මාවරල පී.එස්.මද්දුමගේ
අයහපත් කාලගුණය නිසා රටට සිදුව ඇති විපත් වෙනුවෙන් යමක් කළ යුතු බවට තීරණය කළ පුද්ගලයකු සිදු කළ දෙයකින් තම බිරිදට වූ අකරතැබ්බයක් ගැන කතාවකි මේ.
ඔහු කාර්යාල සේවකයෙකි. විවාහකයකු වූ ඔහුගේ බිරිඳ ජේත්තුකාරියක වූවාය. දරුවන් දෙදෙනෙක් ද මොවුනට සිටියහ. කාර්යාලයේ නිලධාරි අතර ජනප්‍රිය පුද්ගලයකු වූ මොහු විපතට පත් වූවන්ට සහනාධාර එකතු කිරීමේ කටයුත්තක් ආරම්භ කළේ කාර්යාලයේ අනෙකුත් අයගේ සහයෝගය ඇතිව ය.
සහනාධාර ලෙස රෙදිපිළි, ඇඳුම් පැලඳුම්, කිරිපිටි, වියළි ආහාර ද්‍රව්‍ය විශාල ලෙස එකතු විය. මොහු ද තම නිවසේ තිබූ රෙදිපිළි පාර්සලයක් සහනාධාර ගොඩට ගෙනවිත් දුන්නේ ය.
එක්රැස් කළ සහනාධාර රැගෙන කාර්යාලයේ පිරිසක් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර බෙදීමට යන ගමනට ද මොහු සම්බන්ධ විය. ආධාර වැඩසටහන අවසන් වී දින කීපයක් ගතවිය. බිරිඳ මොහුට සිහිපත් කළේ ඇයගේ හිතවතියගේ මංගල උත්සවයට යා යුතු බව පවසමිනි. එම දිනය ද ඉතාම ළංවීම නිසා තමන් කලින් ගෙනවිත් තැබූ මංගල දිනයට අඳින්නට ගෙනා සාරිය සහ අනෙකුත් ඇඳුම් ආයිත්තම් පාර්සලය සොයා තම කාමරයේ අල්මාරිය විවෘත කළාය.
පුදුමයකි. අල්මාරියේ රෙදි පිළි තැබූ අන්දමට තිබේ. මංගල දිනයට අඳින්නට ගෙනා සාරිය සහ අනෙක් රෙදි තිබුණ පාර්සලය අල්මාරියේ නොමැති බව ඇයට දැකගැනීමට හැකිවීමෙන් ඇය අන්දමන්ද විය.
එදා සතියේ නිවාඩු දිනයක් වූ බැවින් ස්වාමිපුරුෂයා ද නිවසේ සිටි බැවින් වහා ස්වාමි පුරුෂයා වෙත පැමිණි ඇය මහත්තයා මම ගෙනත් තිබුණ සාරිය සහ අනෙක් රෙදි තිබුණ පාර්සලය අල්මාරියේ නෑ. සොරෙක්වත් ආවද දැන් මොනවද මගුල් ගෙදර ඇඳගෙන යන්නේ. නගරයට ගොස් සාරි, රෙදි පිළි ගේන්න සල්ලිත් නෑ. වෙලාවකුත් නෑ. මගුල් ගෙදර යන්නෙ කොහොමද යයි විමසා දුක්මුසුව, තරමක කේන්ති ස්වරූපයකින් ස්වාමි පුරුෂයාගෙන් ප්‍රශ්න කළාය.
තක්බීර් වූ පුරුෂයා මොහොතක් නිහඬව සිට අනේ හාමිනේ සමාවන්න. විපතට පත් වූ අයට දෙන්න අවශ්‍ය රෙදිපිළි වෙනුවෙන් මම ඒ රෙදි පාර්සලය ගෙන ගොස් දුන්නා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ බද්දට දෙන තැනකින් අවශ්‍ය ඇඳුම් පැලඳුම් ටික ගෙනත් මගුල් ගෙදර යමු යයි පැවැසීමෙන් පසු බිරිඳ මම තමුසෙට මොකුත් කියන්නෙ නෑ යනුවෙන් පවසා නිවස ඇතුළට ගියා ය.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ආපදා ආධාරයෙන් බිරිඳ අලි අමාරුවක