මුදලක් ලියුම් කවරයකට දමා දෑතින්ම දුන්නේය.
ඔහු ද එය දෙකට නවා තම සාක්කුවට දමාගෙන හෝටලයෙන් පිටවූයේ ‘අද නම් මට ඩබල් බෝනස්’ කියමින් ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මඟුල් ගෙදරින් ඩබල් බෝනස් ලැබිලා