කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
විවාහ මංගල්‍යයට ගත්තු ණය පඩියෙන් වැඩි කොටසක් බැංකුවට අයකර ගැනීම හේතුවෙන් කෑමට බීමට අවශ්‍ය බඩු මුට්ටු රාජ්‍ය සේවයේ නියුතු සැමියා රැගෙන එන්නේ නැතැයි පවසා ආපසු මව්පියන් ළඟට ගොස් ඇතැයි කියන අපූරු මනාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ආපසු මව්පියන් ළඟට ගොස් ඇතැයි කියන තරුණ මනාලිය කෑගල්ලේ රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන්නීය. සංවර්ධන නිලධාරිනියගේ මව්පියෝ කපු මහතෙකු ලවා කෑගල්ලේ රාජ්‍ය ආයතනයක සේවය කරන තරුණ මනාලයෙකු සොයා ගත්හ. දෙපාර්ශවයේ කැමැත්ත පරිදි නෑදෑ හිතවතුන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් මීට වසරකට පමණ ඉහත දී දෙදෙනාගේ විවාහ මංගල්‍යය ජයටම කෑගල්ලේ හෝටලයක දී ගත්තේය.
පසුව මනාලයා සිය මනාලිය මෑතක දී ඉදිකර තිබුණු නව නිවසට කැන්දාගෙන පැමිණියේය. විවාහ මංගල්‍යයේ දෙවැනි දවස මනාලයාගේ නිවසේ පැවැත්විණ. විවාහ මංගල්‍යයෙන් පසුව තරුණ මනාල යුවළ සුපුරුදු පරිදි රැකී රක්ෂාවලට පිටත්ව යාමට පටන් ගත්හ.
විවාහ මංගල්‍යයෙන් පසුව මනාලයා නිවසට සුළු කෑමක් හැර කුස්සියට අවශ්‍ය බඩු මුට්ටු කිසිවක් ගෙන ආවේ නැත. මනාලියගේ මාසික වැටුපෙන් නිවසට අවශ්‍ය බඩු මුට්ටු ගෙනත් දෙදෙනා උයාපිහා කෑවෝය.
මාස දෙකකට පමණ ඉහත දී මනාලිය බැරිම තැන සිය තරුණ සැමියාගෙන් නිවසට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන එන්නේ නැත්තේ මන්දැයි විමසුවාය. එහිදී තරුණ මනාලයා මනාලියට කියා ඇත්තේ ‘වෙඩින් එක කරන්න බැංකුවකින් ලක්ෂ 10 ක මුදලක් ගත්තා. හිතවතෙකුගෙන් ද ලක්ෂ තුනක මුදලක් ණයට ඉල්ලා ගත්තා. අවුරුදු තුනක් යනකම් බැංකුවේ ණය කැපෙනවා. මගේ අතට එන්නේ සොච්චම් මුදලක් මැණික” යැයි මනාලයා මනාලිය හමුවේ බැගෑපත්ව පැවසීය.
මසකට පමණ ඉහත දී තමාට කන්න බොන්න අඳින්න ගෙනත් දෙන්නේ නැතැයි මනාලයා හමුවේ මනාලිය පවසා ආපසු මව්පියන් වෙත යාමට සූදානම් වී තිබේ. එම අවස්ථාවේ දී මනාලයා සිය මනාලියගෙන් බැගෑපත්ව මව්පියන් වෙත ආපසු නොයන ලෙස ඉල්ලීමක් ද කර තිබේ. සැමියාගේ ඉල්ලීම ඉවත දමා මනාලිය මව්පියන් පදිංචිව සිටින නිවසට ගොස් තිබුණි. ණය අරගෙන මහ ඉහළින් මගුල් කාපුහාම වෙච්ච දේ යැයි මනාලයා හිතවතකු හමුවේ පසුගිය දිනක දුක්බරව පවසා තිබුණි.
2025 නොවැම්බර් මස 04
97
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ණය හිලව්වට කෑම බීම අඩුකරලා