IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දඩ කොළෙන් රාලහාමිට තරු පෙනිලා


කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 



යතුරුපැදිය නවතා දඩ කොළය ලියූ පුද්ගලයා රෝහලේ දී දැක දෙවියන් සිහිවූ පොලිස් නිලධාරියකු පිළිබඳව පුවතක් එක්තරා ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 
සිද්ධිය මෙසේය, ඔහු ඉතා කරුණාවන්ත හොඳ හිතක් ඇති වෛද්‍යවරයෙකි. ඔහු එම ගමේම රෝහලක සේවය කරන වෛද්‍යවරයකු වන අතර ඔහු ගමේ හැසිරෙන්නේ සාමාන්‍ය පරිදිය. වෛද්‍යවරයෙකු කියා නොසිතන ඔහු ගමේ මිත්‍රයන් සමග නිවාඩු දිනවලදී කඩ පිල්වල දාමක් අදිමින් කතා බහේ යෙදෙයි. 
පුංචි කාලේ ඉඳන් අදුනන තේ කඩවල්වල මාමලා සමග ඔහු විහිළු තහලු‍ කරති. ඔහුන්ද ඔහුට විහිළු තහළු කරන්නේ අපේ දොස්තර මහත්තයා කියා අමතමිනි. මේ අතර දිනක් සවසක ඔහු නිවාඩු පිට ගෙදර සිටින අතර කඩමණ්ඩියට ගොස් ඇත්තේ පා පැදියෙනි. ගෙදර කාර් රථයක් තිබුණත් ඔහු ගමේ ඇවිදින්නේ මේ පා පැදියෙනි. 
ඔහු සුපුරුදු කඩේ අසලට ගොස් තේ එකක් බොමින් මිතුරන් සමග දාම් ඇදීමේ යෙදී සිටියදි ඔහුට රෝහලෙන් දුරකතන ඇමතුමක් ලබාදී කියා ඇත්තේ හදිසි අනතුරක් සිදු වී දෙදෙනෙකු තුවාල ලබා රෝහලට රැගෙන විත් ඇති බවත් රෝහලට පැමිණෙන ලෙසය. සාමාන්‍ය රෝහලක් වු එම රෝහලේ සිටින වෛද්‍යවරුන් බොහෝ අය අලු‍ත් බැවින් මෙවන් අවස්ථාවකදී ඔහුට රෝහලෙන් අඬ ගසයි. 


