කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ආයතනයකින් කළ අවුරුදු උත්සවයකි. සංවිධානය එහි සුභ සාධක සංගමයෙනි. ඊට බැර පැනත් එම සංගමයෙනි. සේවකයන්ට පමණක් විවෘත වූවකි. ක්‍රීඩා අංග රැසකි. කොට්ටා පොරය, සතය සෙවීම, වාසනා මුට්ටිය බිඳිම, කඹ ඇඳීම ඒ අතරය. සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් නිවේදකයා විටින් විට කීවේ මේ අතරය.
සැඟවුණු අමුත්තා ආයතනයේ ප්‍රධාන ගේට්ටුව අබියස සිටින බව වරක් කීවේය. තවත් වරක් කීවේ කොට්ටා පොරය ක්‍රියාත්මක වන තැන සිටිනා බවය. සැඟවුණු අමුත්තා ඇඳ සිටි ඇඳුමක් සහ එහි පාට ගැනද නිවේදකයාගේ තිරිංග නැති කටින් කිහිපවරක්ම පැන්නේය. ඒ සමගම සේවක, සේවිකාවෝ එම පාට ඇඳුම ඇඳසිටින සැඟවුණු අමුත්තා සෙවීමට පටන් ගත්හ.
සේවකයෝ අවුරුදු උත්සවය නැරඹීමට පැමිණි පිරිමි අයගේ ඉණ අතගාමින් මොකක්දෝ සෙවූහ. ගැහැනු අයවලුන් ළඟට ගොස් කනට කොඳුරා මොකක්දෝ ඇසූහ. මේ වැඩෙන් එතැනට ආ සමහර කාන්තාවෝ හා පිරිමි නොරිස්සුවෝය.
එයට සිනාසී මරු වැඩක් යැයි කී අයද නොසිටියාම නොවේ. වැඩේ දැන් හොඳටම පත්තුවෙමින් ගියේය. ඇතමුන් තමාගේ ඉණ අතගාන්න එන අයගෙන් බේරීමට සැඟවුණාහ. කාන්තාවෝද තමන්ගේ කනට කොඳුරා අහන දෙයින් බේරීම සඳහා සැඟවී සිටීමට උත්සාහ කළහ.
සැඟවූණු අමුත්තා සෙවීමේ ජරමරය පිළිබඳව නිවේදකයාගේ කනටද ගියේය. මෙයින් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණි අය පත්ව ඇති අපහසුතාව ගැනද ඔහුට සැලවිය. ඉන් අනතුරුව නිවේදකයා කීවේ සැඟවුණු අමුත්තා ඇඳ සිටිනුයේ නිල් යට කලිසමක් නොව නිල් කොට කලිසමක් බවය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්