IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බැංකු කාඩ් එකෙන් අනියම් පෙම හබක්


හසලක සුනිල් ඒකනායක



වසරකට අධික කාලයක් අසල්වැසි කාන්තාවක සමඟ ඉතා හොර රහසේ පවත්වාගෙන ආ බව කියන සැමියාගේ අනියම් පෙමක් බැංකු කාඩ් පතකින් බිරියට අනාවරණය වූ සිදුවීමක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය.
32 හැවිරිදි ඔහු දෙදරු පියකු වන අතර ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකි. බිරිය ගෘහණියකි. ඇය නිවෙසේ කටයුතු හා දරුවන්ගේ එදිනෙදා කටයුතු බලා කියා ගනිමින් නිවෙසේ පසුවේ. වසරක පමණ කාලයක සිට මොහුගේ අනියම් පෙමක් ගැන තොරතුරක් බිරියගේ කනට වැටී තිබුණත් එය තහවුරු කර ගැනීමට සාක්ෂියක් නොවූයෙන් ඇය නිහඬව ම සිටියාය. 
මෙදින සෙනසුරාදා දිනකි. සැමියා පෙරදින මෙන් පෙරවරුවේ සූදානම්ව රැකියාවට පිටත්ව ගිය අතර ඇය ද පෙර පරිදි නිවෙසේ කටයුතුවල නිරතවූවාය. දහවල් 10ට පමණ අසල්වැසි නිවෙසක අවුරුදු 10ක පමණ කුඩා දරුවකු එම නිවෙසට පැමිණ “ඇන්ටි අන්කල් ගෙදර ඉන්නවාද?” කියා විමසා ඇත. එහිදී “මාමා වැඩට ගියා, ඇයි පුතේ මාමා හොයන්නේ? යැයි ඇය දරුවාගෙන් විමසා තිබේ. “අද උදේ අන්කල් අපේ ගෙදර ආවා. අන්කල් ගියාට පස්සේ මම අපේ නිදන කාමරේ ඇඳ අස්කරන කොට අන්කල්ගේ මේ කාඩ් එක ඇඳේ වැටිලා තිබිලා මට හම්බ වුණා මම මේක අම්මටවත් නොදි මාමාටම දෙන්න කියලා මේ අරගෙන ආවේ.” යැයි කියා ඔහු අත තිබූ කාඩ්පතක් ඇය අත තබා “ඇන්ටි මම යනවා.” යැයි කියමින් දරුවා ඔවුන්ගේ නිවෙස බලා දිවගියේය.


දරුවා නිවෙසින් ගිය පසු ඇය කාඩ්පත පරික්ෂා කිරීමේ දී එය තම සැමියාගේ බව දැන ඇයට සැමියා පිළිබඳව දැණුන පිළිකුලත්        සමඟ දැඩි වේදනාව පිට කෙරුණේ ඉකිබිඳුමකිනි. මවගේ ඉකිබිඳුම ඇසි දුව ආ දරුවන් දෙදෙනා මව මෙසේ හඬන්නේ ඇයිද කියා විමසූ විට ඇය පැවසුවේ ”පුතේ අපි දැන්ම අපේ අත්තම්මලාගේ ගෙදර යන්න ඕන, ලෑස්ති වෙන්න ඉක්මනින්.” යැයි පැවැසුවාය.
 ඇයද කඩිමුඩියේ ලකලෑස්ති වූයේ සැමියාගේ අනියම් පෙම බැංකු කාඩ් පතින් හමුවූ සිදුවීමත් සඳහන් කර ඔහුට අනියම් බිරිය සමඟම මින් ඉදිරියට ජිවත් වෙන්න යැයිද මින් මතුව තමන් හෝ දරුවන් දෙදෙනා මේ නිවසට නොපැමිණෙන බවත් මහගෙදර පැත්ත පළාතේ නොඑන ලෙසත් කිසිදු අයුරකින් දුරකතනය ඔස්සේ තමන්ට හෝ දරුවන්ට කතා නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදි අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් දන්වා ලිපියක්ද ලියා කාමරයේ මේසය මත පෙට් කාඩ්පත අසලින් තබා ඇය දරුවන් සමඟ මහ ගෙදරට පිටත්ව ගියේ අසල්වැසි තම හිතවතියකට ද මේ පුවත පවසමිනි.
එම කාඩ් සිදුවීම ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. මෙය කන වැටුණු ඔහුටද ගමේ විසීමට නොහැකි වූයේ අනියම් බිරියගේ සැමියාගේ කනට ද මේ පුවත සැලව තිබීම නිසා බිරියට වඩා ඔහුගෙන් කම්මුල් පාරක් කෑමට සිදුවන බවත් ගමේ කොල්ලන් “ආ කාඩ් මාමේ” “අයියේ ” යැයි කියමින් ඔහුට මග තොටේදි ඔච්චම් කරන නිසාවෙනි. කාඩ් පලහිලව්ව නිසා ඔහු ගමෙන් පිටව ගොස් වෙනත් ප‍්‍රදේශයක කුලී නිවහනක තනිවම වාසය කරන බවද ගමේ තැන තැන කතාවන මාතෘකාවක් බවට මේ වන විට පත්වී ඇත.

 



අදහස් (1)

බැංකු කාඩ් එකෙන් අනියම් පෙම හබක්

vernon Thursday, 04 September 2025 10:18 AM

බොරුද කොහෙද? අල්ලපු ගෙදර ළමයි ඉන්නකොට, තමන්ගේ ගෙදර බිරිඳ ඉන්නකොට රස්සාවට යනවා කියපු මිනිහා යනවද ඒ ගෙදරට? අනික ඒ ළමයා ඔය වගේ කාඩ් එක ගෙනත් දෙන්න කියලා එන්න තරම් පොඩි ළමයෙක් නම් කොහොමද කාඩ් එක මෙයාගේ කියලා දැන ගන්නේ? හැම එකේම වගේම මෙන්න මෙයාට මෙහෙම වුනා, ඒ හින්දා ගමේ එවුන් පද හදනවා කියලාත් දාලා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 96 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site