IMG-LOGO

බිලා එන්න එපා කීවාම බොන්න යන්න අඩ ගහලා

මත්පැන් පානයෙන් තොරව තම රාජකාරිය ඉටුකරගන්නට පැමිණෙන ලෙස උපදෙස් දුන් රජයේ කාර්යාලයක නිලධාරියකුට කෙළින් හිටගන්නටවත් බැරිවන පරිද්දෙන් පදමට ගසා සිටි අයෙකු තමුන් සමග නගරයේ අරක්කු තැබෑරුමට එන්නැයි ආරාධනා කළ සිදුවීමක් පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
එය ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයකි. පසුගියදා ඇවිද ගන්නටවත් බැරි වන තරමට මත්පැන් පානය කර එහි පැමිණි පුද්ගලයකු අදාළ අංශයේ නිලධාරියා හමුවී තම රාජකාරී කටයුත්ත පිළිබඳ විමසා ඇත්තේ එහි ප්‍රමාදයක් ද ඇති බව පවසමිනි.


 අදාළ රාජකාරී කටයුත්තේ ප්‍රගතිය පිළිබඳ කොතෙක් පැහැදිලි කළද ඒ වන විටත් උන් හිටි තැන් අමතක වී සිටි සේවාදායකයාට එම කාරණා තේරුම් ගන්නට නොහැකිව වැල්වටාරම් දොඩවන්නට වූයේ මුළු කාර්යාලයේම නිලධාරීන් ඔහු කෙරෙහි අවධානයට ලක්කර ගනිමිනි.
 බැරිම තැන ඉතා සුහදශීලීව කාරණා පැහැදිලි කළ අදාළ අංශය භාර නිලධාරියා ඔබතුමා දැන් හොඳටම බීලා. මම කියන දෙයක් තේරුම් ගන්න බැහැ. ඒ නිසා බීපු නැති වෙලාවක එන්න. මම වැඩේ කරල තියෙන්නෙ. ඉතිරි ටික කරගන්න හැටි මම කියලා දෙන්නම්.‘‘ යැයි පැවසූයේ ඉතාමත් ආචාරශීලීවය. එහෙත් තොරතෝංචියක් නැතිව දොඩවන්නට වූ සේවා දායකයා අවසානයේ පවසා ඇත්තේ ‘මම හොඳට බීලා ඉන්නේ .මහත්තයා ඔයා බීල නැහැ. ඒ හින්ද මං කියන එක තේරෙන්නේ නැහැ. මම වියදම් දෙන්නම්. අපි දෙන්නම ගිහිල්ලා එහා පැත්තේ තැබෑරුමට ගිහින් අඩියක් ගහමු. එතකොට වැඬේ තේරෙයි. මටත් වැඩේ කරගන්න පුළුවන්’ යයි පවසමින් නිලධාරියාගේ එක් අතකින් අල්ලා ගත්තේ ඒ වන විටත් රැස්ව සිටි කාර්යාලයේ නිලධාරීන් මෙන්ම විවිධ සේවා අවශ්‍යතාවන් සඳහා පැමිණි ජනතාවගේ ද මුවගට සිනහවක් එක් කරමිනි.
 කෙසේ වෙතත් රැස්ව සිටි පිරිස අතර සිටි ඔහු දන්නා කියන පුද්ගලයකු හෙමින් සීරුවේ පෙර කී පුද්ගලයා ආයතනයෙන් පිටතට ගෙන නිවස වෙත පිට කළේ තවදුරටත් රැඳී සිටියහොත් පොලිස් කූඩුවේ ද ළඟින්නට සිදුවේ යැයි අනතුරු අඟවමිනි.
 

වියලුව වාර්තාකරු



අදහස් (0)

බිලා එන්න එපා කීවාම බොන්න යන්න අඩ ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1467 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 602 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site