IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ඇප වෙලා අලි අමාරුවක වැටිලා

‍කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා



හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය.
මෙහිදී මියගිය අයගේ වැඩිමහල් පුත්‍රයා වූ මෙම කතා නායකයා ප්‍රදේශයේ ඇති අවමංගල්‍ය ශාලාවක සහාය පැතුවේ මියගිය පියාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පෙට්ටිය ඇතුළු අනෙක් දෑ සපයා ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින ප්‍රභූවරයෙකුගේ පිහිටෙනි. මෙහිදී එකී ප්‍රභූවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් ඇපවන බවක් පමණකි.
මේ අතරතුර අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය පෙට්ටිය ඇතුළු සියලු‍ම කළමනා මෙම පවුල වෙත ලබාදුන්නේ පෙරකී ප්‍රභූවරයාගේ ඇපවීම මත ණය පදනම මතය.
මෙම පුද්ගලයාගේ පියාණන්ගේ අවසන් කටයුතු ද අවසන් විය. දැන් අවමංගල්‍ය සංවිධායකවරුන්ට මෙම අවමංගල්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් තමන් වෙත අයවිය යුතු වූ මුදල ගැන හා හූවක් නැත. දිනක් මේ සම්බන්ධයෙන් විමසීමට අවමංගල්‍ය ශාලාවේ කළමනාකාරවරයා පෙරකී තැනැත්තාගේ නිවසට ගියේය. පසුව එම කළමනාකාරවරයා පවසා ඇත්තේ මෙම ප්‍රසිද්ධ චරිතයේ පියාගේ අවසන් කටයුතු සංවිධානය වෙනුවෙන් තම ආයතනයට මෙතරම් මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදල අයකර ගැනීම සඳහා තමා පැමිණි බවත්ය.


ගතවූයේ නිමේෂයකි. මෙම ප්‍රසිද්ධ චරිතය මේ අවස්ථාවේදී අදාළ අවමංගල්‍ය ආයතනයේ කළමනාකරුට පවසා ඇත්තේ මෙම කාර්යය වෙනුවෙන් ඇපවූ පුද්ගලයා එම මුදල සම්බන්ධයෙන් බලාගන්නා බවයි. ඒ අවස්ථාවේ දී අවමංගල්‍ය ශාලාවේ කළමනාකාරවරයා වහාම අදාළ මෙම කටයුත්ත සඳහා ඇපවූ ප්‍රභූවරයා වෙත තම දුරකතනයෙන් ඇමතුමක් ගෙන මෙම කාරණාව ඔහුට සැල කළේය.
එවිට මෙකී ප්‍රභුවරයාට අන්දුන් කුන්දුන් විය. තමා කළේ උපකාරයක් මිස අනුන්ගේ ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක කළමනා වෙනුවෙන් වැයවූ බිල ගෙවීමට තමාට රුදාවක් නොමැති බවත් මෙම ප්‍රභූවරයා අරකී ප්‍රසිද්ධ චරිතයට මේ අවස්ථාවේදී දුරකතනය මගින් දන්වා තිබේ.
කාටත් දුකකදී වුවද පිහිටට එන මෙකි ප්‍රභූවරයා මෙම සිද්ධියෙන් පසු කිසිම කෙනෙකුට උදව් කිරීමට සූදානම් නොවූ අතර මෙම ප්‍රභූවරයා තම බිරිඳට සහ කිට්ටුවර හිතවතුන්ට පවසා ඇත්තේ තමන් විසින් ණය සහනය මත මෙම කටයුත්ත සිදුකර ගැනීමට ලබාදුන් ඇප පොරොන්දුව මත අදාළ ප්‍රසිද්ධ චරිතය තමන්ගේ කනෙන් රිංගන්නට සූදානම් වූ බවයි. අනේ කාලේ වනේ වාසේ යැයි කියමින් හෙතෙම දැන් කල් ගත කරන බව ද පැවසේ.



අදහස් (0)

ඇප වෙලා අලි අමාරුවක වැටිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සොරකමෙන් බේරෙන්න සල්ලි ගෙවූ බඩුත් දමා දුවලා
2024 ජුලි මස 26 587 0

හොරා කාපු එකාට ලු‍ණු පොල් කට්ටේ ඇඟිල්ල ඔබාගෙන හෝ උලා කෑමේ පුරුද්දක් ඇති බවට පැරණි කියමනක් සිහිපත් කරන අපූරු සිදුවීමක් කැබිතිගොල්ලෑව නගරයේ වෙ​ෙළඳසලක්


විජ්ජාවක් පෙන්වන්න ඇවිත් රෙදි ගැලවෙන්න දීලා
2024 ජුලි මස 25 1769 2

කෙටි කෑම වෙ‍ළෙද සලට විජ්ජාවක් පෙන්නන්න හැදූ පකිස්තානුවාට ඊට වඩා ලොකු විජ්ජාවක් පෙන්වූ එම වෙළඳ සලේ තරුණයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ බස් පොළෙන් අසන්නට


ෆෝන් අංකය මාරුවී ලෙඩා මළැයි කියා ‘‘හර්ස්’’ එකකුත් ගෙනත්
2024 ජුලි මස 24 957 0

මිය ගිය රෝගියකුගේ, දේහය රැගෙන ඒමට අවමංගල රථයක් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් හිස් අතින් පැමිණි පිරිසක් ගැන දකුණේ ගමකින් අසන්නට ලැබිණි.. සිද්ධිය මෙසේ


දෙවියන් දුන් උපකාරෙන් අලි අමාරුවක වැටිලා
2024 ජුලි මස 23 1025 0

ස්ථාන මාරුවී ගිය විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් කරන්නට දෙවියන් දුන් උපකාරයෙන් අලි අමාරුවක වැටුණු දුෂ්කර ප්‍රදේශයක රෝහලක් ඉදිරිපිට වෙළඳසල් හිමියකු පිළි


මැල්ලු‍ම මාරැවී වැසිකිළි පෝලිමේ
2024 ජුලි මස 22 836 0

පියාගේ පාදයක ඇතිවූ අස්ථි බිදීමකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලු‍ම සහ නිවසේ ආහාරයට පිසින ලද පලා මැල්ලු‍ම මාරුවී අනුභව කිරීමෙන් අකරතැබ්බයකට මුහුණ පෑමට


බණ ගෙදරට ගඩොල් පාර්සලයක් ගෙනත් පටි රෝල් වෙලා
2024 ජුලි මස 19 1217 0

කිසිවකුත් ගෙන නොයන අපූරු තෑග්ගක් බණ ගෙදරකට ගෙනගිය පුද්ගලයකු පිළිබඳ අමුතුම කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් පසුගියදා අසන්නට ලැබුණි. පිරිමි දරුව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site