IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පොදු වැඩෙනුත් ගාණ කපාගෙන මාරු

සිය ගමේම පොදු වැඩක් කළ තරුණ සංවිධායකයන් පිරිසකට ගල් කැටයමක් කැපූ අපූරු එම ගමේ අපූරු අයකු පිළිබඳ කතාවක් අසන්නට ලැබේ.
රටට ජාතියට සෙත් පතා මේ ගමේ ලොකු පිංකමක් පැවැත්වීමට ගමේ තරුණ තරුණියෝ කටයුතු කළහ. සෙත් පිරිත් සජ්ඣායනාවක් සහ සංඝගත දක්ෂිණාවක් ඊට ඇතුළත්ය. එම අවස්ථාවන් දෙකම ඡායාරූප ගත කිරීම සඳහා ගමේ කොල්ලො කෙල්ලො කෙනෙකු සොයමින් සිටියහ. මේ හාදයාට ද එය කණ වැකුණේය.
ඒ සමගම ඔහු මේ සඳහා තමා දන්නා හඳුනන අයකු සිටිනා බව සංවිධායකයන්ට කීවේය. මේ පිංකම් මාලාව ඡායාරූප ගත කිරීම ඔහුට පැවරුනේ ඒ අනුවය. ඒ සඳහා ඡායාරූප ගත කිරීම කිරීමට එන හිතවතාට ගෙවිය යුතු ගණන ද ඔහු සංවිධායකයන්ට කීවේය. තරුණ සංවිධායකයෝ එයට අනුමැතිය දුන්හ.


මේ පින්කම ඡායාරූප ගත කිරීමට ඔහුගේ හිතවතා ආවේය. හිතවතා වීඩියෝ කිරීම ඡායාරූප ගත කිරීම තිතටම කළේය. දින කිහිපයකින්ම ඡායාරූප හිතවතාට දුන්නේය. තමා පොරොන්දු වූ මුදල ඉල්ලු‍වේය. ඔහු සංවිධායකයන්ගෙන් මුදල් නොලැබුණ බව හිතවතාට කීවේය. දින සති ගෙවී ගියේය. හිතවතා කිහිප අවස්ථාවකම මුදල ඔහුගෙන් ඉල්ලු‍වේය. මුදල් තියා ඔහු තමාගේ ජංගම දුරකතනයටවත් සම්බන්ධවීමෙන් වැළකී සිටියේය.
බැරිම තැන මේ ඡායාරූප ගත් තැනැත්තා එය සංවිධානය කළ සංවිධායකයන් කිහිපදෙනෙකුම හමුවී තමාගේ ගාස්තුව ඉල්ලා සිටියේය. මහත්තයා අපි ඔයාගේ මිතුරාට ඒ මුදල් ටික පින්කමට පසුවදාම දුන්නා. හොඳට තිබුණ නිසා අපි එයාටත් වැඩිපුර ගාණක් දුන්නා. මහත්තයා ඉල්ලලා තිබුණ මුදල අපි ඒක මහත්තයාට දෙන්න කියලා එයාට දුන්නා. තව රුපියල් දෙදහසක් වැඩිපුර එයාටත් දුන්නා.
සමාවෙන්න මල්ලිලා මම ඔය වැඩේට ඉල්ලු‍වේ රුපියල් හත්දාහයි. මේ කොල්ලෝ කෙල්ලෝ කරන වැඩක් නිසයි අඩුවට කරේ. දැන් ඒ සල්ලි ටික හම්බවුණෙත් නැහැ. මහත්තයා පිටගම්කාරයා වෙලා අඩුවටම වැඩේ කරා. අපේ ගමේ එකා නිකං ඉදලා ඒ වගේ දෙගුණයක් ගත්තා. යයි සංවිධායක කොල්ලන් කීවේ ඔහු ගැන ඇති වූ ලොකු කළකිරීමකින්ලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

පොදු වැඩෙනුත් ගාණ කපාගෙන මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site