IMG-LOGO

පදමට ගහලා කුඹුරේ බැස එලිවෙනකන් ගේ හොයලා

අධික බීමතින් කුඹුරක බැස රෑ එළිවනතුරු සිය නිවස සෙවූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය 
ගියහොත් කෙනකු යළිත් නොඑන තැනක රැකියාව සිදු කරන ඔහු රැකියාවේ තත්ත්වය නිසාම අධික ලෙස මත්පැන් පානය කරයි.
විවාහක දෙදරු පියකු වන ඔහු පවුල් ජීවිතයට වඩා සෙල්ලක්කාර ජීවිතයට නැඹුරුව සිටි කෙනෙකි. ඔහු මිතුරන්ගේ මළ ගෙවල් හැර ඕනෑම පාටියකට අමතක නොකර සහභාගී වෙයි. 
මේ අතර දිනක් ඔහුට ඈත ප්‍රදේශයක යහළුවකුගේ දියණියකගේ වැඩිවියට පත්වීමේ මඟුලකට සහභාගී වීමට ඇරයුම් ලැබී ඇති අතර ඔහු ඒ සඳහා ගොස් ඇත්තේ තවත් මිතුරන් පිරිසක් සමග වෑන් රථයකිනි.
මඟුලට ගොස් මුලින් සියල්ලට පෙර මත් පැන් වලින් සප්පායම් වූ ඔහු සෙනඟ මැද විටක් සපා කෙළ ගසන්නට තැනක් නොමැතිව මඟුල් ගෙදරට පැමිණි කාන්තාවකගේ අත් බෑගයට කෙළ ගසා ඇත්තේ ඇයට හොරෙනි. 
අධික ලෙස බීමත්ව රාත්‍රි වූ පසු සිය නිවසට යාම පුරුද්දක් කරගෙන ඇති ඔහු එදින ද තමන් දුර ගමනක් පැමිණි බව සිහියට නොපැමිණ අඳුර මැදින් පයින් සිය නිවස සොයා ගොස් තිබේ. 


ඔහුගේ නිවසට යාමට කුඹුරක් අසලින් යා යුතුව ඇති අතර ඔහුට එම ගමේ හමු වූ පළමු කුඹුරේම මැදින් ගමන් කිරීමට ඔහු පටන් ගෙන ඇති අතර නිවසක් ඒ අහලකවත් නොමැති හෙයින් මුළු රැයම ඔහු නිවස සොයා ඇත්තේ කුඹුරේ ඇවිදිමිනි. 
පසුදා එළිවෙන විට ඔහුගේ වෙරි හිඳී තිබී ඇති අතර තමන් මේ සිටින්නේ කොහේද යැයි කල්පනා කරද්දී සිද්ධිය මුල සිට අවබෝධ වී තිබේ. ඔහු එතනින් මාරු වී ඇත්තේ සිය මිතුරාගේ නිවසට ගොස් ඇඳුමක් ඉල්ලා සිය ගමට යාමටය.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

පදමට ගහලා කුඹුරේ බැස එලිවෙනකන් ගේ හොයලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site