හසලක සුනිල් ඒකනායක
බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම් පොළේ රැඳී සිටි තරුණියක අසල ගැවසුණු බල්ලකුට ”හා මේ කැහැටු බල්ලාද ඔයා ආරක්ෂා කරන්න ගෙදරින් එවලා තියෙන්නේ.” යැයි කියු ගැමියකුට එම බල්ලා බිම දමාගෙන සපා කෑමෙන් රෝහල් ගතව ප‍්‍රතිකාර ගැනීමට වු සිද්ධියක් හසලක ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
විසි හතර හැවිරිදි තරුණියක ඇඟලුම් සේවයට යෑම සඳහා නිවසට ආසන්නයෙන් ඇති මාර්ගයට පිවිස බස් රථයක් පැමිණෙන තුරු ගමේ බස් නැවතුම් පොළේ රැඳී සිලුම දැක ගත හැකි සාමාන්‍ය තත්වයකි. ඇය බස් නැවතුම්පොළේ රැඳී සිටින සෑම දිනකම ඇගේ නිවසේ සුරතලයට ඇති කරන බල්ලා ද ඇය සමඟ පැමිණ බස් නැවතුම් පොළේ ඇති උස තාප්පය මතට නැගි ඇය දෙසත් මාර්ගයේ ගමන් කරන අය දෙසත් බලමින් ඇයට ආරක්ෂාව සලසන ලෙසින් සිටින අයුරුද මාර්ගයේ ගමන් ගන්නා අයට දැක ගැනීමට හැකිය. ඇය බස් රථයකට නැග පිටත් වූ පසු බල්ලාද පෙරළා නිවසට යන බව ගැමියෝ කියති.
මෙදින ද පෙරවරු 07ට පමණ සුපුරුදු පරිදි සේවයට යෑම සඳහා ඇය බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම් පොළේ රැඳී සිටියාය.
නිවසේ ඇති කරන බල්ලාද පෙර දිනවල මෙන් පැමිණ අසල තාප්පය මත නැග සිටියේය. පා පැදියකින් පැමිණි එම ගමේ පදිංචි දැරියගේ ඥාතියකු ඇය අසල පා පැදිය නතර කර ඔච්චමට මෙන් ”ආ මේ කැහැටු බල්ලාද ඔයාගේ ආරක්ෂාවට ඉන්නේ.” යැයි බල්ලා දෙසත් තරුණිය දෙසත් බලා කීවා පමණි ක්ෂණිකයෙන් තාප්පයෙන් බිමට පැන්න බල්ලා එක්වරම පා පැදි කරුගේ ඇඟට පැන සපා කෑමට පටන් ගත් අතර තරුණියගේ සහ ඔහුගේ කෑ ගැසීමට දිව ආ අසල්වාසීන්ගේ මැදිහත් විමෙන් බල්ලා පසෙකට කිරීමට හැකිවිය. පා පැදිකරු සපා කෑමෙන් පසු කිසිදු දෙයක් සිදුනොවු අයුරින් බල්ලා නැවතත් තාප්පය මතට ගොස් පා පැදිකරු දෙසත් තරුණිය දෙසත් බලා සිටියේය.
බල්ලාගේ සපා කෑමෙන් දැඩි සේ තුවාල ලැබු පා පැදිකරු එම ස්ථානයට පැමිණ සිටි ගැමියන් විසින් ත‍්‍රිරෝද රථයක නංගවා ප‍්‍රතිකාර ගැනීම සදහා මහියංගණ මූලික රෝහල කරා පිටත් කර යවා තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
“කැහැටු’’ බල්ලාගෙන් යස පාඩමක්
sepali Thursday, 16 October 2025 08:43 AM
බල්ල වුනත් දන්නවා බල්ලා කවුද පිස්සු බල්ලා කවුද කියලා.