IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


තහනම් ගෙඩි කඩන්න ගිහින් ගෙදර දොර වැහිලා

දෙදරු මවගේ නිවසේ දොර  අසම්මත ආකාරයට  විවෘත කරවා ගෙන  සම්මත නිවසේ දොර සදහටම වසා ගත් හාදයෙක් පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මිනිහා හීන් නූල් කාරයෙකි. තිදරු පියෙකි. හීන් නූලෙම එක පවුලක් නැත්තටම නැති කළේය. මිනිහා අලු‍ත්ම තාලයේ හීන් නූලක් දැන් අඹරමින් සිටී. ඒ දෙදරු මවක සමගය. ඇයගේ නිවස තිබෙනුයේ දුරකය. මෙය ඔහුට වාසියටම සිටියේය.
  රාජකාරියට එනවා යයි කියමින් සෑම දිනකම ප්‍රධාන නගරයට ආවත් ඔහු රිංගන්නේ මේ නිවස තුළටය. ඒ යතුරු පැදියෙනි. තමාගේ භාර්යාව සිය යතුරු පැදියේ නංවාගෙන නොගියත් දුර අම්මන්ඩී දාගෙන නගරය පුරාම යනුයේ දකින හිතවතුන්ගේ සිතට අපිරියාවක් එක් කරමිනි. මේ නිසාම නිවසේ සිටින මොහුගේ භාර්යාව දැනුවත් කිරීමට ඇතැම්හු කටයුතු කළහ.
මේ කිසිදෙයක් නොදත් ඔහුගේ භාර්යාව මුලදි මුලදී ඇතැමුන්ගේ මේ සන්නිවේදනය නොපිළිගත්තාය. කාලයත් එක්ක සිය සැමියාගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු භාර්යාවට අකමැත්තෙන් හෝ සිය සැමියා ගැන සැක සාංකාව මතුවෙමින් තිබුණේය.


ලැබු නිශ්චිත තොරතුරකට අනුව ඇය අර අම්මන්ඩිගේ නිවසට දහවල් ගියාය. නිවසේ දොර වසා තිබුණත් සිය සැමියාගේ යතුරු පැදිය ඇයගේ මිදුලේය. භාර්යාවට හීන් දහඩිය දැමීය. මේ නිවස ඇතුළේ සිදුවෙන දේ ගැන ඇයට අමුතුවෙන් සිතන්නට දෙයක් නොවීය.
දැන් සියල්ල සක්සුදක්සේ පැහැදිලිය. ඇය කේන්තියෙන් පිච්චි පිච්චී සිටියාය. මේ තිරිසනුන්ට ආත්මයක් නැතිවුණාට තමන්ට ආත්මයක් ඇතැයි සිතූ ඇය කලබල නොකර තමාගේ අත් බෑගයෙක් කොළයක් හා පෑනක් ගෙන අපූරු වදන් පෙළක් ලියා ඔහුගේ යතුරු පැදියේ ෂීට් එකේ ගලකට යටකර තබා ආවාය.
සියල්ල නිමවූ පසු ඔහු එම නිවසින් පිටව යතුරු පැදියට ළඟට පැමිණියේ සිය නිවසට යාමටය. ‘තමුසේ ආයේ ගෙදර නාවට කමක් නැහැ. ඔහේම ඉන්නවා’’ යයි ලියූ කඩදාසියක් දුටු ඔහුට තුන් මුහුණින් දහඩිය දැමීය. දැන්වීම ලියා ඇත්තේ කවුද යන්න හොඳටම දැනගත් ඔහුට සිය නිවස කරා යාමට ධෛර්යක් නොවීය.
භාර්යාව සහ දියණියන් දෙදෙනා සහ පුතුගෙන් කොසු ඉදල් පහර කන්න වන බව දැනගත් ඔහු දැන් මේ නිවසේම බින්න බැහැලාලු‍.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

තහනම් ගෙඩි කඩන්න ගිහින් ගෙදර දොර වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site