IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඉංග්‍රීසි හුටපටෙන් ගුටිනොකා බේරිලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



ඉංග්‍රීසි අකුරු හුටපටයකින් අබ්බානකට ගුටි නොකා දීගයද නොකැඩී යාන්තමින් බේරුණු අයකු පිළිබඳ අපූරු කතාවක් ගාලු‍ නගරයේ ගමකින් අසන්නට ලැබේ.
හේ ගමේ සමිති සමාගම් රැසකම නිලතල දරයි.වැඩිමනත් ප්‍රධාන නිලයන්ය.එක්කෝ ඒවායේ සභාපතිය. නැත්නම් ලේකම්ය. සංවිධායක හෝ භාණ්ඩාගාරික තනතුරුද දරන සමිති ද මේ අතරය. මේ නිසාම ගමේම මොහු ගේ නම ප්‍රසිද්ධය. ඒ නම ඇති කෙනකු ගැන බොහෝ ගම්මු නොදත්තෝය.
මේ ඊයේ පෙරේදා ඔහුගේ නිවස ඉදිරිපිටට කෙනෙක් පැමිණියේය. ඒ මන්නා පිහියකුත් අමෝරාගෙනය. බැහැපන් එළියට මගේ රට ඉන්න භාර්යාවට කේලම් කියන්නේ අහවල් එකටදැයි කියමින් මේ පුද්ගලයා කෑගසන්නේය.
මේ අවස්ථාවේදී ඔහුට නිවසේ හැංගෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය. ඒ අර වසවර්තියා අත මන්නා පිහියකි. ඒ මදිවට කට ගොන්නක් බීගෙනය. මන්නා පිහියක් අතේ ඇති සිහිසන්නයක් නැති අය එක්ක කරන කතා කෙළවර වනුයේ බොහෝ වෙලාවට මරණයෙන් බව ඔහුට සිහිපත්විය. ඒ මරණ භය ඇතිවූ නිසාම ඔහු නිවසේ වහන්වී සිටියේය.
මේ චෝදනාවේ බරපතළ කම නිසාම ඔහුගේ භාර්යාවද ඔහුට අඩාපාලි කීවේ කොරේ පිටට මරේ කියන්නාක් මෙන්ය. මරණ භයත් භාර්යාවගේ අඩෝ ඇඩියාවත් නිසා ඔහු නිවසේ සැඟවී සිටියේ මහත් අපහසුතාවයන් රැසක්ම මැද්දේය. හිමින්නා වගේ හිටියට රට ඉන්න ගෑනුත් එක්ක සම්බන්ධකම් පවත්වනවා.හොඳ වැඩේ. ඕවා කරානම් දඞුවම් විඳින්න ඕන. බහිනවකෝ මිනිහෝ බය නැතිව එළියට. බලනවා වටේ පිටේම මිනිස්සුත් අහගෙන ඉන්නවා අරූගේ කතාව. එහේම දෙයක් කරේ නැත්නම් බය නැතිව එළියට බැහැලා කියනවකෝ මම කරේ නැහැ කියලා යයි කියමින් භාර්යාවගේ බෙලිකටු මල්ලද නොනවත්වාම හෙලෙව්වාය.


පැයක් පමණ මේ පුද්ගලයා මන්නා පිහිය අමෝරාගෙන ඔහුට බැණ වදිමින් සිට යන්නට ගියේය.එතනින් ප්‍රශ්නය ඉවර නොවූවේ අර පුද්ගලයා කෙළවර කළ තැනින් භාර්යාව පටන්ගත් නිසාය. ඇය කියන්නේම හොර පූසා වගේ සිටියාට සිය සැමියා රට ඉන්න කාන්තාවක සමග හදියක් ඇතිකරගෙන ඇති බවය.එදා දහවල ඇතුළුව වේල් කිහිපයක්ම ඔහුට නිවසින් කෑම නොලැබුණේ මෙය ගැටුමක් දක්වා දුරදිග ගිය බැවිනි.
ගතවූවේ දින දෙකකි. මන්නා පිහිය අමෝරාගෙන කෑගැසූ පුද්ගලයා ඔහුගේ නිවසටම පැමිණියේය.ඒ නිරායුධවය. පැමිණියත් ඔහු දුටු ගමන්ම කතා නායකයාට කරකියා ගන්නට දෙයක් නොවීය.ඔහු අද සිහියෙන් එන්න ඇත්තේ අර කතාව ඇදගෙන තමාට නෙළන්නට බව සිහිවූවිට ඔහුගේ තුන් මුහුණටම දහඩිය දැමුවේය.
ඒත් සිදුවූයේ අනෙකකි. අනේ මහත්තයා මට සමාවෙන්න.එදා මම බැන්නට. ඔයා නෙමෙයි අපේ රට ඉන්න නෝනට මගේ අනියම් සම්බන්ධය කියලා තියෙන්නේ. ඔයාගේම නම තියෙන අපේ ගමේ අසවල් ගෑනු කෙනානේ. නෝනා මගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් එකට ඒ සම්බන්ධයෙන් පණිවිඩයක් දාලා තිබුණේ ඉංගීසි අකුරින් කියන භාෂාවෙන් ඒක මට කියවුණේ (දනූජ) කියලයි. නමුත් මම භාර්යාවගෙන් සහසුද්දෙන්ම දැනගත්තා කවුද ඒක කරේ කියලා.එයා කිව්වා ඒක කරේ ( දනූජා) කියලා. ඉංග්‍රීසියෙන් ලියන කොට මේ නම් දෙකම එකයිනේ. අනේ මට සමාවෙන්න යයි කියමින් ඔහු සමාව ඉල්ලු‍වේ කතා නායකයාගේ භාර්යාව ඉදිරියේය.
එවිට වේල් කිහිපයක් තමා කන්න නොදී සිටි සැමියා දෙස භාර්යාව බැලු‍වේ මමත් දුර දිග නොබලා කළ වැඩක් කියමින්ලු‍.



අදහස් (1)

ඉංග්‍රීසි හුටපටෙන් ගුටිනොකා බේරිලා

vernon Monday, 21 July 2025 09:54 AM

පත්තරේට දාන්න කලින් ලියුම්කරු පටලැවිල්ල ලිහා ගෙන නෑ. මොකද අතිනුත් දාලාද කොහෙද කියලා තියෙන්නේ. මුලින්ම පටන් ගන්නවා සමිති සමාගම් කතාවක්, අදාළම නෑ. ඊට පස්සේ කෙලම් කියන කතාවක් කියලා පස්සේ කියනවා බිරිඳ කියන්නේ රට ඉන්නා කාන්තාවක් එක්ක හදියක් වෙලාලු, එතකොට ඒ බිරිඳගේ කන් ඇහෙන්නෙ නැද්ද කියපු එකට නෙවෙයිනේ චෝදනා කරන්නේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 64 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 352 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site