IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අමුතු තාලේ කෙහෙල් කැපිල්ලක්


පෝද්දල සරත් ආනන්ද ගමගේ 



කෙසෙල් ගස කපා එහි කැන කපාගැනීම සාමාන්‍ය සිරිත වුවත් සොරකු විසින් ගස තිබියදී කැන කපාගෙන ගොස් ඇති පුවතක් ගැන පසුගියදා දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් තොරතුරු වාර්තා විය.
ප්‍රධාන මාර්ගයෙන් හැරී යන අතුරු මාර්ගයක් අසල පිහිටි නිවසකි. එහි හිමිකරු මෑතක විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයෙකි. ඔහුගේ දියණිය දීග ගොස් වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටින අතර එකම පුතු අගනුවර රජයේ රැකියාවක ය. නිවසේ විවේකීව සිටින මේ හිටපු නිලධාරියා සිය බිරිඳ හා එක්ව මාර්ගය ආසන්නයේ පිහිටි සීමිත බිම් තීරුවේ අගනා ගෙවත්තක් සකසා ඇත. 
එහි නිවසට අවශ්‍ය එළවළු හා පළා වර්ග ඇතුළු ආහාර බෝග කීපයක්ම වගාකර ඇත. මේ ගෙවත්ත ගැන පැහැදී සිටි විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ විසින් ඔහුට පුවාලු‍ කෙසෙල් පැළ දෙකක් ලබාදී ඇත්තේ වගාව තවත් දිරිගැන්වීමේ අටියෙනි.
කොරටුව දෙකොනේ වළවල් සාදා ඊට අවශ්‍ය පොහොරාදිය ද යොදා ස්වාමීන් වහන්සේ විසින් ප්‍රදානය කළ කෙසෙල් පැළ දෙක සිටවූ අතර එය හොඳින් වැඩී ඇත. නිවසේ ගෙවත්තේ එකතුවන කොළරොඩු හා නිවසේ මුළුතැන් ගෙයින් ඉවත් කරන දෑත් එකතු කොට ඔහු විසින් සාදන කොම්පෝස්ට් පොහොර ද ඊට එකතු කිරීම නිසා ගස් දෙක මහත් සරුවට වැඩෙන්නට විය.


නියමිත කාලයේ ගස් දෙකේ කැන් දෙකක් ද හටගත් අතර ඔවුහු දෙපළ ඒවාට පොහොර බෑග් බස්සවා වඳුරන්ගෙන් ද ආරක්ෂා කරගෙන සිටි දින කිහිපයකින් කෙසෙල් පදුරු දෙකේම කෙසෙල් කැන් එකම රැයක අතුරුදන් විය.
පසුව සැමගේ එකඟතාවයෙන් හොරා අල්ලා ගැනීමට එකඟ වී ඒ සඳහා අසල නිවෙස්වල ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීමට පටන් ගත්තෝය. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මාර්ගයේ ගමන් කළ නිල් පැහැති බට්ටා වර්ගයේ ලොරි රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කෙසෙල් කැන් දෙක කපාගෙන ගොස් ඇති බවයි. 
ලොරි රථයේ රියදුරු විසින් රථය කෙසෙල් ගස ආසන්නයටම ගෙන නතර කළ විටදී රථයෙන් බැස එන තවත් පුද්ගලයකු වාහනයේ ඉදිරිපස ඇන්දට ගොඩවී කෙසෙල් කැන කපන ආකාරය ආරක්ෂිත කැමරාවේ නිසි ලෙස සටහන් වී තිබී ඇත. 
මෙම සිද්ධිය ප්‍රදේශයේ පමණක් නොව ආසන්න වෙනත් ප්‍රදේශ වලටද ආරංචි වී ඇති අතර එහිදී දැනගන්නට ලැබී ඇත්තේ වෙනත් ප්‍රදේශවලද මේ ක්‍රමයට කෙසෙල් කැන් හොරු කපාගෙන ගොස් ඇති බවයි. 
මාර්ග ආසන්නයේ කෙසෙල් කැන් හොරු කපන අලු‍ත්ම ක්‍රමය මෙය බවත්‍, කෙසෙල් කැන් කපාගෙන යන හොරුන් විසින් එයට ”‍ගස තොට - කැන මට”‍ යනුවෙන් නමක් තබා ඇති බවත් වැඩිදුරටත් කීවේය. 



අදහස් (2)

අමුතු තාලේ කෙහෙල් කැපිල්ලක්

vernon Friday, 12 September 2025 08:56 AM

ඉස්සරත් ගම්වල හොරෙන් කෙහෙල් කැන් කපාගෙන ගියා. මෙතන පත්තරේ දාන්න තරම් දෙයක් තියෙනවද? තව ඕන නම් හොරෙන් පොල් කඩන ඒවා, කොස් ගෙඩි බාන ඒවා, ඒවත් දාන්න.

:       3       7

ගුණරත්න Friday, 12 September 2025 11:24 PM

මටත් ඕකම වුනා, තාප්පෙට නැගලා කැන් කපාගෙන ගිහින් තිබ්බේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31229 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13398 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 915 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site