කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
අලුත්වැඩියාවක් සඳහා කම්මලකට භාරදුන් පොරොවක වැඩ මාසයක් ගතවතුරුත් අවසන් නොකිරීම නිසා කෝපයට පත් එහි හිමිකරු පසුගිය දිනක දර කොටයක් ද කර තබාගෙන කම්මලට ගොස් එය තමන්ට පලා දෙන ලෙසට කම්මල්කරුට පවසා ඇතැයි කියන පුවතක් පසුගියදා හතර කෝරළේට යාබද ගමකින් අසන්නට ලැබුණි.
දීර්ඝ කාලයක් තිස්සේ එකම ගමේ වාසය කරන කම්මල්කරු සහ පොරොවේ හිමිකරු හිතවතුන් බවත්, පොරොවේ හිමිකරු ජීවත්වන්නේද කම්මලේ යකඩ තලන ශබ්දය ඇසෙන මානයේ නිවසකය.
දෙදෙනා අතර පවතින හිතවත්කම මෙන්ම අසල්වාසීකමද මෙහිදී පොරොව අලුත්වැඩියාව (පණ පෙවීම) ප්‍රමාදයටද හේතුවක් වී ඇති බවත් පසුව අනාවරණය විය.
“ඔහේට ඉතිං ඕක කොයි වෙලාවෙ ගත්තත් මොකද? ඈතක නොවෙයිනෙ ඉන්නෙ’’ පොරොව පණපොවා ඇත්දැයි සොයා බලා එය රැගෙන ඒමට එහි හිමිකරු කම්මලට ගිය අවස්ථා කිහිපයකදීම කම්මල්කරු එසේ පවසා ඔහු වෙනත් වැඩක යෙදී ඇති බවත්, එවිට පොරොවේ හිමිකරු කම්මලෙන්ම බුලත් විටකුත් කා, ටික වේලාවක් එහි රැඳී සිට ආපසු හිස් අතින් ගොස් ඇත.
ඒ අනුව දිගින් දිගටම පොරොවේ වැඩේ කල්යෑම නිසා හදිසියේ දරකොටයක්වත් පලා ගැනීමට නොහැකි තත්වයක් මතුවීම නිසාත්, ඒ සම්බන්ධයෙන් බිරිඳ ද නිතර ‘‘බර බරේ’’ දැමීමත් සැලකිල්ලට ගත් පොරොවේ හිමිකරු අවසානයේ කම්මල්කරු ලජ්ජාවට පත්වෙන වැඩක් හෝ සිදුකර පොරොවේ වැඩ කඩිනම්කර ගැනීමේ අරමුණෙන් දර කොටයක්ද රැගෙන කම්මලට ගොස් එය පලාදෙන ලෙසට කම්මල්කරුගෙන් ඉල්ලා ඇත.
ඔහු සිතූ පරිදිම කම්මල්කරු එහිදී දැඩි අපහසුතාවයකට පත්වී ඇති බවත්, ඒ අනුව කරමින් සිටි වැඩ පසෙකලා අසල්වැසියා අස්වසා කඩිනමින් මුදලක් පවා නොගෙන පොරොව පණපොවා දී ඔහු පිටත්කර ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොරොව නොදුන්නාට දර කොටේ කම්මලට ගෙනිහින්