IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කම්මැලිකමට බිරිඳගෙන් යස පාඩමක්


පෝද්දල සරත් ආනන්ද ගමගේ 



තාත්තලා තම දරුවන් බස් එකට කෝච්චියට ගෙනත් ඇරලනවා අපි දැක තිබුණ ද හොඳට අතපය ඇති ඇස් පේන කන් ඇහෙන නිරෝගී තාත්තා කෙනකු දරුවන් විසින් දිනපතා කෝච්චියට ගෙනැත් ඇරලන සිද්ධියක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
 මේ වැඩිහිටියා ආරක්ෂක හමුදාවක සේවය කර විශ්‍රාම ලැබූවෙකි. ඔහු වැඩිමහල් දියණියක හා වයස අවුරුදු 12-14පසුවන පාසල් යන පුතුන් දෙදෙනකුගේ ද පියෙකි. හේ උපන් ගෙයිම අමුම අමු කම්මැලියෙකි. නිදා ගැනීම ඔහුගේ එකම අරමුණ වී ඇත. ඔහුගේ විනෝදාංශය වී ඇත්තේද නිදා ගැනීමයි. ගෙදර කිසිවකු විසින් හෝ නින්දෙන් අවදි නොකළොත් එදා දවසම වුණත් නිදා ගැනීමට ඔහුට හැකියාව තිබේලු‍. මේ නොහොබිනා පුරුද්ද නිසා හමුදා සේවයේදීත් ඔහුට කිසිම උසස්වීමක් පවා ලබා ගැනීමට හැකිවී නැත.


විශ්‍රාම වැටුපෙන් පමණක් මේ පවුලට නඩත්තු වීමට නොහැකි නිසා දිරිය කතක වූ ඔහුගේ බිරිය නිවසේ දී කෙටි කෑම වර්ග සාදා අසල වෙළෙඳ සල් කිහිපයකට දී ආදායමක්ද උපයා ගන්නා අයෙකි. දන්නා කියනා අයගේ මාර්ගයෙන් ඔහුට පෞද්ගලික ආරක්ෂක සේවා කිහිපයකම රැකියා බිරිඳගේ මැදිහත්වීමෙන් සොයාදී ඇතත් කම්මැලිකම නිසා ඒ එක රැකියාවක්වත් ස්ථාවරව කරගෙන යාමට අපොහොසත් වී තිබේ.
බිරිඳ විසින් උදයට අවදි කර කෑම පාර්සලයක් ද අතට දී නිවසින් පිට කළත් බොහෝ දිනවල”‍කෝච්චිය මිස්වුණා ”‍ යැයි කියමින් ඔහු ආයෙම නිවසටම පැමිණීම පුරුද්දක් කරගෙන ඇත. මේ නිසා කරන කිසිම රැකියාවක් එක දිගට කරගෙන යාමට හැකිවී නැත.
මේ මෑතක දී මුහුදු බඩ මාර්ගයේ සංචාරක හෝටලය සුළු රැකියාවක් ඔහුට සොයා දීමට බිරිඳට හැකිවී ඇත. මිනිහගේ පිළිවෙත දන්නා ඇය මෙවර ඔහු රැකියාවට යොමු කිරීමට උපක්‍රමයක් සොයාගෙන ඇත. තාත්තා රැකියාව සඳහා රැගෙන යෑමේ වගකීම ඈ විසින් පුතුන් දෙදෙනාට බාර දී තිබේ. 
දුම්රියපොළ ආසන්නයේම පිහිටි පාසලක අධ්‍යාපනය ලබන මේ පුතුන් දෙදෙනා දැන් උදෑසනම තාත්තාත් සමග ගොස් ඔහු දුම්රියට නංවා එය පිටත් වූ පසු පාසලට යාමට පුරුදු වී ඇත. ඔහුගේ බිරිඳ සිදු කළ මෙහෙයුම සාර්ථක වී ඇති අතර දැන් ඔහු දිනපතා රැකියාවට යන බව වාර්තා වේ.
දෛනිකව උදෑසන මෙම දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට දැන් මේ තාත්තා ඇරලන්න එන පුතුන් දෙදෙනා නිරන්තරයෙන් දැකිය හැකි යැයි සිද්ධිය දන්නෝ පවසති.

 



අදහස් (2)

කම්මැලිකමට බිරිඳගෙන් යස පාඩමක්

ගුණරත්න Wednesday, 03 September 2025 11:36 PM

ඇතැම් අසනීප නිසාත් කම්මැලි ගතිය දැනෙන්න පුළුවන්. මට හිතෙන්නේ වෛද්‍යයවරයෙක් මුණගැහිලා අවශ්‍ය පරීක්ෂණ කර බැලුවොත් හොඳයි කියල

:       0       2

SuddaSaturday, 06 September 2025 09:04 AM

කතාව ඇත්ත වෙන්න පුලුවන්. තයිරොක්සින් මදි වුනාමත් නිදිමත​, ශරීරය මහත්වීම​, උදාසීන ගති ඇතිවීම සිදුවෙන්න ඉඩ තිබෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site