කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බිරිඳ රටින් ගෙනා අමුතු රට ටොෆි ගමට බෙදා ගමේ තියා ගෙදරවත් ඉන්න හිටින්න බැරි වූ ගමයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ ගමකින් අසන්නට ලැබේ.
ආර්ථික අහේනිය කරවට කර පැමිණි හෙයින් ඔහුට ගැසීමට තිබූ එකම හා අවසාන තුරුම්පුව වී තිබුණේ බිරිඳගේ බහට අවනතවීම ය. ඇය ඉල්ලූ පරිදි මැදපෙරදිග යාමට අවසර දීමට ය. අකමැත්තෙන්වුවත් ඔහු ඒ තීරණයට පැමිණියේ තමාගේ කුලී වැඩෙන් සිව්දරු පවුල ගොඩදැමීම උඩුගම් බලා පිහිනායාමක් වැනි වූ නිසා ය. අස්සන ගැසීමට හැකිවන තෙක් පමණක් පාසල් ගිය ඔහු ඉංග්‍රිසි තියා හරියට සිංහලවත් නොදත්තේ ය. කැත්තේ උදැල්ලෙන් ඕනෑම දස්කම් දැක්වීමට සමත් ඔහු, තවත් එක් ගැමියකු වූවේ ගමේම දෙයක් කර ගෙනම සිටි නිසා ය.
මේ ගැමියාගේ බිරිඳ මැදපෙරදිග ගියේ ඔය අතරේදී ය. බිරිඳ වැලිකතරේ දුක සේ උපයා සපයා ගත් එක ශත පහකුදු අපතේ නොයැවූ ඔහු තමන්ලා විසූ කටුමැටි පැල වෙනුවට කාටත් කරදරයන් නැතිව වැටී සිටීමට සුඛෝපභෝගී නොවුණත් නිවසක් කිව හැකි නිවසක් තැනුවේ ය. ගෙදරදොර පිළිවෙළට ද තබා ගත්තේ ය.
වසර දෙකක සේවා කාලයකින් පසු ඇය ගම රට එන්නේ කෙටි නිවාඩුවකට ය. යළි ඉසුරු සොයා මැදපෙරදිග යාමේ බලාපොරොත්තු සහිතව ය. රෑ නිදිවර්ජිතව පැමිණි ඇය එදා නිවසට පැමිණියේ හිමිදිරි උදෑසන ය. ගමන් විඩාවත් නිසා ඇය අලුත් නිවසේ අලුත් ඇඳේ හාන්සිවූවේ පැයක් දෙකක් විවේකයක් ගැනීමට ය. තමන් ගෙනා ටොපී අහල පහල හිතවත් අයට බෙදීමට භාර කෙරුණේ ඔහුට ය.
ඒ අනුව ඔහු ඇයගේ ගමන් බෑගය අවුස්සා ටොපී පැකට් සොයා ගත්තා ය. ටොපි කොළවල එතූ ටොපිවලට අමතරව බෝතලයක තිබූ අලුත්ම තාලයේ ටොපී වර්ගයකට ඔහුගේ හිත ගියේ ය. අනේ පවු අපේ ගමේ එකාලා මේ ටොෆි වර්ගය කවදාවත් කන්නේ නැතැයි සිතු ඔහු එය ගමේ එකාලාට බෙදන්න සිතුවේ ය. එම අදහස ක්‍රියාත්මක කරමින් ඔහු ගමේ අයට මේ ටොෆි වර්ගය බෙදා දුන්නේ ‘‘නුඹලා නම් කවදාවත්ම අපේ නෝනා ගෙනා මේ ටොෆි කන්න තියා දැකලාවත් නැතැයි’’ කියමින් බිරිඳගේ වර්ණාව හොරනෑවෙන් වයන්නාක් මෙන් වැයූවේ හිමින් නම් නොවේ.
ගමේ අයට රට ටොෆි බෙදා ගෙදරට ඇවිත් ඔහුට ඉන්න ලැබුණේ ටික වේලාවකි. ‘‘අනේ මල්ලියේ මොනවද අර බෙදපු රට ටොපී වර්ගය, ලුණු රස ඒවා කාපු අපේ පොඩි එවුන්ට වමනෙත් ගියා. සමහර දරුවන් ඒ ටොපිය කටට දාගන්නවත් එක්කම විසි කරලා දැම්මා’’ යයි ගමේ කතුන් කටින් කීවේ ස්පීකර් කටින් කියන්නාක් මෙන් මහා ඝෝෂාවෙනි. ඒ ඔවුන්ගේ හැටිය. මේ ශබ්දය ඇසී නිදාසිටි රට ගිය ඇත්තන් නැගිට පැමිණියේ මේ කලබලය කුමක් දැයි සොයා බැලීමට ය.
සිද්ධිය ඇසුවේය. ඇය ඔළුවේ අත තියා ගත්තා ය. ‘‘මේ මෝඩ මිනිහා ටොෆි යයි කියලා ගම පුරා බෙදා ඇත්තේ වෑංජනවලට දාන්න ගෙදරට ගෙනත් තිබූ සුප් කැට බෝතලය නේ’’ කියමින් ඇය සිය සැමියාට කනේ ඇඟිලි ගහ ගන්න තෙල් සෙත් පිරිත් කීවාය. ටොෆි යයි සිතා සුප් කැට බෙදූ බව දැන් ගම පුරා ප්‍රචාරයවී ඇතැයි පෙර උපකල්පනය කළ නිසාත් වෑංජනවලට දාන්න රට ඉඳං උස්සන් ගෙනා සුප් කැට බෝතලය විනාශ කළේ යයි කියමින් බිරිඳගේ කෑගැසීම නිසාත්, ඔහු අලුත් නිවස ඉදිකිරීමට පෙර තිබූ පරණ කටුමැටි ගෙයට ගොස් එහි තිබූ බූරු ඇඳේ ඇලවී කල්පනා කර කර සිටියේ නොදන්නා ටොෆි බෙදන්න ගොස් තමාට සිදු වූයේ, මග සිටියොත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී යන වගේ වැඩක් නොවේ දැයි කියමින්ලු.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ටොෆි මාරු වී ජංජාලයයි