කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඇතැම් ආයතන ප්‍රධානීහු දොළ පිදේනි ලෙස විස්කි, බ්‍රැන්ඩි ලබා ගනිති. තවත් අය ඉස්සො, කකුළුවො, දැල්ලො, මාළු ඇතුළු දේ ලබා ගනිති. කිරි,පැණි ලබා ගන්නා අය ද වෙති. මුදල් ලබා ගන්නා අයද හිග නොවෙති. මේ ආදී දේ බොහෝ ආයතන ප්‍රධානීන් ගත්තත් අපේ කතා නායකයා නම් ගන්නේ අපූරුම දොල පිදේනියෙකි. දොල පිදේනි නොගන්නා ආයතන ප්‍රධානීහුද අපේ පළාතේ කොතෙකුත් ඇත්තෝය. ඒ අය රටට සම්පතකි. භාගයකි. අපේ කතානායකයා නම් ඊට හාත්පසින්ම වෙනස් අයෙකි.
හේ වේලාපත් කඩය හිස් මුදුනින් පිළිගත් අයෙකි. ඒ අනුව ක්‍රියා කළ අයෙකි. මේ දිනවල වේලාපත් කඩය බැලු අයෙකු ඔහුට කීවේ තදබල අපලයක් තියෙන බවය. ඒ සදහා කළ යුතු කාර්යයන් කිහිපයක් ගැන දැනුම් දුන්නේය. ඔහු එය හිස් මුදුනෙන්ම පිළිගත්තේය.
ලොක්කාගේ අපලය දුරු කිරීමට කළයුතු කාර්යයන් ගැන පොඩ්ඩන් අතරද පැතිර ගියේය. ඔහු කිට්ටුවන්තයන් ලවා එය කෙරෙව්වේය. ස්ථාන මාරුවීම් ලබා ගන්නා අය දොල පිදේනි ලෙස ඔහුගේ කල අපලය ඉවත් කිරීමට අවශ්‍ය දෙයක් ගෙන ගියෝය. එයින් සතුටට පත්වන ඔහු ස්ථාන මාරුවීම ලබාදීමට කටයුතු කරන්නේය.
මේ මෑතකදී එක් අයෙක් ඔහුගෙන් ස්ථාන මාරුවීමක් ලබා ගැනීමට ගියේය. ඔහුටත් අර දොල පිදේනියම ගෙන එන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව ඔහු දොල පිදේනිය ගෙන ගියේ ඔහුගේ නිල නිවසටය. ලොක්කාගේ අතට දුන්නේය. මේ මොනවාදැයි ලොක්කා ඇසුවේය. සර් කුකුළෙක් යයි ඔහු කීවේය. ලොක්කාට මළ පැන්නේය. යකෝ මම කිව්වේ නිදහස් කරන්න පණ පිටින් කුකුළෙකු යයි කියමින් ඔහුගේ කුකුළු මස් කවරය දමා ගැසුවේය.
ඔහුගේ කල අපලය දුරු කිරීමට පණ පිටින් කුකුළන් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටිනා බව දන්නා ඇතමුන් පණ පිටින් කුකුළෙකු ගෙන ගියත් මේ නිලධාරියාට කුකුළකු ගෙන එන්නැයි කීවිට ඔහු ගෙන ගොස් ඇත්තේ මස් සදහා මරණ කුකුළෙකි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දොලපිදේනිය වැරදී යකා වැහිලා