වියලුව වාර්තාකරු
නිවසේ ඉවුම් පිහුම් කටයුතු සඳහා තිබූ රොටි තැටියක් ඇතුළු ඇලුමිනියම් වළං කිහිපයක් උකසට තබා මත්පැන් පානය කිරීමට මුදල් සොයා ගන්නට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු තදින් මතට ඇබ්බැහි වූවෙකි. හම්බ කරන මුදලින් වැඩි කොටසක් වැය කළේ පවුලේ සුඛ විහරණය සඳහා නොව ඔහුගේ මත්පැන් වේල වෙනුවෙනි. කුලී වැඩක් හෝ නොලැබීම හේතුවෙන් මත්පැන් ටිකක් පානය කිරීමට ක්‍රමයක් නැතිව ඔහු දින ගණනාවක්ම ගත කළේ දැඩි අපහසුතාවයකිනි. මත්පැන් ටිකක් බොන්නට කීයක් හෝ හොයා ගන්නට මාන බැලුවත් බිරිඳගෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. එක්වරම ඔහුගේ ටිකිරි මොළයට ආවේ කදිම අදහසකි.
ඕනෑම දෙයක් උකසට තබා මුදල් ලබාදෙන ගමේ උකස්කරුවා ඔහුට මතක් වූයේ මේ අතර වාරයේය. ඒ වනවිට නිවසේ තිබූ බොහෝ දේ ඔහු උකස් කර තිබීම නිසා මෙදින උකසට තබන්නට හරි යමක් ද නොතිබිනි. අවසානයේ ඔහුට අසු වූයේ නිවසේ මුළුතැන්ගෙයි තිබූ රොටි තැටිය හා බත් උයන ඇලුමිනියම් වළඳක් ඇතුළු භාණ්ඩ කිහිපයකි.
සියල්ල පොහොර උරයක දමාගත් ඔහු නැවතුනේ උකස්කරුවාගේ නිවසේය.
හිත හොඳ පුද්ගලයකු වූ උකස්කරුවා යකෝ ඔය තියෙන්නේ දරුවන්ට උයලා කන්න දෙන වළන් ටික නේද යැයි පවසමින් එම භාණ්ඩ රැගෙන මුදල් ලබාදීම පසෙකට තබා ඔහුගේ අසල්වැසි නිවසකට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ පෙර කී පුද්ගලයා නිවසේ තිබූ රොටී තැටියක් ඇතුළු භාණ්ඩ කීපයක් රැගෙන තමන් හමුවට පැමිණ මුදල් ඉල්ලන බව බිරිඳට පවසන ලෙසය.
අවසානයේ බලාපොරොත්තු සුන් කරගත් හෙතෙම උකස්කරුට ද බැණ වදිමින් සිය නිවස බලා පැමිණියේ රැගෙන ගිය රොටී තැටිය ඇතුළු භාණ්ඩ කිහිපය ද ආපසු රැගෙන එමිනි.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1377
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අරක්කු බොන්න රොටීතැටියත් උකස් තියන්න හදලා
Pradeep Kumara Tuesday, 28 October 2025 05:38 PM
මත්වීමට ඇති ලොල්බව පවුලකට සමාජයකට කළ විනාශයක්.
මදුශා චාමලි Tuesday, 28 October 2025 06:41 PM
අපේ ගෙදරත් ඔය වගේ කකුල් දෙකේ බූරුවෙක් ඉන්නවා. ඌත් ඔය වගෙ ගේදොර බඩු සහ නිවස උකස් කර අශ්ව්‍යන් හා බල්ලන් ඔට්ටුවට තබා රේස් බයි යනවා. දවසේ හම්බකරන මුදල් සියල්ල ඒ සදහා පූජා කරා දරුවන් 4 දෙනා බඩගීන්නේ තබයි .ලංකාවේ තවත් මෙවැනි බූරුවන් සිටිද?
Pradeep KumaraTuesday, 28 October 2025 09:35 PM
ඛේදනීයයි