කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
විවාහ මංගල උත්සව පෙරහරේ සමීපතම දර්ශන ඩ්‍රෝනා කැමරාවකින් ගැනීමට ගිය කැමරා ශිල්පියා මෙන්ම මනාලිය ද අලි අමාරුවක වැටුණු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
යෝජිත විවාහයකි. මනමාලයා දළ කාරයෙකි. මනමාලිය ද ඊට නොදෙවෙනිය. ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ඉහළින්ම සැමරීමට දෙපාර්ශ්වයට කිසිදු බාධාවක් නොවීය. ඒ සඳහා විසි කිරීමට ඇති තරම් මොනරුන් සිටියහ. ඒ අනුව විසිකළ මොනරුන් නිසා විවාහ මංගල උත්සවය ජයටම තිබුණේය.
විවාහ උත්සවය පැවතියේ නගරයේ නම් දරා තිබු තරු ගැනිය හැකි හෝටලයකය. හෝටලයට මනාළ යුවළ ඇතුළු පිරිස පෙරහරින් කැඳවාගෙන යමින් සිටියේය. ඒ මඟුල් බෙර මධ්‍යයේය.
මේ විවාහ මංගල උත්සව පෙරහර හෝටලයේ සිට මීටර් තුන් හාරසියයක් දුර සිට එන්නකි. එහි දර්ශන ඡායාරූපගත කිරීමට සහ වීඩියෝ කිරීමට ඡායාරූප ශිල්පීන් රොත්තකි. ඔවුහු එහේට මෙහේට දුව පනිමින් වැඩ පෙන්වති. ඒ අස්සේ ඩ්‍රෝනා කැමරා ශිල්පියෙකි. හැම දෙනාගේම දෙඇස් අහසේය. මනමාලිය ද ඒ අතරය.
මේ සමගම තරුණ ඩ්‍රෝනා කැමරා ශිල්පියාට දරා ගන්න බැරි සතුටකි. විවාහ මංගල උත්සවයේ රූමත් තරුණියන්ගේ දෙඇස් ඔහු වෙත යොමුව තිබීම එයට හේතුවක් වී නොතිබුණාම නොවේ. ඔය අතරතුර ඩ්‍රෝන කැමරා ශිල්පියා එක පාරටම තම කැමරාව මනාලියගේ පැත්තෙන් බිමට පහත් කළේය. ඒ මනාළ යුවළගේ සමීපතම දර්ශන ලබා ගැනීමටත් තමන්ගේ වැඩකිඩ පෙන්වීමටත්ය.
ඩ්‍රෝන කැමරාව තමන්ගේ පැත්තෙන් බිමට පාත්වෙනු දුටු මනමාලියට උඩ බැලුණේ ඉබේටමය. ඒ සමගම එහි තට්ටක් ඇයගේ මුහුණේ එක් කම්මුලක් සිප ගත්තේ අම්මෝ යැයි හඬක් එක්කමය. මනාලියගේ සුදු මුහුණ චුට්ටක් ඉදිමී රත් පැහැ වූයේ ක්ෂණයකිනි.
නාහෙට නාහන ඥාතීහු කිහිප දෙනෙක් ඩ්‍රෝන කැමරා ශිල්පියාට නෙළන්න සූදානම් වූහ. අවස්ථාව හොඳ නැති නිසා තවත් කිහිප දෙනකුගේ මහත් පරිශ්‍රමයෙන් එය වැළකී ගියත් මනාලිය චුට්ටක් ඉදිමී රතු පැහැගැන්වී තිබුණු කම්මුල විවාහ මංගල උත්සවයේ ඡායාරූපවලට ප්‍රශ්නයක් වී නොතිබුණා නෙමෙයි ලු.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩ්‍රෝනයෙන්‍් මඟුල් ගෙදර වැඩ පෙන්වන්න ගිහින් නූලෙන් බේරිලා