IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා


මුලටියන – එස්. බාලසූරිය


නොදන්නා ගුරුකම් කරන්න ගිය ආවතේවකරුවකුට, ගුරුකම් කිරීමට ගිය නිවැසියන්ගෙන් බඩ කට පුරා ගුටි කෑමට සිදු වූ පුවතක් දකුණු පළාතේ පිටිසර ගම්මානයකින් පසුගිය දා වාර්තා විය.

දකුණේ ප්‍රසිද්ධ ඇදුරකුගේ ගෝලයකු තරමක් කටකාර, තමන් හැම දෙයක් ගැනම දන්නා බව හඟවන කපටි පුද්ගලයෙකි.

ඔහු ඇදුරා නොමැති තැන්වලදී තමන්ට තම ගුරුවරයා විසින් යන්ත්‍ර මන්ත්‍ර සාත්තර හා ගුරුකම් පිළිබඳව හැම දෙයක්ම කියා ඇති බවත්, ඔහුගෙන් පසුව එම කටයුතු කිරීමට බාර දෙන බව පවසා තිබෙන බවත්, ඒවා ගැන විශ්වාස කරන අයට කියා ඇත.

එමෙන්ම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අවස්ථාවලදී ආවතේව කටයුතු ඉතා කඩිසරව කිරීම නිසා ඇතැමුන් ඔහුත් ඇදුරා තරම් දැනුමැති අයකු ලෙසත් විශ්වාස කරයි. ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයකු දුටුවහොත් ඇදුරා කියන මන්ත්‍ර හා කවි මහා හයියෙන් කියන්නේ සෙසු අයගේ අවධානය යොමු කරගැනීමටත්, තමන් ද ඇදුරා මෙන්ම දක්ෂ අයකු බව ඇඟවීමටත්ය.

ඉකුත් දිනක අවට ගමක කාන්තාවකට හදිසි උමතු රෝගයක් හැදී තිබුණු නිසා පිස්සන් ආවේස කර සුව කිරීම පිළිබඳව ප්‍රකට එම ඇදුරාගේ නිවෙසට රෝගී කාන්තාවගේ සැමියා පැමිණියත් එදින ඇදුරා ගමනක් ගොසිනි. ආවතේවකරු සිටි නිසා තම බිරියගේ රෝගී තත්වය ඔහුට කියා ඇත.

ඇදුරකු වීමට සිහින මවමින් සිටි ඔහුට මෙය කදිම අවස්ථාවක් විය.

“අද නම් ගුරුන්නාන්සේ එනකොට පරක්කු වෙයි. කෝකටත් ගිහින් නූලක්වත් බඳිමු.” යැයි සැමියාට කියමින් ඇවැසි ආම්පන්න ටිකකුත් රැගෙන රෝගියාගේ නිවෙසට පැමිණ තිබේ. 

එම නිවෙසට පැමිණි ආවතේවකරු මල් පහන් පුවක් මලක් ගොක් අත්තක් යනාදිය සූදානම් කරන ලෙස එතැන සිටි අයට කියා රෝගී කාන්තාවගෙන් සුවදුක් විමසා ඇත. ලෙඩාගේ තත්වය බරපතළ බවත්, පමා නොකර නූලක් බැඳිය යුතු බවත් පවසා මැතිරීමේ කටයුතු පටන්ගත්තේය.

ටිකෙන් ටික රෝගියාගේ තත්වය උත්සන්න වූ අතර ආවතේවකරු ද තමන් දන්නා මන්ත්‍ර මහ හයියෙන් කියමින් රෝගියාගේ අඟපසඟ අතගෑමට පටන්ගෙන ඇත. මෙම සිද්ධිය පිළිබඳව විමසිල්ලෙන් සිටි නිවෙසේ තරුණයන් කිහිප දෙනකු මොහු දන්නා යන්ත්‍ර මන්ත්‍රයක් නොමැති බව වටහා ගෙන, සූදානම් කර තිබුණු මල් පහන් වට්ටිය හා කහ දියර හට්ටිය රැගෙන බොරු ඇදුරාගේ හිසට ගසා ඇත.

එම සැණින්ම එතැන තිබුණු පුවක් මල අතට ගත් රෝගී කත පුවක් මල කැඩෙන තුරුම ගසා තිබේ. තරුණ පිරිස ද අතින් පයින් පහරදී “මීට පස්සේ දන්නේ නැති දේවල් කරන්න එපා” කියමින් එම නිවෙසින් එළවා දමා තිබේ. එදා පටන් ඔහු ආවතේව කටයුතුත් නවතා දමා ගම හැර ගොස් ඇත.

 



අදහස් (0)

ගුරුකම් කරන්න ගිහින් බඩ කට පුරා ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site