කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
තමාට කරදර කරන උගුඩුවා අල්ලාගෙන මිතුරන් සමග සෙට් වෙන්න සිතූ අයකුට සිදුවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හේ ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරික ස්ථානය පිහිටියේ නගරයේය. දිවා කාලයේ පමණක් විවෘත වන ව්‍යාපාරික ස්ථානයකි. රාත්‍රී කාලයේ දී ඔහු මේ ව්‍යාපාරික ස්ථානය වසා දමා ගමේ නිවසට යන්නේය. ඒ සිය යතුරු පැදියෙනි.
රාත්‍රී කාලයේ වසා දමන සිය ව්‍යාපාරික ස්ථානය උදෑසන විවෘත කරන්න යන සෑම දිනකම පාහේ ඔහුට තමන් අකමැති ලොකු වැඩක් කරන්නට සිදුව තිබේ. ඒ සිය ව්‍යාපාරික ස්ථානයේ මේසය මත කැත කරන උගුඩුවකුගේ කසළ අස්පස් කිරීමට සිදුවීමය.
අකමැත්තෙන් වුවත් ඔහුට එය කරන්න සිදුව ඇත්තේ ඊට වෙනත් විකල්පයක් නොවූ නිසාය. ඔහු මේ බව සිය මිතුරන්ට පැවසූයේ ඔවුන්ගෙන් මේ සඳහා යම් උපදෙසක් හෝ සහනයක් ලබා ගැනීමටය.
එයින් එක මිතුරකු කීවේ උගුඩු මස් දෙවැනි වන්නේ කුකුළු මස්වලට පමණක් බවය. ඒ නිසා මේ උගුඩුවාට විස ද්‍රව්‍යයක් යොදා අල්ලා ගැනීමෙන් එය පරීක්ෂා කළ හැකි බවද හේ කීවේය.
මේ ආකාරයට උගුඩුවා අල්ලා ගැනීමට ක්රමයක්ද මිතුරා ඔහුගේ කනට කර කීය. මත්වීම සඳහා ප්‍රයෝජනයට ගන්න මෝදකය ගුලි තුනක් සියුම් වෙන්න අඹරාගෙන දියරයක් ලෙස සාදා විස්කෝතුවල පොඟවා උගුඩුවාට කෑමට සැලැස්වීමය. ඒ අනුව ඔහු එදා රෑ ඒ උපක්‍රමය ක්‍රියාත්මක කළේය. ඒ සියලු මිතුරන්ට එදා සවස උගුඩු මස් කටගැස්මට ගෙන සෙට්වීමට එන ලෙස ද දන්වමිනි.
එදා උදේම ඔහු සිය වෙළෙඳ සල විවෘත කිරීමට ගියේය. එහි දොර විවෘත කළේය. පුදුමයක මහත උගුඩුවා ව්‍යාපාරික ස්ථානයේ මත්වී නිදිය. ඔහුට සතුටුය. බඩු ප්‍රෙස් පිටය. හවස කට ගැස්ම හරිය. කටට කෙළ ඉනුවේය.
කලබලයට ඔහු මත්වී සිටින උගුඩුවා පෝර උරයක දැමීමට ඌ අල්ලන්න ගියේය. මත්වී සිටි උගුඩුවා වහාම නැගිට්ටේය. ඒ සමගම ඔහුගේ අතෙන් ලේ පනින්න සපා කා පැන ගියේය. ලේ වහනය නතර කිරීමට නොහැකිය. වහාම ඔහු රෝහල්ගත කිරීමට අසල්වාසී වෙළඳසල් හිමියෝ කටයුතු කළහ.
ඒ ඔහුගේ අතින් ලේ වහනය වන එක නතර කිරීමටය. ඒ එක්කම පිටගැස්ම සෑදීම වැළැක්වීමට එන්නත් කිරීමටය. මේ කිසිත් නොදත් මිතුරන් සෙට්වීමට උගුඩු මස් හරිදැයි ඔහුගෙන් ඇසූවේය. ඔහුට තරු වීසි විය.
උගුඩු මස් කන්නේ කොහොමද උගුඩුවා අල්ලන්න ගොස් අත කාලා මම රෝහලේ යයි කීවේ මේ සිද්ධිය වෙන කාටවත් කියන්න එපා කියමින්ය. එහෙත් මිතුරන් ඒ ඉල්ලීම සුපිරියට කළේ පිට කාටවත්ම නොකියා ගමටම කියූ නිසාලු.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උගුඩු මස් “බයිට්” එකට ගන්න ගිහින් රෝහලේ ලැගලා
ගුණරත්න Wednesday, 22 October 2025 10:59 AM
උගුඩුවා කියන්නේ ජලභීතිකාව රෝගය පතුරවන්න පුළුවන් සතෙක්. එක නිසා ඒ සඳහාත් බෙහෙත් විදගත්තොත් හොඳයි.