අවස්ථාවේ හැටියට ගෙදර යාම තවත් ප්‍රමාද බව සිතු ඔහු මිතුරකුගේ යතුරු පැදියෙන් රෝහල වෙත ගමන් කිරිමට පටන් ගෙන ඇත්තේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිවය. මේ අතර රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහුන් නවතා හෙල්මට් නොමැති බව පවසා දඩ කොළයක් ලබා දී තිබේ. 
ඔහුගේ මිතුරා ඔහු වළක්වාලිමටත් පෙර ඔහු වෛද්‍යවරයෙකු බව පවසා යන්නේ හදිසි වැඩකට බව කීවත් රෝහලට අඳින ඇඳුමක්වත් නොමැති කොට කලිසමක් හා ටී සර්ට් එකක් ඇඳ සිටි ඔහු දොස්තර කෙනෙකු තියා කොන්දොස්තර කෙනෙකු ලෙසවත් පිළිගන්නට පොලිස් නිලධාරින්ට අපහසු වී තිබේ. 
ඒ කාරණය පැත්තක තිබූ ඔහු මිතුරා සමග ඉක්මනින් ගොස් ගැබිනි තත්වයේ සිටි කාන්තාවට ප්‍රතිකාර කර අනෙත් රෝගියා ගැන බැලීමට පටන් ගෙන ඇත. මේ අතර රථ වාහන රාජකාරිය මැද සිටිය එක් පොලිස් නිලධාරියකු ජංගම දුරකතනය පරීක්ෂා කර ඇත්තේ බොහෝ වෙලා සිට ඇමතුම් ලැබුණත් වාහන රැසක් එක දිගට පරීක්ෂා කිරිම නිසා ඇමතුම් ලබා ගැනිමට නොහැකි වූ නිසාය. 
ඔහු එම මග හැරුණු ඇමතුම් සිය මිතුරකුගෙන් බව දැන ඔහුට ඇමතුමක් ගෙන තිබේ. ඔහුට මිතුරා දුරකතනයෙන් පැවසූ දෙයින් හීන් දහඩිය දමා තිබේ. සිය ගර්භනි බිරිඳ හා පියා බයිසිකලයෙන් නගරයට ගොස් පැමිණෙමින් සිටියදි අනතුරට ලක්ව රෝහල් ගත කර ඇති බව මිතුරා ඔහුට ප්‍රකාශ කර ඇත. 
එම මොහොතේම අනිත් පොලිස් නිලධාරියා සමග ඔහු රෝහලට ගොස් ඇත්තේ අසිහියෙන් මෙනි. රෝහලට පැමිණ පසු ප්‍රතිකාර කර සේලයින් ලබා දෙන බිරිඳ ළඟට ගොස් ඇයට දැන් වැඩි අමාරුවක් නොවන බව ඇයගෙන් දැන පියා සොයා හදිසි අනතුරු ඒකකයට ගොස් තිබේ.
වීදුරු දොරෙන් සිය පියාට ප්‍රතිකාර කරන පුද්ගලයා දැක ඔහුට දෙවියන් සිහිව තිබේ. ඒ තමන් අතර මගදි හෙල්මට් නොමැති බව පවසා දඩ කොළය ලියූ පුද්ගලයා බව දැකීමෙනි. ඔහු අසලට පැමිණ හෙදියක ඔහුගෙන් ලෙඩා කවුද විමසා ඔහු කාරණය පැවසු පසු හෙදිය පවසා ඇත්තේ “හොඳ වෙලාවට ඉක්මනින් ඩොක්ටර් ආවේ, නැත්තන් අම්මයි බබයි දෙන්නම නැති වෙන්න තිබුණා, ඩොක්ටර් අද නිවාඩු හිටියේ, පඩි පෙළේ දුවගෙන ඇවිත් ඩොක්ටර් ඇදගෙන වැටිලා අතත් තුවාල වුණා. අපිට නොමෙයි ඩොක්ටර්ට ස්තූති කරන්න කියාය. 
ආපසු එළියට පැමිණි ඔහුට ස්තුති කර සමාව ඉල්ලීමට ගිය පොලිස් නිලධාරියා ඉදිරියේ ඔහුගේ මිතුරා පවසා ඇත්තේ “මෙයා නේ මම කියද්දි දඩ කොළ ලීවේ යනුවෙනි. තම මිතුරාගේ කතාව නැවතු ඔහු”‍ ඒක එයාගේ රස්සාව, මේක මගේ රස්සාව, ලෙඩ්ඩු දෙන්නටම වැඩි අමාරුවක් නැහැ. දැන් ගිහින් එයලා බලන්න කියාය. 
ඔහු ඇද වැටී තුවාල වුණු තුවාලය දෙස බලා එහි සිහින් වේදනාවත් සමග සිහින් සිනාවක් නගාගෙන ඇත්තේ මවක හා දරුවෙකු බේරා ගැනීමට හැකි වූ ආත්ම තෘප්තියෙනි.



අදහස් (1)

දඩ කොළෙන් රාලහාමිට තරු පෙනිලා

sugath Thursday, 03 July 2025 08:32 AM

මෙතැනදී පොලිස් නිලධාරියත් වැරදි නැහැ. එයා එයාගේ රාජකාරිය කළා. අනික ඒ වෛද්‍යතුමා වගේ හොද කෙනෙකුට අනතුරක් වීමත් රටට විශාල පාඩුවක්. දෙපැත්තම වැරදි නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site