IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


බසයේ “මනාලියට” වශී වී මුද්දත් පුදලා


මොරගොල්ලාගම - සිසිර නන්දන කැලේගම 



මව්පියන්ගේ හිතට සහනයක් දෙමින් පුතු සොයාගත් අනාගත සහකාරිය පුතුගේ සේසත රැගෙන පලා ගිය පුවතකි.
සිද්ධිය වාර්තා වෙන්නේ හස්ති ශෛල පුරවරයෙනි.
පුතු පවුලේ වැඩිමලාය. රජයේ රැකියාවක නියැළෙන කඩවසම් පෙනුමැති අයෙකි. කල දශාව ඉක්ම යන බැවින් හා මව්පිය දෙදෙනා රෝගී වන නිසා ගෙදර තනි නොතනියට මනාලියක ගෙනඑන ලෙසට පවුලේ උදවිය නිතර නිතර ඔහුට ඇවිටිලි කළහ.


මඟුල් කපුවන්ට පවා එම කාර්යය කර දෙන ලෙසට බාර දී තිබුණි.
ඒ අනුව මඟුල් කපුවන්, හිතවතුන් කොතෙක් යෝජනා ගෙනාවත් ඒ සියල්ලට ඔහු අකමැතිය. ඔවුනගේ කුමන හෝ අඩුවක් පෙන්වා දී ඔහු ඒවා ප්‍රතික්ෂේප කළ අවස්ථා එමටය.
මේ තත්වය හමුවේ වියපත් මව්පිය දෙදෙනා පසු වුණේ දැඩි කනස්සල්ලෙනි. එය පුතු ද දැන සිටියත් සුදුස්සකු නොමැති තැන හිත ගිය සහකාරියක දෙසට ඔහුගේ නෙත ගැටුණි.
ඒ නිවාඩුවට ගෙදර ඇවිදින් බස් රථයක අහම්බෙන් ගමනක් යන අතරවාරයේදීය.
ඔහුගේ අසුනේම තරුණියක වාඩි වුණාය. ඇයට ඔහු කතා කළේය.
“නංගි ජොබ් එකක් කරනවාද?” 
“ඔව් මං ටීචර් කෙනෙක්”‍ 
“කොහේද වැඩ කරන්නේ?”‍
“ඉස්සරහින් හමුවෙන පාසලේ ප්‍රාථමිකයේ මං උගන්වනවා.”‍
“කොහේද ඉන්නේ?”‍ 
“මම බස් එකට නැගපු තැනම ඇති අතුරු පාරේ හැරෙන තැනම ඇති ගෙදර.”‍
“ඔයා මැරි කරලද?”‍ 
“අපෝ නෑ. තව හිතලවත් නෑ.”‍ 
“මම කැමතියි ඔයා බඳින්න. මොකද කියන්නේ?”‍ 
“හා.. එහෙමද? එහෙනම් ගෙදර අම්මලාගෙන් අහන්න ඕනෑ. ඔයා එන්න ගෙදර.”‍ ඇය කීවාය.
ඔහු ඇයට සමීප විය. ඔහු ඇයගේ අත අල්ලා ගත්තේය. පිරිමැද්දේය. ඇය ද සහයෝගය දුන්නේය. ඔහු මුද්ද ගැලෙව්වේය. ඇයට දී ඇයගේ අතින් එය ඔහුගේ අතට දා ගත්තේය.
පසුව ඇය එම මුද්ද ගලවා ගත්තාය. ඔහුට ඇයගේ අතට දමන්නට කීවාය. ඔහුත් එය එලෙසම කෙරුවේය. නියමයි. කිරලා මැනලා දැම්මා වගේය.
“ඒක ආයේ ගලවන්න එපා. ඔහොම තිබියදෙන්. ඔයා අපේ ගෙදර එන්න. මං කැමතියි නම් ගෙදරින් ප්‍රශ්නයක් නෑ.”‍ ඇය කීවාය. ඔහු ඇයට සමු දුන්නේය. ඇය පාසල ඉදිරිපිටින් බැස්සාය. ඔහුගේ පවුම් බාගයක පමණ රන් මුද්ද ඇයගේ අතේය. ඔහු ඇයට වශී වූවාක් මෙනි. එය ඇයටම දී නොපමාව එන බව පවසා ඔහුත් ඇයට යන්නට ඉඩ දුන්නේය. ඔහු තම ගමන ගොස් ගෙදරට ආවේය.
පියාට, මවට මෙන්ම පවුලේ හැමෝටම සහකාරියක හමු වූ පුවත සැල කර සිටියේය. මව්පියන්ටද නිම් හිම් නැති සතුටකි. තම පුතු වැඩට යන්නට මත්තෙන් ඇයගේ ගෙවල් බලන්නට යාමට සැරසුණි.
තම නිවෙසට නුදුරු ගමක ඇති එම ඉසව්ව ඔවුහු සොයා ගියහ. එවැනි නමක් ඇති පියකු හෝ ගුරුවරියක හතර දිග්බාගයක නැත. පසුව එකී පාසල සොයා ගියද, ඇය එහිද නැත.
වහසි බස්වලට පුතු අසුවී රන් මුදුවට ද කෙළවාගෙන ඇති බව වටහාගත් පියා ඇතුළු පිරිස වාහනයට නොදුටු මනාලියක වෙනුවෙන් හයර් එක ගෙවා හිස් අතින් ආපසු ගෙදරට ආවාලු‍.

 



අදහස් (3)

බසයේ “මනාලියට” වශී වී මුද්දත් පුදලා

Pradeep Kumara Wednesday, 01 October 2025 11:08 AM

උපන්ගෙයි මෝඩයෙක්. කඩවසම් බව තිබුනට වැඩක් නෑ මොළෙත් කළඳක් හරි තියෙන්න ඕන.

:       0       13

fairoos Wednesday, 01 October 2025 11:48 AM

මේක වෙලා තියෙන්නේ හැට ගණන්වලද? එහෙනම් දෙයියෝ සාක්කි...

:       0       8

himal Wednesday, 01 October 2025 01:59 PM

මේ කතාව එක්කෝ බොරු, නැත්නම් හද්ද පරණ කතාවක්. ජංගම දුරකථන, සමාජ මාධ්‍ය තියෙන අද දවසේ මොබයිල් අංකය, මුහුණු පොතේ, ඉන්ස්ටග්‍රැම් ඉන්නවාද අහන්නේ නැතිව ගෙදර ඒමක් ගැන අහන්නේ කවුද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site