මංගල උත්සවයකට සහභාගී වී නිවසට පැමිණි පුද්ගලයකු, ඔහුගේ බොරු දත් කුට්ටම සොයා පසුදින මෙහෙයුමක් සිදුකළ පුවතක් පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහු එම ආයතනයේ මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යාබද ගමේ තිබුණු හෝටලයකට ගියේය.
එම හෝටලයට ළඟා වන විට රාත්‍රි හත පසුවී තිබිණි. ඒ වන විටත් පැමිණි මිතුරෝ මදුවිත පානය කරමින් සිටියහ. මොහුද එයට එක්විය. කාලය කෙමෙන් කෙමෙන් ගත විය. තමන්ගේ තරමට මදුවිත සප්පායම් වී බොහෝ දෙනකු රාත්‍රි භෝජන ලබාගෙන ඉන් පිටත්ව යන අයුරු දක්නට ලැබුණු නමුත් මදු විතට ලොල්වූ අය එහි රැඳී සිටිනු දක්නට ලැබුණි. මෙම පුද්ගලයාද එහා මෙහා ඇවිද යමින් සිටින අයුරු දක්නට ලැබුණි.
ටික වේලාවකින් ඔහු හෝටලයේ නොසිටි බැවින් මංගල උත්සවය සංවිධානය කළ තැනැත්තා විසින් ඔහු ගැන සොයන්නට විය.
ටික වෙලාවකින් දැනගන්නට ලැබුණේ ඔහු හෝටලයේ මල් ගස් යට වැතිරී සිටින බවයි. කීප දෙනකු එකතු වී ඔහු කෙළින් කිරීමට බැලූ නමුත් එසේ කළ නොහැකි හෙයින් ඔහු කරතබාගෙන මෝටර් රථයක දමා නිවසට පිටත් කළේය.
පසුදින උදෑසන ඔහු අවදි වී වතුර වීදුරුවක් බීමට ගිය අවස්ථාවේදී එහි ඔහුගේ මිනිපිරියක්, දැක සීයගේ මූණේ වෙනසක් තියෙනවා යැයි පැවසීමත් සමඟ මොහු කාමරයට දිව ගොස් ඇඳුමක් දාගෙන හනික පිටව ගියේය.
පෙර දින මංගල උත්සවය පැවති හෝටලයට ගිය ඔහු වේටර්වරයෙකු හමුවූයේය.
මල්ලි කාටවත් කියන්න එපා. ඊයෙ රෑ මගේ දත් කුට්ටම වැටිලා තිබුන දැක්කා දැයි විමසුවේය.
සර් නේද ඊයෙ රෑ අර ගහ යට නිදාගෙන හිටියේ.
එය ඇසූ විගස වහා ගස යටට ගොස් සොයන්නට විය. පෙරදින කෙනකු වමනය කර ඇති බව දුටු ඔහු , ඒ අසලින් කෝටු කෑලි දෙකක් සොයාගෙන, වමනය ඒ මේ අත පෙරළන්නට විය. එවිටම දත් කුට්ටම මතු විය. කාටත් හොරා එය කොළයක ඔතා සාක්කුවේ දමාගත් ඔහු නිවසට ගොස් සෝදා වියළා කටේ දමා ගන්නා අයුරු දක්නට ලැබුණි
කැලණිය ලාල් එස්. කුමාර
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බීලා වැඩිවෙලා බොරු දත් කුට්ටම මගුල් ගෙදර දාලා