IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පවුල් කන්න බෑ කී බිරිද සැමියාත් එක්ක පොල් ගාලා

සැමියා සමග මින් ඉදිරියට ජීවිතේට පවුල් කන්නේ නැතැයි කියමින් බිරිඳ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් ගැන සොයා බැලීමට පොලිස් නිලධාරියකු නිවසට යද්දී දහවලට කෑම සූදානම් කිරීමට බිරිය හාල්මැස්සන්ගේ ඔලු‍ කඩමින් ද සැමියා පොල්ගාමින් ද දෙදෙනාම සතුටින් සිටිනු දැකීමෙන් රාළහාමි පුදුමයට පත්වීමේ සිද්ධියක් රක්වාන ප්‍රදේශයේ වතු යායකින් වාර්තා වෙයි.
පැමිණිල්ල ගැන සොයා බැලීමට නිවසට ගිය රාළහාම් සිද්ධිය ගැන විස්තර කළේ මෙසේය.
තේවතු යායක පේළි නිවාසයක ජීවත් වන වතුකම්කරු පවුලක බිරිඳක් පසුගිය දිනක පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදු කළා. සෑම දිනකම සිය සැමියා බීගෙන ඇවිත් ඇයටත් ඔවුන්ගේ තුන් හැවිරිදි දියණියටත් බැන වදිමින් අඩදබර කරන බවත් වත්තේ වැඩ කරලා ඇවිත් ගෙදර තියෙන දෙයක් කාලා බීලා නිදහසේ ඉන්න නොදී හැසිරෙන නිසා තවදුරටත් මේවා ඉවසා දරාගෙන ඉන්න බැරි නිසා මින් ඉදිරියට ජීවිතේ තියෙන තුරා පුරුෂයා සමග ජීවත් වෙන්නේ නැහැ. පොලිසියේ පැමිණිල්ලක් දමා පුරුෂයාගෙන් සදහටම වෙන්වන බව පවසා ඇත.
මෙම පැමිණිල්ල ගැන සොයා බැලීමට ඊට දින දෙකකට පසුව පැමිණිලිකාරියගේ නිවස සොයාගෙන රාලහාමි එහි ගොස් නිවසට ගොඩ වී මහන්සිය මඟ හැර යාමට නිවසේ පුටුවක් මත වාඩි වී නිවස තුළට එබී බලද්දී දුටු දෙයින් ඔහු පුදුමයට පත්වී ඇත. 


ජීවිතේ තියෙනතුරා මින් ඉදිරියට පුරුෂයාගෙන් වෙන් වී සිටින්නේ යැයි මීට දින දෙකකට ඉහත දී පැමිණිල්ලක් කළ බිරිය එදින දවල් කෑම වේල සකස් කිරීම සඳහා හාල්මැස්සන්ගේ ඔළු කඩමින් ද පුරුෂයා පොල් ගාමින්ද ඇයට උදව් උපකාර කරමින් දෙදෙනා සන්තෝසයෙන් සිටිද්දී දරු පැටියා ඒ අසල සෙල්ලම් කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වි ඇත.
මෙම දසුන දුටු රාළහාමි පැමිණිලිකාර බිරිඳ අමතා මෙසේ පවසා ඇත. 
මගේ මහන්සියයි රජයේ වගකීමයි කෙසේ වුණත් ඔය දෙන්නා සමගියෙන් සන්තෝසෙන් ඉන්නවා දැක්කම මටත් සතුටක් ඇති වුණා. දරු පවුලක් උනහම සණ්ඩු සරුවල් වෙනවා. එහෙම වෙලාවට දෙන්නට දෙන්නා විරුද්ධව පොලීසි එන්න එපා. සියල්ල ඉවසාගෙන වැඩකටයුතු කරගෙන සන්තෝසෙන් සහ සමගියෙන් ජීවත් වෙන්න. කොහොම වුණත් කරපු පැමිණිල්ල ලබන ඉරිදට ඇවිත් ඉල්ලා අස්කර ගන්න කියමින් ඔවුන්ට අවවාද කර ඇත.
එහිදී පැමිණිලිකාර බිරිඳ රාලහාමිට මෙසේ පවසා ඇත. මගේ මනුස්සයා මටත් දරුවාටත් හරියට ආදරෙයි. ඔය ටිකක් බීපු දාට තමයි ඔය වගේ හැසිරෙන්නේ. මමත් ඉක්මන් උනා වැඩියි. මටත් ටිකක් ඉවසන්න තිබුණා. මමත් කළේ වැරැද්දක් කියලා පිළිගන්නවා. මාව දාලා මගේ මිනිහා කොහේවත් යන්නේ නැහැ. ඒ මිනිහව දාලා මම කොහේවත් යන්නේ නෑ. අපි කොහේ යන්නද මේ වත්ත දාලා. අපි මැරෙන තුරු එකට සතුටින් සන්තෝසෙන් ඉන්නවා. දවල්ට මේ උයන්න හදන්නේ මිනිහා හම්බ කරලා ගෙනාපු සල්ලි වලින් ගත්තු හාල් තුනපහ ටිකෙන් තමයි යැයි ද ඇය කරුණු පැහැදිලි කර ඇත.

රක්වාන ඩබ්ලිව්.ඒ. සිරිසේන



අදහස් (0)

පවුල් කන්න බෑ කී බිරිද සැමියාත් එක්ක පොල් ගාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site