පෝද්දල සරත් ආනන්ද ගමගේ
කොන්ක්‍රීට් අතුරා සකස්කළ මාර්ගයක් අසල නිවසක ඉදිකිරීමක් සඳහා එම මාර්ගයේ බදාම අනමින් සිටි මේසන් බාස්ලා දෙදෙනෙකු මුහුණ දුන් අපූරු අත්දැකීමක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
ප්‍රධාන මාර්ගයෙන් හැරී යන කොන්ක්‍රීට් ඇතිරූ මීටර් දෙසීයක පමණ අතුරු මාර්ගයකි. දෙපස ඇත්තේ විස්සකටත් අඩු නිවාස සංඛ්‍යාවකි. පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු අයකුට අයත් නිවසකි. දරුවන් නගරයේ පාසල් කරා යන බැවින් ඔවුන් දැන් නගරයේ පදිංචියට ගොසින් ය. පාළුවට ගිය නිවස අතහැර දමා ඇති අතර ඉඩ ලද විටෙක පැමිණ දොර ජනෙල් හැර වතුපිටි ශුද්ධ කරන්නේය.
පසුගියදා තවත් පුද්ගලයන් දෙදෙනකු සමග පැමිණි මෙම නිවසේ හිමිකරු පිටින් වැසිකිළියක් හා නාන කාමරයක් ඉදිකිරීමට පටන් ගත්තේය. ඒ සඳහා ගෙනෙන ලද වැලි හා කොන්ක්‍රීට් ගල් ගෙනැවිත් දැමුවේ නිවසේ තාප්පය අසල පාරටය.
වැඩ කරගෙන යාම සඳහා බදාම ඇනුවේ කොන්ක්‍රීට් පාරේය. නිතර නිතර පාරේ වාහන ගමන් කිරීමක් නොවන බැවින් එය කාටවත් ප්‍රශ්නයක්ද නොවීය. දුරස්ථ පාලකයෙන් ක්‍රියාකරන ප්‍රධාන ගේට්ටුව වසා ඇති අතර පැත්තේ තිබෙන කුඩා ගේට්ටුවෙන් බදාම ඇතුළට ගෙනයාම සිදු කළේය. බදාම ඇනීමට යොදා ගන්නා උදැල්ල, සවල හා තාච්චියද තිබෙන්නේ කොන්ක්‍රීට් පාරේය.
දැන් සතියක පමණ කාලයක් තිස්සේ මේ ඉදිකිරීම කෙරෙමින් තිබී ඇත. පසුගිය දිනක දහවල් බදාම ගෙනයන්නා බදාම ගොඩ ළඟට එනවිට එම ස්ථානයේ සවල තිබී නැත. ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී උදැල්ල හා තාච්චියද නැති බව දැක ඇත.
ඉන්පසු අනන ලද බදාම ටික මේසන් හැන්දකින් බාල්දියට දමාගෙන ගොස් බදාම ටික අවසන්කර වැඩේ එතනින් නතර කරනවා හැර වෙනත් විසඳුමක් තිබී නැත.
එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියක් තිබුණද එය තිබී ඇත්තේ අක්‍රීය තත්වයේය. ඒ නිසා ඒවා අතුරුදන් වූයේ කෙසේදැයි සොයාගැනීමට නොහැකි විය.
පසුදා අයිතිකරු විසින් අලුතෙන් ගෙනෙන ලද උදැල්ල, සවල හා තාච්චිය යොදාගෙන වැඩේ නැවත පටන් ගෙන ඇති අතර පාරේ බදාම ඇනිල්ල නතරකර දැන් බදාම අනන්නේ තාප්පෙන් ඇතුල් පැත්තේ සිටලු.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාරේ බදාම අනන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන