IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පච ඇදබාන්න ගිහින් පටි රෝල් වෙලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



හතරැස් බොරු කියන මිතුරාට ආයෙත් බොරු නොකියන්න හරි හතරැස් උගුලක් ඇට වූ මිතුරන් පිරිසක් ගැන අසන්නට ලැබෙන්නේ ගාලු‍ දිසාවේ ගමකිනි.
මේ හාදයා ගැහැව්වොත් ගැටයකි. කිව්වොත් බොරුවකි. කියන්නේ ලොකු බොරුය. නැතහොත් ලොක්කන් ගැන බොරුය. බොරුව ඇත්තමෙන් කීවත් දන්න අය ඔහු කියන්නේ බොරු බව ද දනිති. මෙය ඔහුගේ මිතුරන්ට ද මහා වදයකි. ඒ සම්බන්ධයෙන් ඔහු කොතරම් සමච්චලයට ලක් කළත් හැදුනේ මේ පුතා නම් නොවේ.
හේ මිතුරු සමීපයට එන්නේ බොරුවක් ඇද බාගෙනය. එය කවුරු ඇසුවත් නොඇසුවත් නොනවත්වාම කියනුයේ පුරුද්දට මෙනි. වැයික්කියේ පොලිසියේ පොඩි අය නොව ලොකු ලොක්කන් තමන් සමඟ ආශ්‍රය කරන බව පෙන්වීමට ඔහු දැරූ උත්සාහය දන්නේ සමීපතම මිතුරන් සහ උඩ ඉන්නා දෙවියන් පමණි. පොලිස් පොඩ්ඩන් ඔහුට වහකදුරු මෙනි. කතා කළොත් කතා කරන්නේ පොලිස් ලොක්කන් ගැන පමණි.


ගමේ පොලිසියේ එක් නිලධාරිහු කිහිපදෙනෙක් මොහු සමඟ කිට්ටු ඇසුරක් නැතත් ඔහු විසින් බලෙන් ඇති කරගත් ඇසුරක් නිසා ඇසුරු කරති. ඒ ගමේ වෙනදේවල් පොලිසියට දැන ගැනීමේ අටියෙනි. ගමේ උද්ඝෝෂණයක් අකටයුත්තක් පිළිබඳව ඔහුගෙන් දැන ගැනීම ද එහි තවත් අරමුණකි. මෙය පල්ලමක් කරගත් ඔහු මිතුරන් ඉදිරියේ දී එම නිලධාරීන්ට සිය ජංගම දුරකතනයෙන් කතා කරනුයේ ස්පීකර් දමාගෙනය. වටේටම ඇසෙනා පරිදි ය.
එදා උදේ ඔහු මිතුරු සමීපයට පැමිණියේ. ඊයේ බිව්වා බිවිල්ලක් කියලා වැඩක් නැහැ. මෙය ඇසූ කටකාර මිතුරෙකු කීවේ කියලා වැඩක් නැත්නම් නොකිය ඉන්නා ලෙසය. ඒ කියන්නේ බොරුවක් බව දන්නා නිසාය. ඒක නෙමෙයි මචං ලා මම ඊයේ පොලීසියේ අසවල් නිලධාරියා එක්ක සෙට් වුණා. මෙය කියූ සැනින් එක් අයෙක් එතනින් නැගිට ටිකක් ඈතට ගොස් යළි එතනට පැමිණියේ ය.
අසවල් එක්කෙනා මචං. එයා සාමාන්‍යයෙන් කවුරුත් එක්කවත් සෙට්වෙන්නේ නැහැ. මාත් එක්ක සෙට්වුණා. මටත් හරි පුදුමයි. ටවුන් එකේදී අහම්බෙන් හම්බවුණේ. ඇහැව්වා මොනවා හරි කරමුද කියලා. කලාතුරකින් හම්බවෙන එකක් නිසා මාත් කැමති වුණා. නගරයේ සුපිරි පොට් එකකට ගියා. මිනිහගෙන් සේරම වියදම. මට තිබුණේ බොන්න විතරයි. බයිට් එකට වලා (වල් ඌරා) හරකා, කුකුළා ඔය මෙකී නොකී සේරම සත්තුන්ගේ මස් තිබුණා. බ්‍රෑන්ඩ් එකත් හොඳ එකක්. ගඳත් නැහැ. දෙක තුන ගහන කොට වැදෙනවා. මිනිහා බටා එක අරගෙන. තනියම යන්න බැරි නිසා වෙලාවට මමත් සෙට් වුණා. සුපිරි පොර මචං. හොඳ හාදයා. බිව්වට ගාණක් නැහැ. මිනිහා බිල ගෙව්වා. මාව ත්‍රීවිල් එකක දාලා ගෙදරට එව්වා. අන්න මිනිස්සු අපිට සලකන හැටි. අපි ගණන් ගත්තේ නැති වුණාට වැදගත් මහත්වරු අපි ගණන් ගන්නවා යයි කියමින් ඔහු දොඩවමින් සිටියේය.
ඒ අතර සිටි එක් මිතුරෙක් මචං මෙන්න උඹත් එක්ක රෑ බිව්ව පොලීසියේ මහත්තයා කතා කරනවා යයි ජංගම දුරකතනයේ ස්පීකර් දමා දුන්නේය හා සර් ඔහු කී විට මිනිහෝ කවදද මම තමුසෙත් එක්ක සෙට්වුණේ. අනෙක මම කටේවත් තියන්නේ නැති මිනිහෙක්. මම දැන් තමුසේ කියූ ගජ බින්න ටික අහගෙන හිටියේ. අනෙක මම මේ දවස්වල නිවාඩු ඇවිල්ලා ඉන්නේ. අයියෝ තමුසේ වගේ කෙනෙක් ආශ්‍රය කරොත් මගේ පටි රෝල්. අදින් පස්සේ මාත් එක්ක කතා කරන්න එපා යයි කීවේ මිතුරු තෙමේලාට ඇසෙන සේය.
 මිනිහා ගල් ගැහුනේය. තොලකට වේලු‍ණේය. එතනින් මාරුවුණා නොව ඉගිලු‍නාසේය. මචං අර නිලධාරියත් එක්ක ආයෙත් සෙට්වුණේ නැද්දයි ඇසුවහොත් ඔහු එතනින් යන්නේ පස්ස නොබලාය. 



අදහස් (0)

පච ඇදබාන්න ගිහින් පටි රෝල් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site