IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


අමුතු වචනෙට සුද්ද සිංහලෙන් අමතලා


හිඟු‍රානේ නවරත්න සමරතුංග 



ගුරුවරියක නොවන එක්තරා තරුණියක වෙත ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා යැවූ බාල වයස්කාර ගැහැනු ළමයකුට ඉගැන්වූ “අමුතු“ වචනයක් හේතුවෙන් කෝපයට පත්වූ ඇගේ මව ඇය වෙත ගොස් ශුද්ධ සිංහලෙන් ඇමතු බව කියන සිද්ධියක් අම්පාර දිස්ත්‍රික් මායිමේ පිහිටි කොළනි ප්‍රදේශයකින් වාර්තාවේ. 
එම සිද්ධිය මෙසේය. 
කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ සිට මෑතකදී තම ඥාති නිවසකට පැමිණ සිටි ඇය රැකියා විරහිත තරුණියක බවත්, ඇයට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි බවත් කියති. 
ඒ අනුව අසල්වැසි කාන්තාවක තම බාල වයස්කාර දියණිය ඇය වෙත යවා ඇත්තේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගැනීම සඳහා බව කියති. සද් භාවයෙන් යුතුව අය කිරීමක් නැතිව පන්තිය පැවැත්විණි.
මේ අතර පසුගිය වෙසක් සතියේ දන්සල් කෑමට යමින් සිටි කාන්තාවෝ පිරිසක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මහ ඇළ ඉවුරක ගමන් කරමින් සිටියහ. 
“ලබන වෙසක් පෝයට අපිත් පොල් එක්ක උම්බලකඩ දන්සලක් දෙමු” යැයි එක් කාන්තාවක් පැවසුවාය. 


එය ඇසු තවත් කාන්තාවක් “හරිම රසයි මමත් කාලා තියෙනවා”යැයි කීවාය. “ඔයාලා බල මාළුයි පොලු‍යි බතුයි කාලා තියෙනවාද?” තවත් කාන්තාවක් විමසද්දී ඔවුන් සමඟ යමින් සිටි දැරිය එක් වරම “පොල් සමඟ ..... කාල ති‍යෙනවාදැයි” ඇන්ටිලාගෙන් විමසුවාය. 
එය ඇසුණ වැඩි හිටි කාන්තාවන් සියලු‍ ‍දෙනා තූෂ්නිම්භූත වී මුහුණෙන් මුහුණු බලා ගනිද්දී ලැජ්ජාවට පත් එම දැරියගේ මව “කවුද ඔයාට ඕක කියා දුන්නේ” යැයි ප්‍රශ්න කළාය. 
“ඉංග්‍රීසි උගන්වන අක්කා” යැයි පැවසූ දැරිය “ඒකේ තේරුම නම් එයා කියාදුන්නේ නැතැයි” කිසිදු ගානකට ‍නොගෙන පැවසුවාය. 
දන්සල් කෑමට යන ගමන වහාම නතරකළ එම දැරියගේ මව ඉංග්‍රීසි ඉගැන්වූ තරුණිය සිටින නිවසට පැමිණි ශුද්ධ සිංහලෙන් බැණ වැදුනාය. 
සියල්ල අසා සිටි තරුණිය. “ඩෝන්ට් වොරි අක්කේ...! මේක මිස් අන්ඩස්ටෑන්ඩ් එකක් ! මම ළමයාගෙන් ඇහුවේ ඔයා කියන වචනයක් නෙවෙයි ...පොල් එක්ක පාන් කාල තියෙනවාද? කියල නේ.”..යැයි පැහැදිලි කළාය. එවිට දැරියගේ මව කිසිවක් නොකියා හිසේ අත ගසාගෙන ආපසු හැරි ගිය බව කියති.  
තරුණිය පැවසූ ‘බ්‍රෙඩ්’ යන වචනය දැරියට ඇසී ඇත්තේ අසැබි වචනයක් ලෙස යැයි පසුව දැනගන්නට ලැබිණ.

 



අදහස් (2)

අමුතු වචනෙට සුද්ද සිංහලෙන් අමතලා

vernon Thursday, 22 May 2025 09:03 AM

පොල් හිඟ කාලේ පොල් එක්ක උම්බලකඩ දන්සැල් දෙනවාද? අනික ඒ මොන කෑමක්ද දන්සැලකට? ඊටත් වඩා ඉංග්‍රීසියෙන් බ්‍රෙඩ් කියන වචනය ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිය යුවතිය දන්නෙ නෑ. අතේ රෝල් බොරු.

:       0       10

Gisha Jayamannna Thursday, 22 May 2025 06:04 PM

ඒ වචනෙ මොකක්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 349 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16567 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 626 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site