IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


භූත මන්දිරයේ පැරැණි පෙම්වතිය දැක යක්ෂණියක් වෙලා


කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 



භූත මන්දිරයක් තුළදි පැරැණි පෙම්වතිය ඉදිරිපිට සිය බිරිඳ යක්ෂණියක් වූ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
ඔහු විවාහ වී ඇත්තේ යෝජිත විවාහයකිනි. ඇය නිතර ඔහු ගැන සැකයෙන් පසුවන අතර ඒ හේතුවෙන් නිතර සුළු සුළු ගැටලු‍ ඇතිව තිබේ. ඔහු බිරිඳට වඩා රූමත් අතර එයද ඇයට ගැටලු‍වකි. ඔහු යන යන තැන ඇය ඔහු පසුපස යන්නේ ඔහුට වෙනත් කාන්තාවන් සිටි දැයි සැකයෙනි. විවාහ වී සිටියද ඔහුන්ට දරුවන් නොමැති අතර දරුවන් පිළිබඳව ඔහු සිතා නැත්තේ ඇයගේ මෙම ක්‍රියා නිසා යම් දිනෙක ඔහුන් වෙන් වුවහොත් දරුවන් දුක් විදින නිසාය. කොටින්ම ඔහු ගෙවා ඇත්තේ දුක්ඛිත ජීවිතයකි. 


මේ අතර මෙවර පොහොයට ඔහුන් ගමේ ඇවිද ඇත්තේ පන්සල් ගොස් වෙසක් බැලීම සඳහාය. වෙසක් බලා ආපසු එන අතර තුරදි භූත මන්දිරයක් දැක එය බැලීමට යාම සඳහා ඔහුට අඩ ගසා තිබේ. භූත මන්දිරයට පිවිසි ඔවුන්ට ඔහු කලින් යාළු වී සිටි දැන් විවාහ වි සිටින තරුණියක් මුණ ගැසී ඇත. 
ඇයගේ සැමියා විදේශ ගත වී සිටින බැවින් ඇය දරුවා සමග තනිව පැමිණ සිට ඇති අතර ඔවුන් අසලට පැමිණි තවත් ඔවුන්ගේ යෙහෙළියක් ඔවුන් පැරණි පෙම්වතුන් බව දැන දැන් ඔවුන් විවාහ සිටින බව සිතා “ අනේ කොහොමද ?ඉතින්, පුතානම් මෙයා වගේම යැයි”‍ පවසා ඇත. මෙය ඇසු සැණින් ක්‍රියාත්මක වූ ඔහුගේ බිරිඳ ආවේශ වී ඇත්තේ භූත මන්දිරයේ සිටි යක්ෂ නළුවන් පරදාය. 
අතේ තිබූ කුඩයෙන් ඔහුට දිගට හරහට පහර දීමට පටන් ගෙන ඇත්තේ ආරූඪ වූ යකැදුරෙකු මෙනි. අසල සිටි භූත මන්දිරයේ මහසෝනා විසින් දෙවියෙක් මෙන් ඔහු බේරා ගැනිමට ඉදිරිපත් වෙද්දි මහසෝනාට දෙවියන් සිහිපත් වෙන්න ඇය නෙළන්නට පටන් ගෙන තිබේ. සියල්ල හැර දැමූ ඔහු සිය මහ ගෙදර ගොස් ඇත්තේ පොහොය පසු වූවාට පසුව නීතිඥවරයකු හමුවීමට යාමටය.

 



අදහස් (0)

භූත මන්දිරයේ පැරැණි පෙම්වතිය දැක යක්ෂණියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site