විපතට පත් ජනතාවගේ ජීවිත යථාවත් කරගැනීම සඳහා ඔවුන්ට උදව් කිරීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික්කයට ගිය පිරිසක් සමඟ විෂකුරු සර්පයකු ද ගොස් ඇති පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගිය දා අසන්නට ලැබුණි.
මෙම ගම්මානයේ ජනතාව රටක් ලෙස විපතට පත් සෑම අවස්ථාවක තම ශ්‍රමදායකත්වයෙන් අවතැන්වූවන්ට පිහිටවීමට නොපැකිලව ඉදිරිපත් වන පිරිසකි. මෙවරද එම ගමේ තරුණයන් ඇතුළු පිරිසක් ඒ සඳහා සංවිධානය වූහ. මෙවර ඔවුන් තීරණය කළේ ගංවතුරින් විපතට පත්වූ කෑගල්ල දිස්ත්‍රික්කය වෙත යාමටයි.
මෙම ප්‍රදේශයේ පදිංචි ප්‍රාදේශීය ලේකම්වරයෙක් ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සකස් කර දුන්නේය. කැලණි ගඟේ අතු ගංගාවක් වන ගුරුගොඩ ඔය පිටාර ගැලීමෙන් විපතට පත්වූවන්ගේ ළිං සහ නිවාස පිරිසිදුකරදීම ඔවුන්ගේ අරමුණ විය.
මේ සඳහා අවශ්‍ය උපකරණ ද සූදානම් කරගත් අතර සහභාගිවන සියලු දෙනාටම ගන් බූට්ස් (කකුල වැහෙන සපත්තු) දෙකක් සොයාගැනීමට උපදෙස් ලැබී තිබුණි. කෘෂිකාර්මික පෙදෙසක් වූ මෙහි සෑම නිවසකම මෙවැනි සපත්තු ඇත.
නියමිත දිනයේ ඔවුහු බස් රථයකින් අදාළ ප්‍රදේශයට පැමිණියහ. එහිදී කණ්ඩායම් කීපයක් අවශ්‍ය උපකරණ ද රැගෙන ළිං ඉසීමේ කාර්යයට පිටත්ව ගිය අතර අනෙක් සියලු පිරිස පාසලක් පිරිසිදු කිරීම සඳහා යොමු කළෝය.
එහිදී තම තමන්ගේ වැඩ ඇඳුම් ඇඳගෙන සපත්තු පැලඳගත්තෝය. මෙහිදී එක් අයකු පැලඳි සපත්තුවේ යම් දෙයක් සිරවී ඇති බව දැනී සපත්තුව ගලවා අනෙක් පස හරවා එහි රැඳී ඇති දෑ බිමට දැමීමට තට්ටු කිරීමේ දී බිමට වැටී ඇත්තේ සර්පයෙකි. එහි සිටි අය විසින් කුණකටුවා නම් වූ උග්‍ර විෂ සහිත සර්පයා ලෙස ඌ හඳුනාගෙන ඇති අතර සතා ලඳු කැලෑවට ඇදී ගොස් තිබේ.
සිද්ධිය එතනින් නිමා වුණත් ඒ ගමනට එක් වූ තරුණයකු දකුණේ සිට කෑගල්ලට ගිය සර්පයා ගැන කතාව සමාජ මාධ්‍යයට ද එක්කර ඇති නිසා ගමේ අය පමණක් නොව රටේ මිනිස්සු ද මේ කතාව දන්නා බව තතු දත්තෝ පවසති.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආපදා උදව්වට සර්පයකුත් ගිහින්