කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
මහ රෑ පෞද්ගලික පංතිය නිමවී එන දරුවා සිය නිවසට රැගෙන ඒමට නගරයට ගිය පියකුට ඩබල් බෝනස් එකක් ලැබුණු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ඔවුහු අම්බලන්ගොඩ නගරයට කිට්ටු ගමක වැසියෝය. මේ පිරිමි දරුවා ලබන වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටී. උසස් පෙළ උසස් ලෙස සමත්වීමට යයි සිතා මේ දරුවා ගාල්ලේ පැවති පෞද්ගලික උපකාර පංති යන්නේය.
එය පැවතියේ සතියට දවසකි. පස්වරු පහට පටන් ගන්නා පංතිය නිමාවනුයේ රෑ නවයටය. ඔහු ගාල්ලේ සිට බස් රථයෙන් අම්බලන්ගොඩට එනවිට රෑ දහයත් එකොළහත් අතර කාලයක් ගතවේ. එසේ අම්බලන්ගොඩට එන දරුවා සිය නිවසට කැඳවාගෙන ඒමට මේ පියා යන්නේ යතුරු පැදියෙනි.
එදා රෑ ද මේ පියා අම්බලන්ගොඩ නගරයට සිය යතුරු පැදියෙන් ගියේ පෞද්ගලික උපකාර පංති නිමවී එන පුතා නිවසට කැඳවාගෙන ඒමටය. ඔහු පියස්සක් එළියට ගසා වසා තිබු වෙළෙඳ සලක් ඉදිරිපිට සිය යතුරු පැදිය නතර කළේය. ඒ එම අවස්ථාවේදී වැටෙමින් තිබූ සිරි පොද වැස්සෙන් යතුරු පැදිය තෙමීම වළක්වා ගනු පිණිසය.
ඔහු පාරේ අනෙක් පැත්තේ ඇති ගාල්ලේ සිට කොළඹ දෙසට යන දුර ගමන් සේවා බස් නවත්වන ස්ථානයේ කඩ පිලක ඇති පඩියක වාඩි වී සිටියේය. ඒ පෞද්ගලික උපකාර පංති නිමවී බස් රථයෙන් එන පුතු බස් රථයෙන් බසින විටම තමා පෙනීමට සැලැස්වීම ඔහුගේ අරමුණ විය.
ගතවූවේ ටික වේලාවකි. යතුරු පැදි තුනකින් පැමිණි තරුණයෝ පස් දෙනෙක් ඔහු ඉදිරිපිට යතුරු පැදි නතර කළහ. හා මාමා කොහොම ද කාලයකින් නේ දැක්කේ කියමින් මේ තරුණයෝ දන්නා අය මෙන් ඔහු සමග කතා වැටුණෝය. මාමා කාලාද ඉන්නේ යයි එක් තරුණයෙක් ඇසුවේය. ඔහු සාමාන්‍යයෙන් එදින රාත්‍රී ආහාර වේල ගනුයේ පුතා නිවසට ඇරලා මිසක් අතර මග වේලාවක නොවේ. ඒ නිසාම ඒ අවස්ථාවේ කුස ගින්නේ සිටි ඔහුට කෑම කෑවේ නැහැයි පැවසුවා නොව කටින් පැන්නේය.
අනේ මාමේ මොකුත් හිතන්න එපා අපි පඩි දවසට රෑට හොඳට කාලා අපි කන තැනින්ම හොඳ කෑම එකක් අරගෙන ඇවිල්ලා කාටහරි දෙනවා, මේ කෑම එක මාමා ගන්න යයි කියමින් එක තරුණයකු ඔහුට කෑම පැකැට්ටුවක් සහිත බෑගයක් දික් කළේය. නගරේ කෑම කඩේ නම ඇසූ සැණින් කටට කෙළ ආ ඔහු එම කෑම පැකැට්ටුව ගත්තේ කොල්ලන්ට ස්තූති කරමිනි.
තමා යාචකයකු යයි සිතා මේ කොල්ලන් දුන් උණු උණු කෑම පැකැට්ටුවේ සුවඳට බෑගය තුළ ඇති කෑම පැකැට්ටුව බැලීමට ඔහුගේ සිතට ආවේ නිරායාසයෙනි. එහි පොඩි ලියුම් කවරයක් තිබිණේය. එය විවෘත කළ බැලූ ඔහුගේ දෙඇස් උඩ ගියේලු. දෙයියනේ රුපියල් පන්දහසේ කොළයකි. එය පරිස්සමට සාක්කුවට දා ගත් ඔහු දරුවා එන තෙක් නොයිවසිල්ලෙන් බලා සිටියේ තමා පුතා වෙනුවෙන් අද ඉස්තරම්ම කෑම එකක් නගරයේ නමක් ගත් කෑම පැකැට්ටුවක් මිලදී ගත් බව පැවසීමටය. ලබන මාසයේත් තමාට ඩබල් බෝනස් දුන් මේ කොල්ලන් මෙලෙස පැමිණෙනු ඇතැයි ඔහු දැන් බලාපොරොත්තුවෙන් සිටින්නේලු.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතා ගන්න ගිය පියාට ඩබල් බෝනස් වැදිලා
Pradeep Kumara Wednesday, 05 November 2025 10:19 PM
වැඩක් වෙන්නෙ නෑ. මේක දකින කොල්ලො ටික ආය කවදාවත් ඔය වැඩේ කරන එකක් නෑ. අරගෙන පාඩුවේ ඉන්නෙ නැතුව මොකටද පත්තරේට දාන්න ගියේ, හොඳ වැඩේ.
fairoos Thursday, 06 November 2025 11:54 AM
ඉතාම වැරදි... සල්ලි තියන අයත් මොනාහරි නිකන් ලැබුණාම පොකට් එක දාගනන්නවා