රාස්සගල සම්පත් ප්‍රියනන්දන
අඩු මිලට බිත්තර ගැනීමට ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විස්තර සොයා බැලීමේදී මෙසේ වාර්තා විණි.
මෙම කාන්තාව බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරක ඇති ග්‍රාමීය ප්‍රදේශයක පදිංචිව සිටින්නීය. ඇය නිවසේ සිල්ලර වෙළෙඳසලක් පවත්වා ගෙන යන කුඩා ව්‍යපාරික කාන්තාවකි.
මීට දිනකට පෙර එම ප්‍රදේශයේ සිට පැමිණෙන බස් රථයක නැග ඇය බලන්ගොඩ නගරයට පැමිණ ඇති අතර ඒ එන අතරතුර ගොවි ජන මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාඩ්බෝඩ් කැබැල්ලක ලියනලද අඩු මිලට බිත්තර විකිණීමට ඇත යනුවෙන් ප්‍රදර්ශනය කර තිබුණ දැන්වීමක් දැක ඇත.
ඇය බලන්ගොඩ නගරයට පැමිණ අවශ්‍යතා ඉටුකරගෙන නැවත පදිංචි නිවස බලායෑමට පෙර වෙනත් බස් රථයක නැග අඩු මිලට බිත්තර මිලදී ගැනීම සඳහා අර කලින් දුටු ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගොස් ඇත. එහි මිදුලේ සිටි නිලධාරියකු සමග කතා කර ඇති ඇය එම නිලධාරියාගෙන් විමසා තිබෙන්නේ මහත්තයා බිත්තර කීයද යනුවෙනි.
එහිදී එම නිලධාරියා සිනා මුසු මුහුණින් ඇය වෙත පවසා තිබෙන්නේ මිස් ඒක නම් කොහොමද දන්නේ නැහැ කඩයකින් තමයි අහලා බලන්න වෙන්නේ යනුවෙනි. ඇයි මහත්තයා එහෙම කියන්නේ අර බෝඩ් එකක් ගහලා තියෙන්නේ අඩු මිලට බිත්තර විකිණීමට ඇත යනුවෙන් කියා ඇය එහිදී පවසා ඇත.
එහිදී ඒ නිලධාරියා ඇය වෙත කියා තිබෙන්නේ මිස්ට වැරදීමක් වෙලා තියෙන්නේ ඒ බෝඩ් එකේ ගහල තියෙන්නේ “බිත්තර වී” විකිණීමට ඇත කියලයි.
එම නිලධාරියා යමු බලන්න කියා එම බෝඩ් එක ළඟට ගොස් ඇයට පෙන්නා ඇත. එවිට ඇය ලැජ්ජාවට පත් වී අනේ මහත්තයා සමාවෙන්න මම බස් එකේ යන ගමන් අහම්බෙන් බෝඩ් එක දැක්කේ යැයි පවසමින් ඇය එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ඇය බස් රථයේ ගමන් කරමින් සිටියදී බිත්තර වී විකිණීමට ඇත යනුවෙන් සඳහන් කර ඇති බෝඩ් එකේ වී යන වචනය නොදැකපු නිසා මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුවී ඇති බවට වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
656
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තර ගන්න ගිහින් බිත්තර “වී’’ වෙලා