තම නිවසේ කුකුළු කූඩුවෙන් සතියකට එක් කිකිළියක අඩු වීමට දුන් විසඳුමෙන් හොඳම මිතුරාගේ අතේ ඇඟිල්ලක් අහිමි වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයක පදිංචි මැදිවියේ පුද්ගලයකු වූ මොහු රැකියාව වශයෙන් ගොවිතැන කර ගෙන ගියත් අමතර වශයෙන් කුකුළු පාලනයද සිදු කළේය. මේ සඳහා කිකිළියන් සඳහා එක් කූඩුවක්ද කුකුළන් සඳහා වෙනම කූඩුවක්ද වශයෙන් එක ළඟ කූඩු දෙකක් සකසා තිබූ අතර තවත් කූඩුවකට දකින දකින පුද්ගලයින්ට පවා කොටා තුවාල කරන පොර කුකුළෙකුද කූඩු කර තිබිණ.
මෙම තත්වය තුළ ටික දිනක සිට සතියකට දෙකකට වරක් තම කුකුළු කූඩුවෙන් එක් කිකිළිය ගානේ අතුරුදන් වන බව ඔහුට දැනෙන්ට පටන් ගත්තේය. මේ ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ ඔහු තම කූඩුවේ සිටින කිකිළියන් ගණන සම්පූර්ණයෙන් දිනපතා උදේ සවස ගණන් කර බැලීය. මෙලෙස එක් දිනක් ගණන් කරද්දී එක් කිකිළියක අඩු වී තිබිණ. එදින පටන් නැවතත් ගණන් කළ අතර දින 10 කට පමණ පසුව තවත් කිකිළියක අඩු වී ඇති අයුරු ඔහු දුටුවේය. ඔහු සිතුවේ කලවැද්දෙකු හෝ වෙනත් සතකු මෙලෙස මෙම කිකිළියන් රැගෙන යන බවකි. එහෙත් කූඩුවට කිසිදු හානියක් සිදුව නොතිබිණ.
මේ සොරකම අල්ලා ගැනීම සඳහා ඔහු උපායක් යෙදීය. සෑම දිනකම රාත්‍රියේ මෙම කුකුළු කූඩුවේ සිටින සියලු කිකිළියන් පිටතට ගෙන මිනිසුන් පවා සපා කන පොර කුකුළා කූඩුවට දමා වසා තැබීය. කිකිළියන් වෙනත් කුඩුවක කූඩු කිරීමට ඔහු පියවර ගත්තේය.
මෙලෙස සතියක් පමණ යද්දී දිනක් පාන්දර යාමේ පුද්ගලයකු විලාප තබන හඬ ඔහුට ඇසුනේ නින්දෙනි. වහාම දොර ඇරගෙන ගොස් බලන විට පොර කුකුළා කූඩු කර තිබූ කූඩුවේ දොර විවෘතව තිබූ අතර කුකුළා එළියට පැන සිටියේය.
තම කිකිළියන් අල්ලා ගන්නා සතා පැමිණෙන්නට ඇති බවත් පොර කුකුළා ඒ සතාට පහර දී එළවා දමන්නට ඇති බවත් ඔහු සිතුවේය.
පසු දින ගොවිතැන් කටයුතු සඳහා පිටත් වූ ඔහු තමන් සමඟ වැඩට යන හොඳම මිතුරාට ඔහුගේ නිවස අසලට ගොස් කතා කළේය. අතේ ඇඟිලි පුරා වෙලා ගෙන සිටි ඔහු මට අද එන්න බෑ උඹ පලයං යැයි කීය. ඊයේ රාත්‍රියෙත් හොඳට හිටපු මිනිහට මොකද මේ වුණේ යැයි ඔහු ඇසුවත් පිළිතුරක් ලැබුණේ නැත. නමුත් ඔහුගේ ඇඟිල්ලක් කැඩී ගොස් තිබිණ.
කුකුළු හොරා ඇඟිල්ලෙන් දැනේ යැයි ගමේ පැතිරී ගොස් තිබූ කතාවෙන් මොහු සිදුව ඇති සියල්ල දැන ගත්තේය. හා... එහෙනම් උඹයි මගේ කිකිළියන් මෙච්චර කල් සොරකම් කළේ. උඹට ඕව හොඳ පාඩම් යැයි ඔහු සමඟ තිබූ මිත්‍ර කම එදා සිටම අත් හැර දැමීය.
හාරිස්පත්තුව මොහොමඩ් ආසික්
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු හොරා ඇගිල්ලෙන් අහු වෙලා