සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
සියලු සාරධර්ම රකින පුරවැසියෙකු ලෙස අසල ගම්වල පවා ප්‍රසිද්ධියක් උසුලන මෙම පුද්ගලයා ප්‍රදේශයේ සමිති සමාගම්වල ද තනතුරු හොබවන්නෙකි.
පසුගිය දිනක මොහුගේ ඥාති සොයුරියකගේ දියණියකගේ විවාහ මංගල්‍යයකට මොහුට ආරාධනා ලැබී ඇත. මේ ප්‍රදේශයේම පදිංචි තවත් වැඩිහිටි කතකට ද මේ උත්සවයට ආරාධනා කර ඇත.
මංගල උත්සවයට පෙරදින රාත්‍රියේ එම වැඩිහිටි කාන්තාව මෙම තැනැත්තා මුණ ගැසීමට පැමිණ තමාට හෙට දින මංගල උත්සවයට සහභාගිවීමට නොහැකි වන බැවින් තමාගේ ලියුම් කවරය ද රැගෙන ගොස් භාරදෙන ලෙස ඉල්ලා ඇත.
මෙම පුද්ගලයා ඉතා සතුටින් එම උදව්ව කිරීමට භාරගෙන ඇති අතර, වැඩිහිටි කාන්තාව ද ඔහුට ස්තූති කර සතුටින් නිවසට ගොස් ඇත.
එම කාන්තාව ගිය පසු මොහු මෙම ලියුම් කවරය විවෘත කර එහි කොපමණ මුදලක් තිබේදැයි බලා ඇති අතර, එය රුපියල් 5,000ක මුදලක් තිබී ඇත. මුදලට දුටු ගමන්ම මොහුට ගණදෙවි නුවණ පහළවී ඇති අතර, කන්නෙත් නැතිව පන්දාහක් වැඩියි තුන්දාහක් හොඳටම අැතැයි” තමාට කියාගෙන ඉන් දෙදාහක් අරගෙන තම පසුම්බියේ ඔබාගෙන ඇත. වෙනත් කවරයක අර තැනැත්තියගේ නම ලියා වෙනසක් නොවූ ලෙස පසුදා භාර දී ඇත.
සාදය නිමා වී සතියකට විතර පසු අර වැඩිහිටි කාන්තාව හා මංගල සාදය පැවැති නිවසේ කාන්තාව නගරයේ දී මුණ ගැසී ඇත. “අනේ දුවේ එදා මට එන්න බැරි වුණා. ඒත් අපි යුතුකම් ඉෂ්ට කළා” යැයි වැඩිහිටි කාන්තාව පවසා ඇත. “අනේ ඔව් අර අපේ අහවල් අයියා ඇන්ටි දුන්න කියලා රුපියල් තුන්දාහක් එක්ක කවරයක් දුන්නනේ” යැයි පවසා ඇත. ”මොනවා එතැන තුන්දාහ ද තිබුණෙ. මං පන්දාහක්නේ දුන්නෙ” යැයි කනගාටුවෙන් පවසා ඇත.
මේ කාන්තාවන් දෙදෙනා විසින්ම සිද්ධිය ගම පුරා පතුරා ඇති අතර, සුචරිත මහතාගේ ඇත්ත සදාචාරය ගමට හෙළිවී දැන් නිවසින් එළියටවත් බැහැගන්න බැරිව නිවසටම වී සිටින බවයි ආරංචියි.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි